(සුජිත් හේවාජුලිගේ)
සිනමා ඉසිවර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමින් කෞතුකාගාරයක් හා සිනමා පාසලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) ජාතික චිත්‍රපටි සංස්ථාවේ ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.
එම කමිටුව පවසන අන්දමට මෙම කෞතුකාගාරය හා සිනමා පාසල ඉදි කෙරෙන්නේ රුපියල් කෝටි දහයකට වැඩි ඇස්තමේන්තුවක් මතය.
මේ කෞතුකාගාරය සහ සිනමා පාසලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත්තේ ඉකුත් 2019 වර්ෂයේ අප්‍රේල් මස 5 වැනිදාය. ඉදිකිරීම් කටයුතු එම වර්ෂයේ ජුලි මස 10 වෙනි දින අවසන් කිරීමට නියමිතව තිබුණද ඒ කටයුතු අතරමග නතර වීම පිළිබඳවද කෝප් කමිටුවේ අවධානය යොමුවී ඇත.
කෝප් කමිටුව කළ විමසුමකදී ජාතික චිත්‍රපට සංස්ථාවේ අභ්‍යන්තර විගණක පවසා ඇත්තේ එම කටයුත්ත සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ බවයි.
එම ඉදිකිරීම්වල පළමු අදියර සඳහා රුපියල් ලක්ෂ 60ක බිල් ඉදිරිපත්වූ බවත් ඉන් ලක්ෂ 40ක බිල්පත් නිරවුල් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවට ප්‍රකාශයක් ලබාදී ඇති සංස්ථාවේ නිලධාරියකු පවසා ඇත්තේ එම ක්‍රියාවලියේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා නිලධාරියකු පත් කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන් සාටක ජරාපක්ෂලාගේ කවුරුහරි මේක පිටිපස්සේ ඇති... ඔවුන්ගේ කාලකණ්ණි පවුලටම හෙණම ගහනවා මේ රටට කළ අපරාදෙට...
පසුගිය රජය සහ මේ රජය මහජන මුදල් කාබාසිනියා කරලා තියෙන අන්දම. කෝප් කමිටුවේදී මැනවින් ඔප්පු වෙනවා. හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව බිලියන ගණනක් වැයකරලා කිසිම ආදායමක් නැතිලු. මේ වගේ අපරාධවලට වගකිව යුතු අය අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කරන්න. මේ ජනතාව දුක් විඳින්නේ මෙයාලා කරපු වැඩ නිසා...
ජනතාව දුක් විඳින්නේ රුපියල් බිලියන ගණන් වැයකරලා නිෂ්ප්‍රයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු පාලකයෝ නීතිය ඉදිරියට ගෙනත් එම මුදල් අයකරගන්න විදිහක් නැතිනම් ජීවිතාන්තය දක්වා හිර දඬුවම් දෙන්න. හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාවට බිලියන ගණනක් වැයකරපු මෝඩපාලකයන්ට විශ්ව විද්‍යාලයක් හරි හැදුවා නම් මොකද වෙන්නේ?