මෙම වසර අවසන් වීමට පෙර ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) පළමු ක‍්‍රීඩකයන් 25 දෙනා අතරට ඒම සිය අරමුණ බව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ලන්ඩන් නුවර සිට අද (6)පැවසීය.
ලෝක ශ්‍රේණිගත කිරීමේ 48 වැනි ස්ථානයේ සිටින නිලූක පවසන්නේ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල අවසන්වීමෙන් පසුව තමන්ට තවදුරටත් ඉදිරියට ඒමේ අවස්ථාව හිමිවන බවයි. ලොව පළමු බැඞ්මින්ටන් ක‍්‍රීඩකයන් 10 දෙනා අතරට ඒම තම ක‍්‍රීඩා දිවියේ ඉලක්කය යැයිද නිලූක වැඩි දුරටත් පැවසීය.
ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ මුලික වටයේදී නිලූක, බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ අට වැනි ස්ථානයේ සිටි ජපානයේ කිනිචි ටාගෝ පරදවා විශිෂ්ට ජයක් ලැබීය. ශ්‍රී ලංකා ක‍්‍රීඩා ඉතිහාසයේ බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් දැක් වු ඉහළම දස්කම ලෙස ද එය වාර්තාවේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ලොව පළමු ක‍්‍රීඩකයන් 25 දෙනා අතරට ඒම අරමුණයි
චමින්ද Monday, 06 August 2012 11:09 PM
හොද උත්සාහයක් (ස)
ෂෙහාන් Tuesday, 07 August 2012 03:20 AM
ඔබට පුළුවන් ඒක කරන්න(දී)
චින්තක Tuesday, 07 August 2012 03:17 PM
ඔබ දිනුම් දිනුක.. ලංකාවෙ අනෙක් අයට පුහුණු කරුවෙක් වෙන්න. තව අපේ රන් පුතෙක් ඔලිම්පික් යවන්න..!!(නු)
අමිල කටුනායක Tuesday, 07 August 2012 07:49 AM
10 නොවී පළමු වැනි වෙන්නයි අපේ පැතුම! (නි)