(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංඛ)
මන්නාරම ,මඩු ,කාකේකුලම් ප‍්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී අවුරුදු පහක සහ හතක කුඩා ළමුන් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
ළමුන් දෙදෙනා සවස් කාලයේ නිවසෙහි සෙල්ලම් කරමින් සිට යාබද නිවසෙහි සිටි සීයා බැලීම සඳහා ගමන්ගත් අතරවාරයේ අනාරක්ෂිත වගාළිඳකට වැටී ඇතිබව මඩු පොලිසිය සඳහන් කළේය.
මෙලෙස අනාරක්ෂිත ළිඳට වැටී මියගොස් ඇත්තේ මඩු, කාකේකුලම් නැගෙනහිර පදිංචි මොහොමඩ් සතූර් මොහොමඩ් අස්වාර් නැමති වයස අවුරුදු හතක හා මොහොමඩ් සතූර් මොහොමඩ් සම්රන් නැමති වයස අවුරුදු පහක් වන එකම පවුලේ සහෝදරයින් වන පිරිමි දරුවන් දෙදෙනෙකි.
පෙරේදා (15) මෙම අනතුර සිදු වී ඇති අතර, මන්නාරම මහෙස්ත‍්‍රාත් ඒ.ඇලෙක්ස් රාජා මහතා මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගා ලින් වටකර වැටක් බඳින්ඩ බැරි මොකද? පොඩි අය විතරක් නෙමේ හැමෝටම ආරක්ෂා වෙන්න.