අන්තර්ජාතික මට්ටමේ ක‍්‍රීඩකයකුට නොගැලපෙන ආකාරයට මාධ්‍යවේදීන් හමුවේ හැසිරුණු බවට චෝදනා එල්ලවී සිටින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ වේග පන්දුයවන ක‍්‍රීඩකයකු මෙන්ම විස්සයි20 පිලේ උප නායක ලසිත් මාලිංග පිළිබද වාර්තාව අනිද්දා (09) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මාලිංගගේ හැසිරීම පිළිබදව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය එහි ප‍්‍රධාන විධායක නිලධාරියාගෙන් කැදවූ වාර්තාව මේ වන විට ක‍්‍රිකට් ආයතනයේ ලේකම්වරයාට යොමුකර ඇති බව වාර්තා වේ.
මේ පිළිබදව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන නිලධාරියකු පැවසුවේ ප‍්‍රධාන විධායක නිලධාරියාගේ වාර්තාව මේ වන විට ලැබී ඇති බවත් එය අනිද්දා (09) පස්වරුවේ පැවැත්වීමට නියමිත විධායක කමිටුවට ඉදිරිපත්කිරීමට නියමිත බවත්ය.
වාර්ෂික ගිවිසුම පිළිබද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පසුගිය 3 වැනිදා රාත‍්‍රි පැවැති සාකච්ඡවට සහභාගිවීමෙන් පසුව සහ පසුදින (04 වැනිදා) වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීමට පැමිණි අවස්ථාවේදී මාලිංග මාධ්‍යවේදීන්ට පහත් ලෙස ප‍්‍රතිචාර දැක්වීම පිළිබදව විනය පියවර ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පෙරේදා (05) තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොද තීරණයක්. අනිවාර්යයෙන්ම දඩුවම් දියයුතුයි. (නි)
වැරදි කරන හැමෝම දඬුවම් දෙන්න ඕනේ. (අ)
අනේ මේ!ගිහං ඔය කැත කොණ්ඩ කූඩුව කපල දාලා හොඳට තට්ටෙ පොලිෂ් කරල දිගට හරහට අතදිගඇරල තව ටිකක් හයියෙන් බෝලෙ දානව මනුස්සයො නිකං මේ සවුත්තු වෙන්නේ නැතුව. (ස)
මල්ලී, ලුණු ඇති වෙන්නෙත් වතුරෙන්. නැති වෙන්නෙත් වතුරෙන්. (නි)
රටේ කොච්චර නම් ප්‍රශ්න තියෙනවද? මම නම් මාලිංගගේ වරදක් දකින්නෙ නැහැ. (නි)
දැන් තේරෙයි කටවචනේ තියෙන බරපතලකම (ස)
බලන්න, 96 ලෝක කුසලානය සෙල්ලම් කළ අය කොච්චර නිහතමානී අයද කියලා. (නි)
ක්රිකට් ආයතනයේ ගිණුම් කටයුතු ගැන තිබු දෘඩ තැටියක් නැතිවීම, විකාශන අයිතිය දීම ගැන වාර්තා හදන්නෙ නැද්ද? (නි)
එක තම විනය. දෙක ක්‍රීඩාව. අපිට යෝකර් වැඩක් නැහැ. අපි කවුරු කවුරුත් විනයට ගරු කළ යුත්තෝය. (නි)
අපි බලාගෙන ඉන්නවා එයාට දෙන දඩුවම මොකක්ද කියලා දැනගන්න. (නි)
මාලිංග කියන්නේ ඇත්ත. (නි)
එයාව කණ්ඩායමෙන් ඉවත් කරන්නයි තියෙන්නේ. (නි)
ඔහු උඩගු පුද්ගලයෙක්. (නි)
ඔහුගේ කතාවෙන් හෙළිවුයේ බුද්ධියේ තරමයි. (නි)
මහේල, ඔබ කළ දේ වැරදි නැහැ. ඕස්ට්‍රේලියාවට ඔබ පැමිණියහොත් මෙහෙ මිනිස්සු ඔබට මල් තියලා වදියි. (නි)
මේ වගේ අය අපිට ඕනැම නැහැ. එයාලව අයින් කරලා දාන්න. (නි)
කෙසෙල් ගහට ඇන්න දාට හොට පැටෙලෙනවාලූ... (නි)
මෙයාට අත්පොළසන් දුන්න ලංකාවේ මිනිස්සු කොච්චර මෝඩද? (නි)
මිනිස්සුන්ට අලි යනවා පෙනෙන්නේ නැහැ. කූඹියෙක් ගියාම තමා ඒක ලොකුවට පෙනෙන්නේ. (නි)
ඔහු දඩුවම් ලැබිය යුතුමයි. (නි)
දැනටමත් මාලිංගට දඩුවම් ලැබිලා හමාරයි. (නි)
ඒකතමයි අපි මාලිංගට කියන්නේ අහක ඉන්න නයි දාගෙන දැන් කනවෝ කනවෝ කියලා කෑගහන්න එපා කියලා. (නි)
කෝ එදා තිබුණු ආඩම්බරකම? (නි)
අනේ අපි රැටවුණු තරමක්? (නි)
මම නම් කාටවත් 'මිනිහෝ' කියන්නෙ නැහැ මීට පස්සේ. ඒක සහගහන අපරාදයක්නේ බැලුවහම. (නි)
අපි එයාට තව එක අවස්ථාවක් දෙමු. (නි)
ධනුෂ්ක ඔයා ඔයාගේ ටීම් එහෙකට මෙයාව දාගන්න , ශ්‍රී ලංකන් ටීම් එකට මෙයා ඕනි නෑ නෑ නෑමයි (ස)
ක්රිකට් වලට කොච්චර ආදරේද සමහරු. ජීවිත පවා පූජාකලා 20/20 ලෝක කුසලානය පැරදුනු වෙලාවේ. මෙයාලා සල්ලි වලට කුලල් කා ගන්නවා (ස)
මෙතන ඉන්න කී දෙනෙක් අපේ රටේ ජීවත් වෙන අයද ? මේ මාලින්ග කියපු වචනයක් අල්ලගෙන දගලන්න හදන ඉන්ටර්නෙට් වීරයො ටිකක් වෙලා (ස)
අපේ අයගේ ප්‍රතිචාර වලින්ම පැහැදිලියි එයාලගේ මොළය කොච්චර හේදිලාද කියලා. (නි)
මාධ්‍ය ඉදිරියේ මාලිංග වගේම හැසිරෙන ඇමතිතුමෙකුත් ඉන්නවා. එයාට නැද්ද චෝදනා? (නි)
තරාතිරම නොබලා වරදට දඩුවම් කළ යුතුයි (නි)