IMG-LOGO

2024 මැයි මස 13 වන සඳුදා


ලසිත් මාලිංග පිළිබද වාර්තාව අනිද්දා විධායක කමිටුවට

අන්තර්ජාතික මට්ටමේ ක‍්‍රීඩකයකුට නොගැලපෙන ආකාරයට මාධ්‍යවේදීන් හමුවේ හැසිරුණු බවට චෝදනා එල්ලවී සිටින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ වේග පන්දුයවන ක‍්‍රීඩකයකු මෙන්ම විස්සයි20 පිලේ උප නායක ලසිත් මාලිංග පිළිබද වාර්තාව අනිද්දා (09) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මාලිංගගේ හැසිරීම පිළිබදව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය එහි ප‍්‍රධාන විධායක නිලධාරියාගෙන් කැදවූ වාර්තාව මේ වන විට ක‍්‍රිකට් ආයතනයේ ලේකම්වරයාට යොමුකර ඇති බව වාර්තා වේ.

මේ පිළිබදව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන නිලධාරියකු පැවසුවේ ප‍්‍රධාන විධායක නිලධාරියාගේ වාර්තාව මේ වන විට ලැබී ඇති බවත් එය අනිද්දා (09) පස්වරුවේ පැවැත්වීමට නියමිත විධායක කමිටුවට ඉදිරිපත්කිරීමට නියමිත බවත්ය.  

වාර්ෂික ගිවිසුම පිළිබද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පසුගිය 3 වැනිදා රාත‍්‍රි පැවැති සාකච්ඡවට සහභාගිවීමෙන් පසුව සහ පසුදින (04 වැනිදා) වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීමට පැමිණි අවස්ථාවේදී මාලිංග මාධ්‍යවේදීන්ට පහත් ලෙස ප‍්‍රතිචාර දැක්වීම පිළිබදව විනය පියවර ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පෙරේදා (05) තීරණය කළේය.



අදහස් (0)

ලසිත් මාලිංග පිළිබද වාර්තාව අනිද්දා විධායක කමිටුවට

කමල් Thursday, 07 March 2013 08:56 PM

බොහොම හොද තීරණයක්. අනිවාර්යයෙන්ම දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

සඳුනි Thursday, 07 March 2013 09:05 PM

වැරදි කරන හැමෝම දඬුවම් දෙන්න ඕනේ. (අ)

:       0       0

චමින්ද Friday, 08 March 2013 12:18 PM

අනේ මේ!ගිහං ඔය කැත කොණ්ඩ කූඩුව කපල දාලා හොඳට තට්ටෙ පොලිෂ් කරල දිගට හරහට අතදිගඇරල තව ටිකක් හයියෙන් බෝලෙ දානව මනුස්සයො නිකං මේ සවුත්තු වෙන්නේ නැතුව. (ස)

:       0       0

අමිල Thursday, 07 March 2013 09:24 PM

මල්ලී, ලුණු ඇති වෙන්නෙත් වතුරෙන්. නැති වෙන්නෙත් වතුරෙන්. (නි)

:       0       0

සමන් Thursday, 07 March 2013 09:33 PM

රටේ කොච්චර නම් ප්‍රශ්න තියෙනවද? මම නම් මාලිංගගේ වරදක් දකින්නෙ නැහැ. (නි)

:       0       0

කුරුවිට Friday, 08 March 2013 01:11 PM

දැන් තේරෙයි කට‍වචනේ තියෙන බරපතලකම (ස)

:       0       0

සිල්වා Thursday, 07 March 2013 10:03 PM

බලන්න, 96 ලෝක කුසලානය සෙල්ලම් කළ අය කොච්චර නිහතමානී අයද කියලා. (නි)

:       0       0

නිපුණ Thursday, 07 March 2013 10:07 PM

ක්‍රිකට් ආයතනයේ ගිණුම් කටයුතු ගැන තිබු දෘඩ තැටියක් නැතිවීම, විකාශන අයිතිය දීම ගැන වාර්තා හදන්නෙ නැද්ද? (නි)

:       0       0

සුනිල් චන්දූමන් Thursday, 07 March 2013 10:34 PM

එක තම විනය. දෙක ක්‍රීඩාව. අපිට යෝකර් වැඩක් නැහැ. අපි කවුරු කවුරුත් විනයට ගරු කළ යුත්තෝය. (නි)

:       0       0

දිසානායක Thursday, 07 March 2013 11:00 PM

අපි බලාගෙන ඉන්නවා එයාට දෙන දඩුවම මොකක්ද කියලා දැනගන්න. (නි)

:       0       0

පැතුම් Thursday, 07 March 2013 11:11 PM

මාලිංග කියන්නේ ඇත්ත. (නි)

:       0       0

අනුර Thursday, 07 March 2013 11:59 PM

එයාව කණ්ඩායමෙන් ඉවත් කරන්නයි තියෙන්නේ. (නි)

:       0       0

පෙරේරා Friday, 08 March 2013 02:37 AM

ඔහු උඩගු පුද්ගලයෙක්. (නි)

:       0       0

අමල් Friday, 08 March 2013 03:14 AM

ඔහුගේ කතාවෙන් හෙළිවුයේ බුද්ධියේ තරමයි. (නි)

:       0       0

ගමගේ Friday, 08 March 2013 05:01 AM

මහේල, ඔබ කළ දේ වැරදි නැහැ. ඕස්ට්‍රේලියාවට ඔබ පැමිණියහොත් මෙහෙ මිනිස්සු ඔබට මල් තියලා වදියි. (නි)

