(ටී.කේ.ජී.කපිල )

චීනයේ පැවැත්වෙන ලොව විශාලතම " නිවුන්" උළෙල - 2026 ( World Largest Twins Festival ) සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා නිවුන්නු කණ්ඩායම  චීනය බලා පිටත්ව ගියහ.

මෙම උළෙලට ලෝකයේ රටවල් 70 ක නිවුන්නු ලක්ෂයකට අධික පිරිසකගේ සහභාගීවීමට නියමිතය. මෙම තරගය චීනයේ , මෝජෑන් ( Mojiang ) නුවර දී අප්‍රේල්  30 දින සිට මැයි 4 දක්ව දින දක්වා  පැවැත්වීමට නියමිතය .

මෙහිදී ශ්‍රී ලංකා නිවුන්නුන්ගේ කණ්ඩායම , මෙරටට ආවේනිකව , ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය විදහා දැක්වෙන නර්තන අංග , ගීත , කවි , කතා ඉදිරිපත් කිරීමට නියමිතය .