ශ්රී ලංකාවේ මාර්ග කාපට් අතුරා උසස් ප්‍රමිතියකින් ඉදිකර ඇති හෙයින් වාහන පැදවීමේ වේගය ටිකක් වැඩි කළ හැකි බව තම අදහස යැයි මහින්ද රාජපක්ෂ ජනපති ගල්ගමුවේදී ප්‍රකාශ කළේය. පාදෙණිය අනුරාධපුර නව මාර්ගය විවෘත කිරීමෙන් පසුව ගල්ගමුව ක්‍රීඩාංගනයේදී එසේ පැවසීය.
වාහන ධාවන වේගය සම්බන්ධයෙන් පොලීසිය සතු නීති රීති කල් පැන ඇති බව පෙනේයැයි ජනපති ටිකක් වේගයෙන් ගමන් කිරීමට ඉඩ දිය යුතුව ඇතැයි ද ජනපති සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරවල් හා වාහන දියුණු වුණාට අපේ රටේ ජනතාව නොදියුණු බැවින් අනතුරු දෙගුණයකින් පමණ ඉහල යා හැකිය.(නදී)
ඉතා හොඳ වැඩක්. උපරිම වේගය මෙන්ම අවම වේගයකුත් පැනවිය යුතුයි.(නදී)
ජනාධිපති තුමෙනි පාරවල් හොඳට හදල තියෙනවා. නමුත් පේමන්ට් එකයි කානුයි නැති හින්ද පයින් යන , බයිසිකල් වල යන මිනිස්සුත් යන්නේ පාරේ නේ.(නදී)
මිනි පෙට්ටි කඩ මුදලාලිලා හරිම සන්තෝස ඇති.(නදී)
අතිගරු ජනපති තුමනි, හැමදේම හිතල කරන්න වෙන්නේ. ඔය ඇමරිකාවෙන් කිසිම රටකට යහපතක් නම් වෙන්නේ නැහැ.(නදී)
විශිෂ්ට තීරණයක්. (නදී)
කාපට් අතුරා තාර දැමුවත් මෙය මග මරුවන්ට බලපත්‍ර ලබාදීමක් වැනිය .(නදී)
ට්‍රැෆික් රාළහාමිලට තමයි පාඩු! (නි)
ඇත්තටම අදහස හොදයි. මොකද දැන් මාර්ග නීති ගොඩක් තියෙන්නෙ ආදිකාලේ ගෙනාපුවා. පාරවල් ටිකත් හොඳට තියෙනවා. වාහනත් දැන් ගොඩක් වෙනස්. නවීන තාක්ෂය ගොඩක් ගැබ් වෙලා තියෙනවා. ඇත්තම කියනවා නම් ජනාකීර්ණ තැන්වල වේගය අඩුවෙනුත් අනෙකුත් තැන්වල වේගය වැඩියෙනුත් යන්න තියෙනවා නම් ඇත්තටම හොඳයි. අපි අගය කරනවා. විශේෂයෙන්ම රියදුරන්ගේ හික්මීම ඇති කිරීමට වැඩකුත් මේ සමගම සම්පාදනය කරන්න. (නි)
පාරවල් හැදුව කිව්වට කිසිම ප්‍රමිතියක් නැහැනේ (ස)
මේ රටේ නරක දේවල් මුකුත්ම වෙන්නේ නැහැ. මගේ රට වාසනාවන්! (නි)
ඒක ඇත්ත. මින්පසු හිමින් ගාටන වාහන වලට දඩ කොලයක් දෙන්න ඕනෑ. (නි)
මට නම් පෙනෙන විදියට මේ දැනට තියන වේගයත් වැඩියි. මොකද එදාට වඩා අද අනතුරු වලින් මැරෙන ප්‍රමාණය කොතෙක්ද?? පාරක බැහැලා වාහනයක් හසුරුවා ගන්න අමාරුයි. (නි)
හොඳ දෙයක්. අපේ රටේ මේ පාරවල්වලට ස්පීඩ් කැමරා දාලා වේගය වැඩි කරන පුද්ගලයාට දඩ කොලේ ගෙදරට එවන්න ඕනෑ. (නි)
අපේ අය හප්පා ගනීද දන්නේ නැහැ.(ස)
