ශ්‍රී ලංකා ආණ්ඩුවට දෙමළ ජනතාවට හෝ සුළු ජාතීන්ටද උදව් කිරිමේ අවශ්‍යතාවයක් නොපවතින බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇතැයි ඉන්දියාවේ පළවන "ද හින්දු" පුවත්පත වාර්තා කර සිටී.
පැවති රජයන්ද මෙය ඒ ආකාරයෙන්ම සිදුකළ අතර එය ශ්‍රී ලංකා ආණ්ඩුවල ගති ලක්ෂණයක් බව ඔහු පෙන්වා දී ඇත.
ඇමෙරිකාවේ ඕක්ලන්ඩ් ආයතනය අන්තර්ජාලය ඔස්සේ පැවති ජාත්‍යන්තර මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මෙම අදහස් පළ කර තිබේ.
එමෙන්ම දෙමළ ජාතීන්ට හා සුළු පක්ෂ වලට උදව් කිරිම සඳහා ශ්‍රී ලංකා රජයට බල කළ යුතුව පවතින බවත්, ජාත්‍යන්තරය හරහාද ශ්‍රී ලංකා රජයට බලපෑම් කළ යුතු බවත් ඔහු එහිදී පෙන්වා දී ඇත.
හමුදාව විසින් උතුරේ ජනතාවට ඉඩම් ලබාදුන්නද ඒවා නිසරු ඉඩම් බවත්,සරු බිම් තවදුරටත් හමුදාව භාරයේ පවතින බවත් සී.වී.විග්නේෂ්වරන් මහතා මෙම සාකච්ඡාවේදී පවසා තිබේ.
උතුරේ ඉදිකර ඇති හෝටලය සම්මන්ත්‍රණ ශාලාවක් සඳහා භාවිත කිරිම සඳහා යොදා ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට දැනුම් දී ඇති බවද උතුරු මහ ඇමැතිවරයා පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට කොච්චර හොඳට සැළකුවත් කිසිම කෙළෙහිගුණයක් නැති ජාතියක්.උතුරට කුඩම්මාගේ සැළකිලි නම් දකුණේ ඉන්න මිනිසුන්ගෙන් උදව් ඉල්ලන්නේ නැතුව බටහිරට කෙඳිරිගාලා වැඩක් නැහැ. (නි)
නැවත රටේ අවුලක් ඇතිකළොත් එයට වගකිවයුතු සියලුම පක්ෂ වලට ජනතාව විසින් නිසි දඬුවම් ලබාදෙනවා ඇත (නි)
ජාතිවාදය නැතුව ඉන්නම බැරිද? (නි)
බලාගෙන ඉන්නේ මොනවා කියනතුරුද දන්නෙ නැහැ (නි)
ප්‍රශ්න නම් ඉතින් කොහෙද නැත්තේ? (නි)
කටින්ද මේ කියන්නේ ? ඕස්ට්‍රේලියාවේ තානාපතිකමටත් ද්‍රවිඩ කෙනෙක්ව පත් කරලා තියෙන්නේ . අග විනිසුරුත් එහෙමයි. දෙහි නෙවෙයි මස්සිනාට හරියන්න ඕන නම් වට්ටක්කා කපා ගන්න (බ)
අපි නම් දැන් කාටවත් දෙහි කපන්නේ නැහැ. මෙතුමාගේ මස්සිනා මතක් වෙන්නත් එක්ක වට්ටක්කා තමයි හතර අතට කපන්නේ. (බ)
කෝ මේ බන්දුල පෙරේරා. (බ)
කොපමන ගුණ කලත් දුදනෝ නොවෙති යහපත් කිරි දියෙහි දෙවූවත් අඟුරු සුදු වන කලක් නම් නැත් (බ)
බනිනවා විතරයි. මොනවත් කරන්නේ නැහැ. (ත)
මේ මහත්තයා, හැම ජාතියකටම ප්‍රශ්න තිබෙනවා. (ත)
හැම පැත්තටම හොඳ මුහුණ පෙන්වාගෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් කියලයි මට හිතෙන්නේ. (නි)
මේ මනුස්ස්යනම් මහා දෙපිට කාට්ටු මනුසයෙක් , ජනපති තුමා උතුරට ගියාම ඇවිත් සර්දාවෙන් පිලිගන්නවා දැන් බයිලා ගහනවා , මෙයාලට මොන දොලපිදේනි දුන්නත් හරියන්නේ නැහැ . ඉල්ලනෙම රට කඩන්න හැබැයි මෙයාල පාඩමක් ඉගෙන ගන්නෙම දෙමල සාමාන්‍ය ජනතාවගෙන් , මතකනේ අමිර්තලිංගම්ට වුන දේ ?(බ)
ඉඩම් දෙනවා නම් නුඹට කන්න දෙනවා නම් නුඹට මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නේ? (බ)
රටක් විදියට නොහිතන මිනිස්සු තමයි නියම ජාති වාදියෝ කියන්නේ මේ කට්ටියට තමයි.(බ)
මේ ශ්‍රී ලාංකිකයෙක්ද ? සිංහල මිනිස්සු නිවට කියල හිතන්න එපා තාම බෝම්බ තියනවා (බ)
බලමු දෙහි වැඩ කරයිද කියල. (බ)
මෙයා දැන් වැඩ කරන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් නෙවෙයි . අර කුනුහරුපක්කාර වෙනුවෙන් .කරන කියන දේවල් වලින් ඒක පේනවා. (බ)
මෙයා කියන බොරු. මේ ළඟදිත් රජයේ රැකියා නිපුණතා පුහුණු කරවන ආයතනයකින් නිලධාරීන් යාපනයට ගියා . මෙයා එම උත්සවයේ හොඳට මුලාසනයේ හිටියා. ඒ කාර්යයට මම අඳුනන මහත්මියක් සහභාගී වුණා. ඒ නිසා තමයි මම මේක හොඳටම දන්නේ .අතේ පැල වෙන බොරු මෙයා කියන්නේ. (බ)
මෙයා මොනවාද උතුරේ ජනතාව වෙනුවෙන් කරලා තියෙන්නේ ? එන එන ආණ්ඩුවට බැන බැන උතුරේ උත්සව වල මුල් පුටුවේ වාඩි වෙලා ඉන්නවා විතරයි. (බ)
ඔබ උගතෙක් වුණාට බුද්ධිමතෙක් නොවන බවයි අපිට නම් හැඟෙන්නේ. ඒ ගැන අපි කණගාටු වෙනවා. (නි)
මෙතුමාත් එකයි. මස්සිනාත් එකයි. (ත)
මේ වගේ අය කියන දේවල්වලට කුලප්පු වෙන්න හොද නෑ. (ත)
උගත්කම ජාතිවාදයට අනුබල නොදෙන බව උඩ පැන පැන බෙරිහන් දෙන මේ රටේ බහු ජාතික බහු ආගමික උගතුන් දැන් පවසන්නේ කුමක්ද? ඉන්දියාවේ වත් දෙමල බසට ලැබී නැති අයිතියක් මේ රටේ ලැබී නැද්ද?. ඔවුන්ට ඕනා තනිකරම වෙන ම රජයක සහ මුළු රට තුලම ඔවුන්ට ඇවසි විදිහට ජිවත් වීමේ අයිතිය මිස වෙන දෙයක් නොවේ. (ම)
මේ වගේ එවුන් නිසා තමයි අහිංසක ද්‍රවිඩයෝ ඉල්ලන් කන්නේ. සිංගප්පුරුව, මැලේසියාව වගේ රටවලත් ද්‍රවිඩ මිනිස්සු ඉන්නවා තමන්ගේ දෙයක් කරගෙන කිසි කරදරයක් නැතුව. මෙයාල හිතාගෙන ඉන්නේ ලංකාව තමිල්නාඩුව ලගින් තියන නිසා ලංකාවේ මහා ජාතිය මුන් කියල. (බ)
මෙයා හදන්නේ ප්‍රභාකරන් යුද්දෙන් කරන්න හදපු දේ පිටරටවල් මුලාකරලා ඒ මුවාවෙන් කරගන්න. හෙට්ටි වීදීය වැල්ලවත්ත ගැන කිසි දෙයක් කියන්නේ නැහැ. ඒ අයත් කොන්වෙලාද ඉන්නේ? වසර 30 ක් තිස්සේ නොදුන් දේවල් නිකන්ම කරගන්න වගෙයි. යුද්ධ කාලය තුල සිදුවුණු සිවිල් ඝාතන සෙබල ඝාතන නිකන්ම නිරපරාදේ ගියාවත් වේවිද? (බ)
ඔය බිම් නිසරු කළේ වෙඩි බෙහෙත් හලලම, ඔයාලගේ මස් වැද්දා ප්‍රභාකරන්. ඇයි දැන් හමුදාව ඉන්න බිම ඉල්ලන්නේ, හමුදාව ඉවත් කරන්න කියල කෙලින් කියන්න බැරි නිසාද?. අපි කොන්ඩේ බැඳලා නෑ හරිය. රටේ කොතනත් තියෙන්නේ එක නීතිය හරිය, උතුර, දකුණ, නැගෙනහිර බටහිර ඕන තැනක හමුදාවට පොලිසියට ඕන වෙලාවක යන්න, එන්න, ඉන්න, පුළුවන් හරිය. වෙනම රජයක් හදන්න ඕන නං, යන්න තමිල්නාඩු (බ)
මොනවද මේ කතා? අපිත් සමඟ දෙමළ අය නියම යාලුවෝ වගේ ඉන්නවා. (නි)
මෙතුමා ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරුවරයෙක්ව සිටියදී අපක්ෂපාතිතත්වය නිසා හැමෝගෙම ගෞරවය දිනා සිටි කෙනෙක්. විශ්‍රාම ගිහින් දේශපාලනයට බැඳිලා දැන් ඒ ගෞරවය විනාශ කරගෙන.(ම)
මේ අයගේ පැවැත්ම තියෙන්නේ මේ අකාරයටයි. අපිට ඉතින් ලජ්ජාවෙන් හරි මේ අයගේ රැවුම් ගෙරවුම් වලට මුහුණදෙන්න වෙනවා ජීවිත කාලයටම. (නි)
කට වහගෙන තියෙන දෙයක් කාල ඉන්නවා හලෝ!! (කේ)
අපේ බදු මුදල් වලින් පඩි අරගන සිංහල අපිටම බනිනවා .(කේ)
හැමෝටම පෙනෙන්නේ ඉතින් වැරදි විතරනේ! (නි)
ආ! පටන් අරගෙන තියෙන්නේ ඒ ගමන... (නි)
ඉතින් යන්න බැරියෑ ඉන්දියාවට. (නි)