කොරෝනා වසංගතය හේතුවෙන් ලොවපුරා විවිධ රැකියාවල නිරත වන සේවකයන්ගෙන් අඩක් අවදානම් තත්ත්වයේ පසුවන්නේ යැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය අනතුරු අඟවයි.
ලොවපුරා පැතිර ගොස් තිබෙන ‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ලොවපුරා විවිධ රැකියාවල නිරත වන සේවකයන්ගේ ජීවනෝපය විනාශ වී ඇතැයි එම සංවිධානය පෙන්වාදෙයි.
ඒ අනුව ලොවපුරා විවිධ වෘත්තීන්වල නිරත වන සේවකයන් බිලියන 1.5කගේ ජීවනෝපය ඇත්තේ අවදානමේ යැයි ද ජාත්‍යන්තර කම්කරු සංවිධානය අනතුරු අඟවයි.
කොරෝනා වයිරසය ලොවපුරා ලක්ෂ 30කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර වයිරසය හේතුවෙන් 2,20,000කට ආසන්න පිරිසක් මියගොස් ඇත.
විශේෂයෙන්ම අවිධිමත් ක්ෂේත්‍රයේ සිටින සේවකයන්ගේ ජීවනෝපය අවදානමේ යැයි ද එම සංවිධානය කියයි.
එයින් වැඩි සංඛ්‍යාවක් ඇත්තේ සිල්ලර වෙළෙඳ ක්ෂේත්‍රය, නිෂ්පාදන සහ ආහාර සේවා ක්ෂේත්‍රය යැයි එම සංවිධානය පවසයි.
අවිධිමත් ආර්ථික ක්ෂේත්‍රයේ සිටින බිලියන දෙකකගේ වැටුප, ගෝලීය සාමාන්‍යක් ලෙස සියයට 60කින් පහළ වැටී ඇතැයි ද ජාත්‍යන්තර කම්කරු සංවිධානයයි. එසේ පහත වැටී ඇත්තේ එම සේවකයන් සිටින කලාපය තුළ වසංගතය ව්‍යාප්ත වීමට පටන් ගත් මුල් මාසයේදී ය.
‘‘මිලියන ගණනාවකට ආදායම් නෑ කියන්නේ ඔවුන්ට ආහාර නෑ කියන එකයි. ජීවනෝපයක් නැති වුණාම ඔවුන්ට ආරක්ෂාවක් නැහැ අනාගතයක් නැහැ. ලොවපුරා විවිධ ව්‍යාපාර මිලියන ගණනක් අමාරුවෙන් හුස්ම ගන්නේ’’ යැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ගයි රයිඩර් පැවැසීය.
‘‘ඔවුන් ගාව ඉතුරු කරපු මුදලක් නැහැ. ඔවුන්ට ණය ගන්න විදියක් නැහැ. රැකියා ලෝකයේ සැබෑ තත්ත්වය මෙයයි. අපි දැන් ඔවුන්ට උදව් උපකාර කළේ නැත්නං ඔවුන් විනාශ වී යනවා’’ යැයි ද හෙතෙම කීය.
බී.බී.සී.
ඡායාරූපය ඒ.එෆ්.පී.
055
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලොව පුරා කෝටි 150 ක් ජීවනෝපාය අහිමි වීමේ අවදානමේ