(යොහාන් භාසුර)
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල ඊයෙ(6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 545 කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ දමා ඇති අතර එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 6,245ක් බවට පත්විය.
ඒ අනුව මෙම වසරේ ගත වූ මාස පහ තුළ ලාස් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1995 කින් ඉහළ ගොස් තිබේ.
ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල ද රුපියල් 220 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,500ක් දක්වා ඉහළ ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වැඩිවෙන එක හැම පැත්තකින්ම වැඩිවෙනවා.
දැන් ඉතින් දර ලිප් වලින් උයන්න පුරුදු වෙන්න.
අම්මෝ ඇති යාන්තම්.. හොද වෙලාවට වැඩි වුණේ... තව ටිකක් වැඩි කරන්නත් තිබ්බා. ආයෙත් ගණන් යනකල් මග බලාගෙන ඉන්නවා.