සැලසුම් සහගතව උතුරේ මත් ද්‍රව්‍ය ව්‍යාප්ත කර ඇතැයි යාපනයේ ක්‍රිකට් තරඟාවලියක ත්‍යාග ප්‍රදානෝත්සවයේදී උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.
‘අපේ තරුණයන් කලකට පෙර අවි අතට ගත්තා. ආණ්ඩුවලට බලපෑම් කළා. විදෙස් රටවල උපකාරයෙන් ඔවුන් විනාශ කළා. දෙමළ තරුණයන් යළි කැරළි නොගැසිය යුතුයි. සමගියෙන් ක්‍රියා කළ යුතුයි. අධ්‍යාපනයෙන් ජය නොලබන තැනට ඔවුන් ඇවිදින මළ මිනී තත්ත්වයට පත්වන තැනට කටයුතු කිරීමේ අදහස සමහර නිලධරයන් හා ඇමැතිවරුන් අතර තියෙනවා. උතුරු නැගෙනහිර තරුණයන් යළි නැගිටිනු ඇතැයි සිතා මත් ද්‍රව්‍ය භාවිතය සැලසුම් සහගතව හඳුන්වාදී ඇති බව පෙනේ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිවිතුරු යහපාල, මෙරටේ ඉපදෙන ඕනෑම ජාතිකයෙකුට ශ්‍රී ලංකාවේ අයිතිය තියෙනවා. ඔබට තියෙන අයිතියම දෙමල මිනිහාටත් තියෙනවා. මිනිස්සුන්ගේ හිත රිදවන්න එපා. (ර)
යහ පාලනේ උතුරේ රජතුමා එතුමනේ (බ)
එයාලට ඉතින් ප්‍රශ්නයක් නැතුවම බැහැනේ (නි)
ලලිත්,ඔයාගේ කතාවට මට හරියට හිනා. (නි)
මහත්තයෝ, ඉන්දියාවෙන් ගිහින් කියපු කතාව අමතක වුණාද? (නි)
ඔය කියන කතාව ඇත්ත නම් අපි ඒ ගැන දුක්වන්නේ නැත. (නි)
ලලිත් නැමැත්තා කියන්නේ සුරංගනා කතා. මෙහෙම සරල කතාවක් නෙමෙයි මේ කියන්නේ. (නි)
අපි නම් ගොඩාක් සතුටුයි (නි)
සතුටුදායක ආරංචියක්. (ර)
සිංහල අය හිතන විදියට හැමදේම වෙනවා නම් හොඳයි. ඒත් එහෙම වෙන්නෙ නැහැනේ (නි)
මෙහෙම චෝදනාවක් කවදාවත් උතුරෙන් අහන්ට ලැබුණේ නැහැනේ. . ඕන්න ඉතින් දැන් උත්තර දීපල්ලකෝ. (බ)
මෙහෙව් කතා ප්‍රසිද්දියේ කියන්න තියෙන අයිතිය මොකද්ද ? කවුද එයාට මේ ආරංචිය දුන්නේ ? මේ චෝදනා ඔප්පු කරන්න මෙයාට පුළුවන් ද ? (ර)
ඇත්තටම සිංහල දෙමල අපි උඹල කා කොට ගන්නකොට කරදර උනේ අපි දෙගොල්ලන්ටම තමයි, පමාවෙලා හරි උඹල මේ ටික තේරුම් ගත්තත් අපේ එවුන් තාම දියබුන් ගහනව, අපි දෙගොල්ලෝ සාමදානයෙන් මේ ගමන් නොගියොත් අපේ වල අපිම කපා ගැනීමක් වෙනවා. ඒ නිසා ලැබුන මේ ස්වර්ණමය අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමු . සමාවෙයල්ලා උඹ කීවට. එහෙම කියවුනේ සහෝදරකමට මිසක් උඹලව පහලට දාන්නනම් නෙවෙයි. (ර)
චෝදනා නම් ඉවරයක් නැහැ (නි)
ජයා උඹ හරි (බ)
නන්දලාල්, මහේස්ත්‍රාත් අධිකරණයෙන් පටන් අරන් ශ්‍රේෂ්ටාධිකරණයේ විනිසුරුවරයෙක් උන විග්නේශ්වරන් මහත්තයට චෝදනා ඔප්පු කරන හැටි හොඳට පුළුවන් ඇති.(නදී)
ජයලලිතාගේ ගුලියක් කාල වගේ.? (ර)
මෙයාල දැන් කියන තරමක් කියන්නේ අපිට වෙනම රජයක් ඕනේ කියල. අපේ මිනිස්සුන්ට මේක තේරෙනවනම් ලොකු දෙයක්. මෙයාලගේ කාලේ හොඳ හින්ද යුද්දෙන් ගන්න බැරි වුන දේ දැන් නිකන්ම ගන්න හදනවා. (බ)