:       0       0

තිසල් Friday, 08 March 2013 06:53 AM

මේ වගේ අය අපිට ඕනැම නැහැ. එයාලව අයින් කරලා දාන්න. (නි)

:       0       0

සිල්වා Friday, 08 March 2013 07:57 AM

කෙසෙල් ගහට ඇන්න දාට හොට පැටෙලෙනවාලූ... (නි)

:       0       0

වරුණ Friday, 08 March 2013 08:19 AM

මෙයාට අත්පොළසන් දුන්න ලංකාවේ මිනිස්සු කොච්චර මෝඩද? (නි)

:       0       0

ධනුෂ්ක Friday, 08 March 2013 08:21 AM

මිනිස්සුන්ට අලි යනවා පෙනෙන්නේ නැහැ. කූඹියෙක් ගියාම තමා ඒක ලොකුවට පෙනෙන්නේ. (නි)

:       0       0

ශානි Friday, 08 March 2013 08:21 AM

ඔහු දඩුවම් ලැබිය යුතුමයි. (නි)

:       0       0

යොහාන් Friday, 08 March 2013 08:22 AM

දැනටමත් මාලිංගට දඩුවම් ලැබිලා හමාරයි. (නි)

:       0       0

රොහාන් Friday, 08 March 2013 08:23 AM

ඒකතමයි අපි මාලිංගට කියන්නේ අහක ඉන්න නයි දාගෙන දැන් කනවෝ කනවෝ කියලා කෑගහන්න එපා කියලා. (නි)

:       0       0

යොහාන් Friday, 08 March 2013 08:20 AM

කෝ එදා තිබුණු ආඩම්බරකම? (නි)

:       0       0

ජයනාත් Friday, 08 March 2013 08:35 AM

අනේ අපි රැටවුණු තරමක්? (නි)

:       0       0

ඉෂාර Friday, 08 March 2013 08:58 AM

මම නම් කාටවත් 'මිනිහෝ' කියන්නෙ නැහැ මීට පස්සේ. ඒක සහගහන අපරාදයක්නේ බැලුවහම. (නි)

:       0       0

රාහුල් Friday, 08 March 2013 09:14 AM

අපි එයාට තව එක අවස්ථාවක් දෙමු. (නි)

:       0       0

අන්ජන Friday, 08 March 2013 09:18 AM

ධනුෂ්ක ඔයා ඔයාගේ ටීම් එහෙකට මෙයාව දාගන්න , ශ්‍රී ලංකන් ටීම් එකට මෙයා ඕනි නෑ නෑ නෑමයි (ස)

:       0       0

නාමල් Friday, 08 March 2013 09:59 AM

ක්‍රිකට් වලට කොච්චර ආදරේද සමහරු. ජීවිත පවා පූජාකලා 20/20 ලෝක කුසලානය පැරදුනු වෙලාවේ. මෙයාලා සල්ලි වලට කුලල් කා ගන්නවා (ස)

:       0       0

සනත් Friday, 08 March 2013 10:33 AM

මෙතන ඉන්න කී දෙනෙක් අපේ රටේ ජීවත් වෙන අයද ? මේ මාලින්ග කියපු වචනයක් අල්ලගෙන දගලන්න හදන ඉන්ටර්නෙට් වීරයො ටිකක් වෙලා (ස)

:       0       0

සමන් Friday, 08 March 2013 10:42 AM

අපේ අයගේ ප්‍රතිචාර වලින්ම පැහැදිලියි එයාලගේ මොළය කොච්චර හේදිලාද කියලා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 08 March 2013 11:54 AM

මාධ්‍ය ඉදිරියේ මාලිංග ව‍ගේම හැසිරෙන ඇමතිතුමෙකුත් ඉන්නවා. එයාට නැද්ද චෝදනා? (නි)

:       0       0

ශාන්ත ලාල් Thursday, 07 March 2013 08:28 PM

තරාතිරම නොබලා වරදට දඩුවම් කළ යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුප්පතුන්ට බෙදන්න දුන් සහල් පුස් කන්න ඇරලා
2024 මැයි මස 12 231 0

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට දුප්පත් ජනතාවට බෙදාදීමට දුන් සහල් තොගයක් කල් ඉකුත්වීමෙන් පසුව යළි


ගංජා සමඟ හිටපු ලාන්ස් කෝප්‍රල් මාට්ටු
2024 මැයි මස 12 109 0

කේරළ ගංජා කිලෝ 1යි ග්‍රෑම් 460 ක් සමග යුද හමුදාවේ හිටපු ලාන්ස්කෝප්රල්වරයකු අද(12) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.


‘‘විජයදාස පිළිගන්න බෑ‘‘
2024 මැයි මස 12 693 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වන ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට නම් කිරීම එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක ම


ලෝක හෙද දිනය සමරයි
2024 මැයි මස 12 121 0

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ජාත්‍යන්තර හෙද දින සමරු උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද පැවැත්විණ


වසරකට භික්ෂූන් 2000ක් උපවැදි වෙනවා
2024 මැයි මස 12 486 0

උපසම්පදා භික්ෂුන් 2000කට අධික පිරිසක් වසරකට උපැවිදි වීමේ තත්වයක් රටේ නිර්මාණය වී ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණ


කෝටි 10ක අම්බර් කන්දකුලියෙන් අල්ලයි
2024 මැයි මස 12 575 0

කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයේ නිවසක පිටුපස වලදමා තිබු රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් බව කියන අම්බර් (තල්මස් වමනය) කිලෝ 35 කට ආසන්න ප්‍රමානයක් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 638 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2140 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1859 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site