
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
කහවත්ත ප්‍රදේශයෙන් පසුගිය වසරේ පෙබරවාරි මස හමුවූ කිලෝග්‍රෑම් 510 කින් යුත් ‘නිල් ආරනූල් කොරන්ඩම් ස්පිටික’ වර්ගයේ ස්වාභාවික මැණික් පොකුර රටවල් ගණනාවකට ගෙන යෑමෙන් පසුව නැවත ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.
ලොව විශාලතම මැණික් පොකුර ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසූ මෙම මැණික මේ වන විට කටුනායක ගුවන්තොටුපලේ තිබෙන බව වාර්තා වේ.
මෙම මැණික් පොකුර ස්විස්ටර්ලන්තයේ ‘ගබ්ලින් ජෙම් ලැබ්’ නැමැති විද්‍යාගාරයේ කළ පරීක්ෂණවලින් අවම වටිනාකම රුපියල් මිලියන 2000 ක් හෙවත් කෝටි 200 ක් පමණ බවට තක්සේරු කර ඇති බවත් ස්වර්ණාභරණ අධිකාරිය එවකට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එවකට කෝටි 200 ක් වෙච්චි එක මෙවකට තුට්ටුවක්වත් වටින්නෙ නෑ ලු ද?
චන්දෙ කාලෙට මතුවන අමුතු මැණික….!
ඕක තොටුපළකට ගිහින් දාන්න... යම් කෙනෙකුට රෙදිටිකවත් අපුල්ලගන්න පුළුවන්නේ...
ඔච්චර වටිනා කමක් තියන එක්ක නං ඕක වෙන්දේසියේ දාන්නේ නැහැ . ඕක දැන් තියෙන්නෙ අරයගෙ ගෙදර .
ඉතින් ඕක දීලා ඩොලර් ටිකක් හරි හොයාගන්න පුළුවන්නේ...? නිකන් ෂෝ විතරයි...
බලාගෙන, ඩේසි ආච්චිගේ මැණික් මල්ලට වැටෙන්ඩ බැරිකමකුත් නැහැ. . ගහපු ගේම් කරල තියෙන වැඩ වල හැටියට මැදමූලනේ උදවියට ඕකට අරින එකත් සුලු දෙයක් ?
ඕකෙ වටිනාකමක් නැතිව ඇති...!
ගබිලින් නෙමෙයි ගුබිලින්, අනෙක Professor ගුබිලින් කියන්නෙ ලෝක පුසිද්ද Gemologist කෙනෙක්, කෝටි 200 ක තක්සේරුවක් දුන්න කියන්නෙ පටිටපල් බොරැ .එහෙම දුන්නනමි තකසේරැ සහතිකය පුසිද්ද කරන්න කියන්න.
වාර්තාව හරියට සතියේ දිනවල විකාශය වෙන ටෙලිනාට්‍යයක සිකුරාදා කොටසේ අවසානය වගෙයි ඇත්තටම වාර්තාවක් ලියද්දි වෙච්චි සිදුවීම සමග ඉදිරිපත් කලානම් නේද හොද
ඔය මැනික්ගල රාජපස්සයන්ට දන්නොතින් නියමෙට විකුනල දීල ලන්කාවෙ නයත් ගෙවල අත පිහදාෙගනෙ එවි. සුරුට්ටු සින්හලයන්ගෙ බොරු ගල් ලොකෙ කවුරුවත්ම ගන්නෙ නැත. ඔකම මුස්ලිම් මිනිහෙක් අරන් ගියෙත්, හොන්ද ගානකට විකිනේ. එගොල්ලනෙ බිස්නස්කාරයො.
කවුද ඒක ඔය ගණනට තක්සේරු කරපු ලංකාවේ අයියා ?ඔච්චර මිලකට ඔය කළු ගල් කුට්ටිය මිල කරා නම් එය ආපහු මේ රටට ආපු එක තමා ලෝක පුදුමේ .දැන් ඕක ගන්නේ කවුද ?
මේක බොරුවක් ,අර කැලණියේ නාගයා වගේ
ගිය හැටියටම ආපහු ආවද දන්නෙ නෑ. . මොකටද ගෙනිච්චෙ කියල දන්න කෙනෙක් ඉන්නවද?
දැන් තියෙන්නේ ඒ වගේ වෙන ගලක් ද දන්නේ නෑ
ලෝකේ වටේ ගෙනිච්චත් ගල වටින්නේ නැති නිසා කවුරුත් ගත්තේ නැහැ .අපරාදේ ලෝකේ වටේ ගෙනියන්න වියදම් කරපු සල්ලි තරම් වත් වටින්නේ නැතිව ඇති