ගරු ජනාධිපතිතුමනි, හොඳම අදහසක්. නමුත් පොලිසියේ මහත්වරුන් ගැන ටිකක් සැළකිල්ලෙන් ඉන්න වේවි. අපේ ට්‍රැපික් රාළහාමිලා හරිම අවංකනේ. (නි)
අපේ රටේ රියදුරන් මේක වෙනත් විදියට ප්‍රයෝජනයට අරගෙන අනතුරු වැඩිකරගන්නවා නම් සිකුරුයි. (නි)
හොද වැඩක් (දී)
හොඳ අදහසක් (ස)
අපේ ජිවිත වැඩි හරියක් ගෙවෙන්නේ පාරට (දී)
හොද තීරණයක්. ජනාකීර්ණ බව අනුව වේග සීමා වෙනස් කරන එක හොද දෙයක්. හැබැයි පොලිසියේ පගා මරුවන්ගෙන් ජනතාව බේරගන්නත් මොනවා හරි කරන්න. දඩයක් කන එක වෙනම කතාවක්. නමුත් පගාව ගැහිල්ල නම් නරක වැඩක්. (නි)
ඇති යන්තම් තේරුණා (ස)
ජනාධිපති තුමා කියන දේ හරි නමුත් පරිස්සමෙන් (දී)
පාරවල් හොදට හැදුවට පාර අයිනේ තියෙන අනාරක්ෂිත කාණු නිසා ගොඩක් අනතුරු සිදුවෙලා තියනවා එකටත් විසදුමක් දෙන්න. (ස)
වේගය මරුවා කැඳවයි. එත් හොඳ පාළු පාරවල් වලත් 70 ට කොටන්න වෙන එක දුකකි. මේ වේග සීමා හැදුවේ වාහන තාක්ෂණය පරණ කාලේ...දැන් වාහන ගොඩක් හොඳයි. හසුරවන්න ලේසි... ටිකක් වේගෙන් ගියාම කාලේ ඉතුරුවෙනවා... (ස)
ලගදී හබරණ පාරෙන් ත්‍රිකුනමලේ ගියා. මහා රෑ 60 පැන්නුව කියල දෙවරක් පොලිචියෙන් ඇල්ලුවා. පොලිසියෙන් ඇරෙන්නේ අලියෙක්වත් නැහැ ඒ වෙලාවට පාරේ . පාර හදල දක්ෂිණ අදි වේගෙන් වගේ. ඒත් යන්න දෙන්නේ කොළඹ නගරයේ වගේ.(නදී)
පාරවල් කාපට් කරපු එකත් හොඳි, හයියෙන් යනේකත් හොඳයි. හැබැයි රියදුරන්ට මර්ගනීථි පිළිපදින්න නව නීති ගන්න ඕන. නැත්නම් අහිංසක ජීවිත බිලිගන්නවා වේගෙයන් ගිහිල්ල. (ස)
කරනවානම් මෙන්න මෙහෙම කරන්න. 1. සියලුම රියදුරු බලපත් අවලංගු කර (අවුරුදු 2 තුල) මනා ප්‍රමිතියකින් යුතු රියදුරු පුහුණුවක් සහ බලපත්‍රයක් ලබාදීම 2. එක එක මහමර්ගයන්ට අනුකුල වන පරිදි නියමිත, අවම සහ උපරිම වේග සීමා පැනවීම 3. සියලුම රියදුරු පුහුණු ආයතන ප්‍රතිසංවිධාන කොට පුහුණුකරුවන්ට විශේෂ පුහුණුවක් ලබාදීම 4. සියලුම රථවාහන පොලිස් නිලදාරීන්ට විශේෂ පුහුණුවක් ලබාදී ඔවුන්ට සරිලන වැටුපක් ලබාදීම 5. නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කිරීම 6. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු මාර්ග සඥ ක්‍රමයක් ස්ථාපනය කිරීම 7. ගෙදර සිට රියදුරු බලපත් ලබාගැනීමේ ක්‍රමය නැවැත්වීම 8. මැති, ඇමතිවරුන්ට පිරිවරාගෙන මහමග යාම තහනම් කිරීම 9. මැති ඇමතිවරුන් පාරේ වැරදි පැත්තෙන් පැදවීම නැවැත්වීම 10. වේග සීමා කැමරා සවිකිරීම (නි)
