ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරියෙකු මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ තැබීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නිලධාරියාට වන්දි හැටියට රුපියල් ලක්ෂයක මුදලක්ත් ගෙවන ලෙස නියෝග කළේය.
විනිසුරු සිසිර ද ආබෲ මහතා විසින් උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කර ඇත.
ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ ලාන්ස් කෝප‍්‍රල්වරයෙකු වන කේ.පියවංශ මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නියෝජ්‍ය පොලිස්පත් ඞී.එස්.වාකිෂ්ඨ ,හිටපු අතිරේක ආරක්ෂක ලේකම් එස්.හෙට්ටිආරච්චි ,පොලිස් පරීක්ෂක බෝගමුව යන මහත්වරුන් නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වෙනුවෙන් විශාල පරිත්‍යාගයක් කල රණ විරුවා වසරකට වැඩි කලක් රිමාන්ඩ් එකේ හිටලා වන්දිය ලක්ෂයයි.මෙය අධිකරණ තීන්දුවක් නිසා වැඩි යමක් කියන්න කැමති නැහැ. (ම)
මෙවන් අවංක විනිසුරුවන් හට ජයෙන් ජයම වේවා !!!!! (ම)