IMG-LOGO

ලංවීම හිටපු සභාපතිට ප්‍රකාශය ඉවත් කර ගන්න අනුමැතිය

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

එම්.එම්. සී ප්‍රදිනාන්දු මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටියදී කෝප් කමිටුව හමුවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ කරමින් කළ ප්‍රකාශයක වචන කිහිපයක් ඉවත් කර ගැනීමට ඔහු කළ ඉල්ලීම එම කමිටුව දීර්ඝ සාකච්ඡාවකින් පසුව අද (23) අනුමත කළේය.

එම ඉල්ලිම අනුමත කරනු ලැබූවේ ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම් එම් සී ප්‍රදිනාන්දු මහතා කෝප් කමිටුව හමුවට පසුගිය 10 වෙනිදා පැමිණ කළ ප්‍රකාශයක වචන කිහිපයක් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ඉල්ලීම් කරමින් ඔහු විසින් ඉදිරිපත් කෙරුණු ලිපිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඒ මහතා එම කමිටුව හමුවට අද(23) කැඳවා සාකච්ඡා කළ අවස්ථාවේදීය.

තමාට කෝප් කමිටු රැස්වීමේදී බලපෑමක් සිදුවූ බවට හා අසාධාරණ චෝදනාවක් එල්ල වූ බවට පවසා තිබීම වැරදි ප්‍රකාශයක් බව ප්‍රදිනාන්දු මහතා එහිදී පිළිගත්තේය.

මන්නාරම සහ පුනරින් හි ක්‍රියාත්මක කළ යුතු යැයි සඳහන් වන සූර්ය බල සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ආරම්භ වූයේ කෙසේද යන කාරණය පිළිබඳවද කමිටුව මෙහිදී සොයා බැලුවේය.

මෙම ව්‍යාපෘතිය රජයන් දෙකක් අතර ව්‍යාපෘතියක් ලෙස පිළිගැනීමට එවකට අගමැතිවරයාගේ මාර්ගෝපදේශකත්වයක් තිබුණේ ද යන්න පිළිබඳව කමිටුව මෙහිදී විමසා සිටි අතර ඊට පිළිතුරු දුන් ප්‍රදිනාන්දු මහතා පැවසුවේ රජයේ ඉහළ ඉහළ දේශපාලන අධිකාරිය ලබා දෙන මාර්ගෝපදේශ නිලධාරීන් ලෙස විධානයන් ආකාරයෙන් පිළිගන්නා බවයි.

එය රාජ්‍යයන් දෙකක් අතර එකඟතාවය මතවූ ව්‍යාපෘතියක් ලෙස අවබෝධ කරගත් බවද ඔහු සඳහන් කර ඇත.

විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමුවිය.

කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශයේ කොටසක් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් යැවූ ලිපියේ පිටපතක් ජනාධිපති ලේකම්වරයාට නොයැවූයේ මන්දැයි කෝප් කමිටුව මෙහිදී විමසූ අතර එහිදී අදහස් දැක්වූ ප්‍රදිනාන්දු මහතා පැවසුවේ එය සිතා මතා සිදු නොකළ අතපසු වීමක් බවයි.

මෙම ව්‍යාපෘතියට අදාළ ක්‍රියාදාමය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමටද කෝප් කමිටුව තීරණය කළේය.

විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර පසුව ඉල්ලා අස්කරගෙන තිබුණේ බලශක්ති ව්‍යාපෘතිය අදානි සමාගමට ලබා දෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බලපෑම් කරන බවට ජනාධිපතිවරයා තමාට ප්‍රකාශ කළේ යැයි ය න ප්‍රකාශයයි.

 



අදහස් (4)

ලංවීම හිටපු සභාපතිට ප්‍රකාශය ඉවත් කර ගන්න අනුමැතිය

Maha zen Thursday, 23 June 2022 07:55 PM

අල්ලපු වත්තේ යාළුවා තරහා වෙයි..!

:       0       0

chandima Thursday, 23 June 2022 08:50 PM

ඒකනම් මාරයි. කනේ පාරක් දීලා ගුටිය ඉවත්කරගත්තා කියලා කියන්නත් පුළුවනි. කමිටුවේ ඉන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩයෝ වෙන කට්ටියක් වෙන්න ඇති...

:       0       0

Rata Perata Thursday, 23 June 2022 10:00 PM

ඇනස්ලි, බර්ටිලා නැති අඩුව පුරවන්න වගේ වැඩ... දැන් ඔතැනට ඇවිල්ලා කිව්වේ නෑ. කිව්වට ඉස්සරවෙලා ලියුමක් ලියලා තියෙනවා කියලා දන්නේ නැද්ද?

:       0       0

Lalith M Friday, 24 June 2022 06:36 AM

මෙයා අමාත්‍යාංශයේ ලේකම්කමත් කළ පුද්ගලයා. අභ්‍යන්තර කටයුතුවල සියලු රහස් දන්නවා නේද? නිකම් ආතතියට මේ වගේ දෙයක් කියන්න බබෙක් නොවේ. සත්‍ය වසන් කිරීම බොරුකීම නොවේද? හේරත් මහාචාර්ය තුමාගේ භූමිකාවේ දැලි නොවේ අසූචි තැවරෙන කතාවක් මේක..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site