පිටබැද්දර ජයා, ඔබ 100% ම හරි ඉතාම සාධාරණ කතාවක් කියලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවනි නේ ලංකාදීපයේ මේ පිටුව යොදාගන්න සිංහල, දෙමල , මුස්ලිම්, මැලේ, බර්ගර් ආදී අපේම සහෝදර ජනතාවගේ අදහස් එකතුකරගෙන සාධාරණ නිවහල් නිදහස් සමාජයක් කරා යන ගමනට අපිට හැකි පමනින් උරදෙන්න. අපේ රටේ ඉන්න හැම ජාති ආගම් වල අයගේම අදහස් දාලා අලුත් නැවුම ආකල්ප හදන්න පටන් ගත්තොත් අපේ රට තරම් විශිෂ්ට රටක් මේ ලෝකයේ තවත් නැතිවන්න ඉඩතියෙනවා. හැම ජාති ආගම් වලම සහෝදර සහෝදරියන්ගෙන් මම ඉල්ලීමක් කරන්න කැමතියි අපිත් එක්ක එකතුවෙලා අපේ අදහස් වලින් අපිව පෝෂණය කරමු කියලා. (ර)
මහින්ද මහත්තයා ඉන්නකොට කටක් ඇරපු නැති විග්නේශ්වරන් මහත්තය මෙහෙම කතා කරන්නේ කුමන හයියක් අරගෙනද.? මේකද අපි ලබාදුන්නු නිදහස හෝ වෙනස.? (නදී)
රට ගැන හිතුවොත් හොඳා රංගන නවත්තලා. (ර)
උතුරේ දේශපාලකයන් ශාන්තුවරුන්ද (නදී)
කොටින්ට කත් ඇදපල්ලා වුන්ට රට දීපල්ලා. අපව බේරාපල්ලා කියලා ඊට පස්සේ අඬපල්ලා.(ම)
සැලසුම් සහගතව මත් ද්‍රව්‍ය ව්‍යාප්ත කලේ උතුරේ පමණක් නොවේ. දකුනෙත් ඒක උනා. විෂේශයෙන් පසුගිය ආණ්ඞු කාලේදි. රටේ තරුණ පරපුර මතට යොමුකර තිබෙන තරමට පාලකයන්ට සුබදායකයි. පියාගෙන් පසුව පුත්‍රයා රජවෙලා සැලසුම් සහගතව දීර්ඝ ගමනක් යන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. තරුණ පරපුර මත්වෙලා දොයි. (නදී)
ඔන්න වෙනස ගැන කතාකරනවා , දැන් සනීපද (නදී)
කොටි තමා කුඩු ලංකාවටම බෙදා හැරියේ දැන් කොහොමද කල කල දේ පල පල දේ (නදී)
පදුම, ඔය මහින්ද මහත්තයත් හරියට අපේ ලොකු ඉස්කෝලේ මහත්තය වගේ. වෙව්ල, වෙව්ල තමයි ඉස්කෝලේ පුරාම සක්මන් කරන්නේ. ළමයි විතරක් නෙමෙයි ගුරුවරුත් වෙව්ලනවා එනවා දැක්කම. එතුමා මොන වරදක් කලත් කවුරුවත් කට අරින්නේ නැහැ බයට. නමුත් වේවැල වනන ගමන් ඉස්කෝල වත්තේ පොල්ටික කඩලා විකුනගන්නවා. සල්ලිටික එයාගේ සාක්කුවට. පිට්ටනියේ තණකොළ කන්න ගමේ මිනිස්සුන්ට කිරිහරක් බඳින්න දීල උන්ගෙන් පිනට කිරි ගෙන්න ගන්නවා ගෙදරට. ළමයින්ට කෘෂිකර්මේට වවපල්ලා කියල එලවලු ටික පොලට යවල සල්ලි ටික ගන්නවා. මෙව්වා දන්නේ නැති උදවිය කියනවා හරිම හොඳ ලොකු මහත්තය කියලා. (නදී)
සමහරුන්ට විග්නේශ්වරන් මහත්තයාගෙ "කථා කිරීමේ නිදහස" ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනව වගේ. මේ රටේ ඕනෑම කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ඇයි මීට වඩා දරුණු කථා (ද්‍රවිඩයින් හමුදා කෑම්ප් වලට ගල් ගහනවා, උතුරේ කොටි කොඩි ඔසවෙලා වගේ ඒවා) දකුනේ පරාජිත නායකයින් කියනවා ඇහුනේ නැත්ද? පහුගිය කාලේ රාජපක්ෂ ආන්ඩුව වෙලේ සුදාලව ආරක්ෂා කරපු විදිහට මේවායේ ඇත්තක් තියෙන්න පුලුවන්. උතුරේ හෝ දකුනේ මත්ද්‍රවය භාවිතය මැඩලීමයි කල යුත්තේ..(නදී)
අවි සහ කුඩු ලොව පුරා බෙදාහැර තමා කොටි මුදල් හෙව්වේ. දැන් එයාල සුදනුන් කරන්න හදනවා උතුරේ මහා ඇමති. (බ)
