2005-2006 කාලයේදී වී මිලට ගැනීමට රජයෙන් දුන් රුපියල් ලක්ෂ 92කට වැඩි මුදලක් වංචාකළ අම්පාර නාමල්තලාව හිටපු ගොවිජන සේවා නිලධාරි පෙට්ටිගමගේ අමරසේනට අම්පාර මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා රුපියල් 27,625179 ක දඩ නියම කළේය.
දඩ ගෙවීම පැහැර හරින්නේ නම් වසර 3 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරිණි. විත්තිකරු මුල් අවස්ථාවේදීම වරද පිළිගත්තේය.
ඔහුගේ මහලු භාවයද 2014 දී හෘද සැත්කමකට භාජනයවූ බවද පෙර වැරදි නොතිබීමද සැලකිල්ලට ගෙන මෙම දඬුවම් නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහලු වයසේ බැරිය ගායනා පෙරසේ හොරකම් නොකර හිටියානම් මෙහෙම වෙන්නේ නැහැ නේද. (බ)
පෙට්ටිගමගේ මහජන මුදල් වංචා කර පෙට්ටගමේ දමා ගත්තාට හොඳ දඬුවම (බ)
ඕවා මොනවද එංගලන්තයේ සිදුවූ පවුම් මිලියන 330 මංකොල්ලයේ සැකකරුවන් 9 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ලාබාලයාගේ වයස අවුරුදු 42 යි. වැඩිමහල්ලාගේ වයස අවුරුදු 73 යි. ඔක්කොම පෙන්ෂන් කාරයෝ ( මම හිතන විදියට එංගලන්තයේ පෙන්ෂන් යන වයස අවුරුදු 65 හරි 70 හරි ) 3 දෙනයි. ඉතින් මම කියන්න හැදුවේ හොරුන්, හොරකම් කරන්න වයස ප්‍රශ්නයක් කරගන්නේ නැහැ කියලයි. (නදී)