දැනටත් පොලිසිය සිටින විට පමණයිනේ වේග සීමා ක්‍රියාත්මක. (ස)
මුළු රටටම එකම වේග සීමාවක් පැනවීම තමා මේකට හේතුව. වේග සීමා දමන්න ඕන තැනත් වෙලාවත් අනුව. කැලෑ පාරක රෑ 2 යන මනුස්සයකුට පුළුවන් තරම් ඉක්මනට ගමනාන්තයට යන්න දෙන තරමට කරදර අඩු වෙනවා නේද?.(ස)
දැනට තියෙන වේග සිමාවනම් හොදටම මදි ජනපතිතුමනි ඉක්මනින්ම මෙය කර දෙන්න .(ස)
සනත් හරි. (ස)
ඉදලා ඉදලා මොළේ තියන කතාවක් කියලා තියෙනවා. ඒ කතාවනම් ඇත්ත අපේ රටේ තාමත් තියෙන්නේ සුද්දගේ කාලේ දාපු වේග සීමාවන්. ඉතින් දැන් කාලේ මාර්ග වල දැන් තිබෙන නවීන වාහන දැන් ක්‍රියාත්මක වේග සීමාවන් වලට යාමට අපහසුයි. මොකද අද කාලයේ ගියර් 5කින් යුක්ත නවීන මෝටර් රියක 1 වැනි 2 වැනි 3 වැනි යන කාණ්ඩයන්ට දැමීමෙන්ම එම රතයේ වේගය 100 km/h සීමාවට පැමිණීමයි.(නදී)
ඉක්මන් කොටයි කීවේ ඉස්සර මොඩයෝනේ..(ස)
හරිම හොඳයි ඉක්මනට ක්‍රියාත්මක කළයුතු දෙයක්.. (ස)
හරියට හරි. ඔය පාරේ හැම තැනම පොලිස් කාක්කෝ.(නදී)
මහනුවර නගරය තුල මෙය වහාම ක්‍රියාත්මක කල යුතුයි. (ස)
ජනපතිතුමාගේ කාලෝචිත අදහසක්. එක්මනින් ක්‍රියාත්මක කරමු. (ස)
තරින්ද හරි. තැනත් වෙලාවත් අනුව මුලු රටේම මෙය වෙනස් විය යුතුයි.... (ස)
අනිවා, ජනාකීර්න නැතී ප්‍රදේශ තෝරාගෙන, වේගය වැඩි සිමාවන් කල යුතුයි. කාලෝචිත අදහසක් !!! (ස)
දැන් ලංකාවේ පාරවල් දියුනුඉ , එමනිසා ජනතාව ගැවසෙන ස්ථානවල අඩු වේගයකිනුත්, ජනතාව අඩු පාර හොඳින් පෙනෙන ප්‍රදේශ වල වැඩි වේගයක් අනුමත කලාට ප්‍රශ්නයක් නැහැ, අධි වේගී මාර්ගයේ සමහර ස්ථානවල වේගය 120 දක්වා වැඩි කරන්න , ජනාධිපති තුමාගේ තීරණය කලොචිතයි නමුත් මේ පිලිබ්ඳව සොයා බලා නීති සම්පාදනය කර මේ පිළිබඳව රට දැනුවත් කලානම් තමයි හොඳ. (ස)
වේගයෙන් වැඩි වෙන ජනගහනය පාලනය කරන්නත් ක්‍රමයක් තියෙන්න ඕනෑ. (නි)
යෝජනාව නම් හොදයි. එහෙත් බස් රථවලට හැර ඔය නීතිය ක්‍රියාත්මක කළොත් හොද නැද්ද ? මොකද ඒ අය කොහොමත් ඉගිල්ලෙනවනේ. ගොඩක් අනතුරු වෙන්නේ බස් වේගය නිසානේ. (නි)
වේගය ගැන හිතන්න කලින් ,රියදුරන්ගේ විනය ගැන හිතන්න ඕනෑ. ලංකාවේ හුගක් පුද්ගලික බස් රියදුරෝ සහ ත්‍රී රෝද පාරේ යන්නේ බොහෝ අවීනිත විදිහට. අන්තිමට නැති වෙන්නේ අහිංසක මිනිස් ජීවිත.. (නි)
රටේ ජනගහන වේගය පාලනය කරන්නට ජනාධිපතිතුමා ගත් තීරණයට එකග විය හැක. (නදී)
