සන්ඩේලීටර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහතා අද ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවේ පැය තුනක ප්‍රකාශයක් ලබා දුන්නේය.
ගල්කිස්ස භාර නියෝජ්‍ය පොලිස්පතිගේ ඉල්ලීමට අනුව ලසන්ත ඝාතන පරීක්ෂණ සටහන් පොලිස් පොතින් ඉරා නියෝජ්‍ය පොලිස්පතිට බාර දුන්නේ මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඉදිරියේ බව රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබිණි.
තමාට මහේස්ත්‍රාත්වරයා හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස සිටි හේමන්ත අධිකාරී මහතා පසුගිය සිකුරාදා (16) ඉල්ලා සිටියේය. ඒ අනුව අද මහේස්ත්‍රාත් නිල මැදිරියේදී පැය තුනක කාලයක් එම ප්‍රකාශය ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම ඝාතකයා කවුද කියා රටම දන්නවා. අල්ලන්න බැරි නම් සරත් ෆොන්සේකා මහත්තයාට අදාළ ඇමතිකම දීලා බලා ඉන්න අල්ලගන්න ලස්සන.
මොනවද කිවේ එලි කරන්න
හිතවත් මාධ්‍ය සොයුරු ලසන්ත ගැන සටහනක් තැබිය යුතුයි.ඔහු දිවි පිදුවේ මාධ්‍ය කලාව වෙනුවෙන්.රට ජාතිය වෙනුවෙන්.සත්‍ය වශයෙන්ම ඔහු පුලිට්සර් වගේ වීරයෙක්. ඔබ මැරුණේ නැත.මැරුණේ ශරීරයෙන් පමණයි.රුදුරු පාපතර මිනීමරු තක්කඩින්ට තවමත් නිසි දඩුවම් නොලැබුණේ අපගේම පාපයට.ජනාධිපතිගේ කඩුවට කපෙනවානම් කැපෙන්න ඕනා මෙන්න මේ වගේ මිනී මරුවන්ගේ බෙලි.මේ වගේ වෙලාවට කැපෙන්නේ නැති කඩුව මොකටද??? මා හිතවත් සාගල රත්නායක මහතා හොද කෙනෙක්.ඒත් ඔහුට තම වගකීම හරියට කරන්න බැරි උනා.දැන්වත් හොද කෙනෙක් පත්කරලා කලයුතු දේ නොපමාව ඉටුකරන්න.මේ රටේ ඉන්න තවත් පුලිට්සර්ලාට තමන්ගේ සේවය කරන්නට ඉඩ සලසන්න. දේශපාලන වාසි හෝ කිසිදු තරාතිරමක් නොබලන්න.වරදට දඩුවම දෙන්න.නුතන ජනසන්නිවේදනයේදී ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වලට තුන්වැනි ලෝකයේ වැඩි වටිනාකමක් දුන්නාට ලොව දියුණුම රටවල වැඩියෙන්ම ගෞරවයට පාත්‍ර වන්නේ පුවත්පත් කලාවේදියය.අප රටේද ඔහුට හොද වටපිටාවක් තනා දෙන්නේ නම් එය කොතරම් අගනේද ?