(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

රුපියල් පන්කෝටි හැට නව ලක්ෂයක් දිනුමක් හිමිව තිබූ  ලොතරැයි ටිකට් පතක් වංචා කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගත් බවද පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කැලණිය ප්‍රදේශයේ පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 2 වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව  සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

 මිලදී ගත්   ( අද කෝටිපති)  ලොතරැයි අලෙවිපතකට දිනුම් ඇද තිබේදැයි පරික්ෂා කිරීම සඳහා  ලොතරැයි අලවියේ යෙදෙන කාන්තාවට ලබා දුන් බවත්  ඇය එයට දිනුමක්ද නොමැති නොමැති බවට ප්‍රකාශ කළද එම ලොතරැයි  පතට රුපියල් පන්කෝටි හැට නව ලක්ෂයක දිනුමක් හිමිව ඇති බවට දැනගැනීමට ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර තමන්ට සාධාරණයක් ඉෂ්ට කර දෙන ලෙස කරන ලද පැමිණිල්ලකට අනුව එම සැකකාරිය වැල්ලම්පිටිය ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

43 හැවිරිදි  සැකකාරිය වැල්ලම්පිටිය කුරුණියාවත්ත ෂෙල් ගෑස් පාර පදිංචිකාරියකි.