
(විමුක්ති එස් රුද්‍රිගු)
අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ජනවාරි 28 සිට පෙබරවාරි 03 වැනිදා දක්වා නේපාල්, ඉන්දියාව, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සබඳතාවයට 75 වසරක් පිරිම සනිටුහන් කිරීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට, වගවීම ප්‍රවර්ධනය කිරීමට සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහාය අඛණ්ඩව ලබා දීම වික්ටෝරියා නූලන්ඩ් මහත්මියගේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයේ අරමුණ බව රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd