ඩයනා උදයංගනී
පසුගිය කාලයේ සිදුවූ වංචා දුෂණ පිළිබඳ නඩු විභාග කිරීම සඳහා විශේෂිත අධිකරණ තුනක් පිහිටුවීම ඉදිරි දෙසතියක පමණ කාලයේදී සිදුවන බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒ සඳහා වන පනතේ කටයුතු අවසන් කර තිබෙන බව කී අමාත්‍යවරයා එම අධිකරණ පිහිටුවීමෙන් පසු දිනපතා නඩු ඇසීම සිඳුකරන බව ද කීවේය.
පසුගිය කාලයේදී දුෂණ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද වූ නිසා චෝදනා තිබූ අය තමන්ට විරුද්ධව බොරු චෝදනා කරන බව කියමින් මැතිවරණයේදී වාසි ලබාගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
අගමැතිවරයා හිටපු ජනාධිපතිවරයාව ආරක්ෂා කරන බවත් සමහරු කියනවා. ජනාධිපතිතුමාත් එවැනි අදහස් ප්‍රකාශ කර තිබුණා නේද ? යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියෙක් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර එහිදී අමාත්‍යවරයා මෙසේ පිළිතුරු දුන්නේය.
‘‘ ජනාධිපතිතුමා කියනවා නම් කියන්නේ මොනවා හරි දැනගෙනයි. රාජපක්ෂලා සහ ඔවුන්ගේ ගැත්තන්ට ඇති මිනීමැරුම් සහ මහා පරිමාණ දුෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වූ ආකාරයෙන් කටයුතු සිදුවුණේ නැහැ. එය වුණේ මොන සම්බන්ධයකින්ද කියා මම දන්නේ නැහැ. නමුත් ඉදිරියේදී ඒවා හරියට සිදුවෙනවා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නැහැ. දැන් ඕවගේ උණුසුම ගිහින් මැතිවරණයේදී බඩ කට පුරා කපු නිසා දැන් මතක්වෙලා නේද?
මේ වාචාලයින් ඇත්තක් කිව්වත් මිනිසුන් පිළිගන්නේ නැති තරමට බේගල් දෙසාබාන කෙනෙක් තමා මේ ඉන්නේ... අද දවසෙත් පිනට කෑම කෑවේ... ඔබේ, අපේ අහිංසක දුක් මහන්සියෙන් ලේ, කඳුළින් උපයාගත් මුදලින් නොවේද?
බැඳුම්කරේ නඩුව ගන්න නේද ඔය වලි කන්නේ? දූෂිතයෝ අල්ලනවා කියලා බලය ලබාගෙන රටේ සාරය එළිපිට සුරාකාපු කප්පරක් දුෂිතයින් හට පැත්තකට වෙලා සුවසේ ඉන්න හැර "බැංකු කොල්ල සර්කස් එකක්" නිෂ්පාදනය කර රටපුරා බෙදා හැර එජාපය දණගස්සපු එක විතරයි නේද මේ අවුරුදු තුනටම කළේ? දූෂණ නඩු අහන්න යනකොට අත්අඩංගුවට ගන්න එපා කියමින් උසාවි නියෝග ගන්න එක නවත්වන්න පුළුවන්ද? අද (21) ලසන්ත ඝාතනය පිළිබඳව පැය ගාණක් ලියාගත්තු කට උත්තරයේ නම් කියවුණු හිටපු පොලිස්පතිවරු සහ රණවිරුවෝ කියන කට්ටියක් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර එම විමර්ශණ කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා තියෙනවා නේද? එක වහලයට ජීවත් වෙමින් ආණ්ඩු කරන අය, හොරු කවුද කියා හොයාගන්න රණ්ඩු සරුවල් කරනු දකින ජනතාව මේ හොරුන්ගෙන් අපිට වැඩක් නැතිබව කියා ඇහැට පෙනෙන්න වැඩක් කරපු හිටපු හොරු මීට වඩා හොඳ යැයි තීන්දු කළ බව දැන්මම අමතකද? දෙවෙනි කොමිසම් පොත් දෙක පෙන්නලා ඔය කියන උසාවි ආරම්භ කරනවා කිවේ ඡන්දයටත් කලින්. මිනිස්සු හිතුවේ කතා කරපු තාලෙට මාර්තු වෙනකොට හොරු ටික ඉඹුල් ගහේ කටු ගණන් කරනවා ඇති කියාය. කතාව ඇති. දැන්වත් කියපුදේ කරලා පෙන්වන්න.
පළවෙනි නඩුව මහබැංකු මංකොල්ලය වියයුතුයි. ඉස්සා ඔලුවේ ජරාව තියාගෙන මම සුදනා කියල කෑගහනවා වගේ තමයි කතා කරන්නේ...