පුද්ගලික බස් රියදුරෝන්ට නම් මෙය 'පනින රිලවුන්ට ඉනිමන් බැඳීමක්' වනු ඇත.(ස)
හොද අදහසක් ජනපතිතුමනි එක්මනට ක්‍රියාත්මක කරමු (ස)
මෝඩ කතාවක්.(නදී)
හැබැයි අමතක කරන්න නරකයි , මේ පාරවල් අධිවේග පාරවල් වගේ වැටවල් දාලා හදපුවා නොවෙයි. හුගක් ඒවාට තියන්නේ මං තීරු දෙකයි. ඒ මදිවට පාර දෙපැත්තේ කඩ, ටයර් ෂොප්, ගරාජ... මේවායේ හුගක් අනතුරු වෙන්නේ විරුද්ධ පැත්තෙන් වාහනයක් එද්දී තමන්ගේ පැත්තේ වාහනයකට හරි බාධකයක්ට හරි ඉස්සර කරන්න තියෙන හදිස්සිය නිසයි. අද වාහන වල තාක්ෂණය ගොඩක් හොඳ වුණාට රියදුරන්ගේ ඔලු එහෙම නැහැනේ. (නි)
ඉතාමත් හොඳ අදහසක්, ඉතුරු වෙලා ඉන්න ට්ක දෙනාවත් යට කරගෙන ගියහම රටේ ප්‍රශ්න අඩු වෙනවා.(නදී)
මහපාරේ ඉන්න මිනිස්සු මරන්නේ නැතුව හයියෙන් ගියාට කමක් නැහැ නේද? හැබැයි මාර්ග නීති පිලිපදින්න ඕනේ. නැත්නම් මිනිස්සු මැරෙයි.(නදී)
අපේ රටේ පාරවල් වල පදිකයන්ට හා බයිසිකල් කරුවන්ට වෙනම ඉඩක් නැහැ. එම නිසා මිනිස්සුන්ගේ ආරක්ෂාව පැත්තෙන් එච්චර හොඳ තීරණයක් නෙමෙයි. නමුත් වේගය වැඩි කිරීමත් කළ යුතුයි. ඒ සඳහා මාර්ග නීති දැඩි කර, ඒවා ක්‍රියාත්මක කිරීමත් (සැම දෙනාටම එක සමානව) කළ යුතුයි. (නි)
වේගයෙන් යන්න ඉඩදුනට කමක්නැහැ , වේගසිම පාලනය කරන කැමර සවිකර දඩකොලය ගෙදරට එන ක්‍රමය සකස්කරන්න , එතකොට නිතර නිතර වැරදිකරන අයගේ රියදුරු බලපත් අවලංගු කරන්න පුළුවන් , පොලිචෙයට පගාවදිලා බේරිලා යන්නත් බැරි වේවි (අ)
අරෂාව වැදගත් වේගයට වඩා. (ස)
ඉතාම හොඳ ක්‍රියාවක්. ක්‍රියාත්මක කරන්න උපදෙස් දෙන්න ඔබතුමාට පින් (නි)
අයියෝ! පොලිසියේ අයට දැන් හැංගිමුත්තම් කරන්න බැරි වෙනවා. අනේ පව් පග මරුවෝ! (නි)
වේගෙන් යන්න ඕනේ තමයි. නමුත් ඊට කලින් විනය ගරුකව රිය පදවන්න ඉගෙන්නුවනම් තමයි හොඳ. වේගෙන් යන අදහස නිකන්ම ක්‍රියාත්මක කලොත් ඉතින් වේගෙන්ම මරණෙට යන්න පුළුවන්. අනේ මන්දා වැටත් නියරත් ගොයම් කන කල කාට කියම්ද කිව්වලු?(නදී)
ඔබතුමා කොල කොඩිය දානකොට මරුවා රතු කොඩිය අල්ලයි නේද?(නදී)
ජනපතිතුමනි, ඔබට සදා ජය! (නි)
බස් ට්‍රක් වලට එක වේගයකුත් කාර්, යතුරුපැදි වලට වෙන වේගයකුත් ඕනා. වෙන රටවලත් එක එක වාහන වලට වේග සීමා දාලා තියෙනවා.(නදී)
වේගයෙන්, එහෙත් පරිස්සමින් නම් හොදයි. (නි)
පදිකයින්ට දෙයියන්ගේම පිහිටයි! (නි)