(අංජුල මහික වීරරත්න)
මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුගමනය කරන අවම මිල ගණන් තීරණය කර තිබේ.
ඒ අනුව තෙතමනය සියයට 14 මට්ටමක ඇති නාඩු වී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 105 ක් සම්බා කිලෝව රුපියල් 120ක් සහ කීරි සම්බා කිලෝවරුපියල් 130 වශයෙන් මිල නියම කර ඇත.
තෙතමනය සියයට 14ට වඩා වැඩි නාඩු වී කිලෝව රුපියල් 90 ක් සම්බා කිලෝව රුපියල් 100ක් සහ කීරී සම්බා කිලෝව රුපියල් 120ක් වශයෙන් මිල නියම කර තිබේ.
අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි 2023/24 මහ කන්නයේ දී ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා වැඩ පිළිවෙළක් ද සකස් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙම වී මිල දී ගැනීම සදහා කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් සඳහා රුපියල් මිලියන 50ක උපරිම ණය මුදලක් සහ වී ගබඩාකරුවන් සඳහා හා වී එකතු කරන්නන් සදහා රුපියල් මිලියන 25ක උපරිම ණය මුදලක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවම මිල වගේම උපරිම මිලක් ද අවශ්‍යයි. මෙම ක්‍රමය වෙළද පොලේ සහල් මිල මට්ටම සාධාරණ මට්ටමක පවත්වා ගෙන යාම සදහා උපකාර වෙනව.
දැන් ඔය අවම මිලට වෙළෙන්දො ගන්නවද කියල බලනවද? දැනටත් හම්බන්තොට පැත්තෙ ගන්නේ 70 ට 80 ට.