කළ යුත්තේ අධිකරණ දැමීම නොව සරත් ෆොන්සේකා මහතාට නීතිය සහ සාමය ඇමතිකම දීමයි.
පළමුවෙන්ම තමුන් උසාවි විත්තිකූඩුවට නැග්ගා නම් හරිනේද? නැව්ටික ගත්ත ක්‍රමය වංචාවක් නිසා...
මෙයා පහුගිය ආණ්ඩුවේ ධීවර ඇමැතිකම් දරද්දී, මෝදර ධීවර වරයා බදු දීමේදී සිදුවූ වංචාවත් එම අධිකරණයේද විභාග කරන්නේ?
හොරු රජ කරන්නේ හොරු නිසාම බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. දන්ත වෛද්‍යවරයෙක් නැව් හිමිකරුවෙක් වෙන්නෙත් මෙතුමා කියන මේ නාටකය තුළමය. දේශපාලකයින්ගේ බොරු බේගල් සහ බොරු කයිවාරු ජනතාවට තවමත් ප්‍රියජනකය. නීතිවල අඩුපාඩු කියමින් කාලය වැය කර ගොස්තරය නිවා ගැනීමක් අපි දකින්නෙමු.
ජනපතිතුමාට... වුවමනාව එජාපය විසුුරුවා හැර මහින්ද හොරු සමඟ අාණ්ඩු පිහිටුවලා.. එජාප අයට විරුද්ධව නඩු පවරන්න.
ඉක්මනින් නඩු අසා හොරුන්ට දඬුවම් දෙමු .
Meya aththa kivwath wiswasa koranna beri kenek.
එතකොට ඔබට තියෙන නඩු අහන්නේ කවුද...කවදාද....අපිට අමතක නැහැ ඔබලා ...දිල්රුක්ෂි මැතිනියට කරපුදේ....ලැජ්ජයි..
එම අදිකරණයට ඔබ තුමා යන්න සුදානම්ද ?
මේ වචාලයාගේ පැටිකිරියත් ඔය කියන උසාවියේදීම නඩුවක් විදියට අහන්න ඕනේ. මෙයාට තනිකරම තියෙන්නේ දේශපාලන කුහකකම, වයිරය. ගමේ මිනිස්සුන්වත් මෙයාව පයිසෙකට ගණන්ගන්නේ නැහැ. මෙය තනිකරම පුස් වෙඩිල්ලක්.
දත් ගලවල නැව් ගත්ත මේ වාචාලයව මුලින්ම ඔය අධිකරණයට අරන් ගිහින් දැඩි දඩුවම් දෙන්න හැමෝටම ආදර්ශයක් වෙන්න.
ඔක්කොටම කලින් මේ රාජිත කියන වන්චාකාරයා සොරාගත් මුදල් ගැන සොයා බැලිය යුතුයි.මේ රටට විශාල හානියක් කරන නින්දිත දේශපාලුවෙකි.බොරු කියමින් මොහු කරන්නේ ලොකු විනාශයකි.
සරත් ෆොන්සේකා මහතාට නීතිය සහ සාමය ඇමතිකම ලබා දෙන්න
එතකොට මු කරපු දේ වලට මොකුත්ම වෙන්නේ නැතිද ? හරියට ලෝකයේ ඉන්න සුපිරිසුදු පුද්ගලයා මොහුද? මහජනතාව මෙයාට පිළිතුරු දුන් වග අමතක වී ඇති හැඩයි, හොර තක්කඩි ,
මේ තරම් කයිවාරු ගහන කට වාචාලයෙක් දේශපාලන ඉතිහාසයේම නැහැ ..පිටවෙන හැම වචනයකම තියෙන්නේ වෛරය......
කැළණි ගඟෙන් නාල එන්න කියන්න. යූ එන පී එකට මේ තියෙන Pන්ද ටිකත් නැති කරලා දෙයි.
එහෙනම් පහුගිය කාලේ එකතුවෙලා ආණ්ඩු කරන්න සාකච්ඡා කලේ අපුරුවට. මං දැක්කා පසුගියදාක පත්තරේ මුල්පිටුවේ ජනාධිපති දියණිය මහින්ද මහතාව හමුවී බොහොම සතුටින් හිනහවේගෙන ඉන්නා විශාල පොටෝ එකක්. ඒකෙ ශීර්ෂ පාඨය තිබුණේ 'ජනාධිපති තාත්තෙක් හමුවුණ ජනාධිපති දියණිය' යනුවෙන්. මාතර පැත්තේ මගුල් ගෙදරකත් මහින්ද මහතාත් සමග බොහොම අගේට හිනහවෙවී සිරිසේන මහතා හිටියා. දඬුවම් දෙන්න හදනවා නම් එකතු වෙන්න හදාවිද?