මහ ඇමතිතුමාට බැනල වැඩක් නෑ මත්ද්‍රව‍්‍ය නිවාරණයට වැඩ කරනව මිසක්..අනික මේ දුම්වැටි නිවාරණ සතිය..උතුරෙ විතරක් නෙමේ දකුණත් මත්ද්‍රව‍්‍ය වලින් වෙලාගෙන ඉවරයි..ඒත් අපේ දේශපාලුවො ඒව කතා කරන්නෙ ඡන්දෙකදි විතරයි. (බ)
මෙයාලගේ මිනිසුන් කරන හැම වරදක්ම සිංහල මිනිසුන් මත පටවන්න හදන්නේ. එතකොට ලෝකයාගේ අනුකම්පාව දිනාගන්න ලෙසිනේ. අනුන්ට චෝදනා නොකර තමන්ගේ මිනිසුන්ව හදාගන්න.(ම)
උතුරට කුඩු හා අනෙක් මත්ද්‍රව‍්‍ය එදා ඉඳලම ගෙනාවේ කොටි හා උන්ගේ සහචරයින්. අපිට මොකුත් කියන්න එපා (නි)
උතුරේ අය තොත්ත බබාලා ද? කුඩු එන්නේ අසල්වැසි තමිල්නාඩුවෙන් වෙන්න ඇති. කොටි තමයි මුළු රටම විනාශ කලේ. (ස)
මෙයා නිකම්ම ඉඳගෙන බළලුන් ලවා කොස් ඇට බාවන්න වගෙයි . වැරදි කිය කියා තමන්ගේ වාසියට වැඩ කරගන්න තමයි උවමනාව. අද වෙනතුරු කිසිම හොඳක් නැහැනේ.එකම දෙයක්වත් හොඳ නැහැ.කොච්චර දුන්නත් අඩුපාඩුමයි කියන්නේ. අනේ මන්දා! (නි)
"දෙමළ තරුණයන් යළි කැරළි නොගැසිය යුතුයි. සමගියෙන් ක්‍රියා කළ යුතුයි...කියල විග් කියනවා. ඒ කියන්නේ කැරලි ගහන්න ගියොත් උතුරේ තරුණ ජනතාවගේ ඌනතාවයක් ඇතිවෙයි කියල මිනිහට බයක් තියෙනවා. අනික සමගි වෙන්න කියල කියන්නේ සිංහල හෝ අනික් ජන කොටස් සමග නොවෙයි ද්‍රවිඩ තරුණ යින් පමණක්. ඔවුන් කුඩු ගහන්න ගත්තොත් අනාගත "දේශපාලන" සටනකට තරුණයෝ සොයා ගන්න බැරිවෙයි කියන බයත් මිනිහට තියෙනවා. හැබැයි දකුණේ තරුණයින්ට ඕක පොවන කොට නිහඬව හිටපු එක එයා කොළඹ ඉඳන් කරපු නීති රස්සාවට ගැලපෙන්නෙත් නැහැ. (බ)
හොඳින් තම ඇස් විවරකර මෙහි සත්‍යතාවය දකින්නට ඔහුට හැකිවේවා! (නි)
සත්‍ය මහත්තයෝ,බලාගෙන.එතුමාගේ හිත රිදේවි.එහෙම වුණොත් සිංහලයාගේ හිත රිදුනා වගේ නෙමෙයි.කට වරද්දා ගන්නේ නැතුව කළගුණ සළකලා එතුමාව සතුටු කරන්න (නි)
මේ රට ගැන ආදරයක් නැති, තමන්ගේ රට ලෙස කියන්න අකමැති, කොටි වෙනුවෙන්ම පෙනීසිට මේ රට විනාශය කරා ගෙනයන අය හැමවිටම මේ රටේ දියුණුවට අකුල් හෙළයි. මොහු මේ ගැන කතා කළයුත්තේ ඔවුන්ගේම නෑදෑයින්ටය. (නි)
පිටබැද්දර ජයා මහත්තයෝ,සුළු ජාතික දේශපාලනය රැඳිලා තියෙන්නේ ජාතිවාදය මත. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි.හෙටත් එහෙමමයි. විග්නේශ්වරන් මහත්තයත් දැන් රටාව අල්ලාගෙන. ගිනි තියන තරමට තමයි එයාලගේ දේශපාලන පැවැත්ම තියෙන්නේ.ගිනි නිවන එකෙන් නෙමෙයි.අපි මොනතරම් සහෝදර දෑත දිගු කළත් වැඩක් නැහැ. (නි)
සමහරුන්ගේ අදහස් දැක්කම ඇත්තටම ලාංකිකයන් හැටියට අපි තාම කොතැනද ඉන්නේ කියලා හිතෙනවා. දකුණේ සමහර දේශපාලකයෝ පොලීසියට ගල් ගහලා මරන්න කතා කරද්දී උතුරු මහා ඇමතිට බැරිද තමන්ගේ මිනිස්සු වෙනුවෙන් කට අරින්න? අපි කතාකළොත් කතා කරන්නේ සාමකාමී සාධාරන සමාජයක් ගැන. ඒත් සමහරු තාමත් වැඩවසම් යුගයෙනුත් එහා ඉන්නේ (නි)