(දිල්රුක්ෂි ග්‍රේරු සහ ඉන්දිකා රාමනායක)
අභාවප්‍රාප්ත හෙළයේ මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමි අතුරුදන් වු "රණ මයුර"සම්මානය කඩුවෙල කොල්ලුපිටිය බසයක තිබි අද (05) උදෑසන සොයා ගත් බව පොලීසිය පවසයි.
ඉකුත් (02)දා එතුමාගේ අවසන් කටයුතු සිදු කිරීමට පෙර නිවසේ පැවැති ආගමික වතාවත් අතුරතුරදී මෙම සම්මානය කිසියම් පුද්ගලයකු සොරාගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අතරතුරදී අතුරුදන් වු සම්මානය මාර්ග අංක 177 කඩුවෙල -කොල්ලුපිටිය බසයක ඇති බවට ලැබුණු තොරතුරු අනුව එම ස්ථානයට ගිය කොල්ලුපිටිය පොලිසිය සම්මානය පොලිස් බාරයට ගෙන තිබේ.
බසයේ රියදුරු හා කොන්දොස්තරවරයා මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් බව පොලීසිය සඳහන් කළේය.
සොයාගත් මෙම සම්මානය නිවසින් අතුරුදන්වු සම්මානය බව ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාගේ බිරිඳ සුමිත්‍රා පීරීස් මහත්මිය හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පදක්කමට කකුල් ඇවිත් වෙන්න ඇති. ටිකක් වාතාශ්‍රයක් ලැබිලා විවේක සුවයෙන් ඉන්න ගෝල්ෆේස් යන්න හිතාගෙන කොල්ලුපිටියේ බස් එකට නැගලා.
ලෙස්ටර් ජේම්ස් පීරීස් පදනම කියලා එකක් හදලා ඔය සම්මාන සහතික ඇඳුම්, පැළඳුම් පොත්පත් කඩුකස්ථාන ඔක්කොම මහජන ප්‍රදර්ශනයට දාලා තියන්න පුළුවන්... අර මීගමුවේ තියෙන රුක්මනී දේවි පදනම වගේ.
මොනවා වුණත් හිත හොඳ හොරෙක්...
කඩුවෙල වසන්ත, රණාලේ සමයං, ආදී වශයෙන් කඩුවෙල සහ අවට හුඟක් ප්‍රසිද්ධ හින්දා කවුරු හරි මේක අපේ ගමේ බස් එකක් ඇතුලේ තැන්පත් කරන්න ඇති...
ලැජ්ජාවක් නැති මිනිස්සු.. මේ මහා කලාකරුවගේ සම්මානය හොරකම් කරන්න තරම් රටේ මිනිසුන් ඉතාම පහත් තත්වයට වැටිලා. සාරධර්ම නැතිවෙලා. මුදලට ලෝභ වෙලා. බොහොම කණගාටුදායක තත්වයක්...
සාමාන්‍ය මිනිහෙක් හෝ කීපදෙනෙකු මෙය හොරකම් කරන්න ඇතියි සිතිය හැකිය. මොකද නීතිය ක්‍රියාත්මක වන්නේ පොඩි මිනිස්සුන්ට නිසා...? වැදගතුන් කළා නම් යට ගහනවා..
මොකක්ද ඕකේ ඇත්ත කතාව? ඉස්සෙල්ලා කිව්වා ඕක නැති වුණේ ලෙස්ටර් මහතා නැතිවුණු වේලාවේ කියලා. ඊට පස්සෙ කිව්වා අවුරුදු 25 කට ඉස්සෙල්ලා කියලා. දැන් කියනවා 177 බස් එකක් ඇතුළේ තිබිලා හම්බ වුනයි කියලා. අපිට උභතෝකෝටික ප්‍රශ්නයක්...
මෙය පැහැදිලිවම අවමගුලකට පැමිණ කල පහත් ගණයේ හොරකමක්... මෙයින් උගත යුතු පාඩම නම්, අද කාලයේ නිවසේ අවමගුලක් හෝ වෙනයම් උත්සවයක් තිබෙන අවස්ථාවක, නිවසේ ඇති වටිනා භාණ්ඩ "අමුත්තන්ගේ" ඇසට නොපෙනෙන සේ සඟවා තැබීමයි.
කන්කොටාද දාලා ගිහිල්ලා තියෙන්නේ?
සම්මානයක්, මිල මුදලින් ඇති වටිනාකමක් නැත. වටිනාකම තිබෙන්නේ එය ලැබුණු එක ගැනයි. ඔන්න ඔහේ ඕක ගැන කතා කරන එක ගැන අත්හරින්න.
බස් ඩ්‍රයිවර් ඉස්සුවා වෙන්න බැරිද..? ඔය අය හොරු..
ලෙස්ටර් මැතිඳුන්ගේ "ගම්පෙරළිය" සඳහා නවදිල්ලි චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙසට එහි නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහ මහතාට පිරිනැමූ රණ මයුර සම්මානය චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරය දැරූ කාලයේ එතුමා විසින්ම චිත්‍රපට සංස්ථාවට බාර දුන් අතර එය සංස්ථාව සතුව තිබියදී අතුරුදහන්ව ඇති බව ප්‍රවීණ සිනමා රංගන ශිල්පියෙකු පැවසීය. ලෙස්ටර් මැතිඳුන්ගේ අවමංගල්‍ය දිනයදා පටිගත කරන ලද වීඩියෝ පරීක්ෂා කරද්දී එතුමන්ගේ ඥාති සොයුරියක් සතුව තිබූ දුරකථනයක් හොරා ගන්නා සිද්ධියක්ද හෙළිවිය. මේ වනවිට ලංකාව හොරුන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති බවට මේවායින් පෙනෙයි. පෙරදා රොබට් නොක්ස් ලියූ ‘එදා හෙළදිව‘ නමැති සුප්‍රකට ග්‍රන්ථයේ එවකට අප රටේ සිටි සිංහල මිනිසා ගැන ලියා ඇත්තේ “සිංහලයෝ උදේ, සවස පිළිම වහන්සේලා ඉදිරියේ මල් පූජා කරති. භාවනාවේ යෙදෙති. හොරකම් අතිශයින්ම පිළිකුල් කොට සළකති. කිසිම සිංහලයකු කවරදාවත් හොරකමක් කළ බවක් මම නොදනිමි " කියාය. ඒ එදාය. අද රටේ ඉහළ සිට පහළ දක්වාම සියල්ලෝම හොරකම් කරති. එසේ කරමින් නොකළා යැයි බොරුකියති. ලෙස්ටර් මැතිතුමාගේ සම්මානය යලි හමුවීම ගැන කෙනෙක් මෙසේ ලියා තිබුණි. “දේශපාලන හොරුන්ට වඩා ඔබ ශ්‍රේෂ්ඨ හොරෙකි"
ඔය වගේ දේවල් ප්‍රසිද්ධ කරන්න එපා... සිංහලයා කියන්නේ අශීලාචාර ජාතියක් කියලා එළිවෙනවා.