මේ වන විට ලොව දෙවැනි වේගවත්ම මිනිසා ලෙස ලෝකය පුරා අවධානය දිනාගෙන සිටින ජැමෙයිකානු කී‍්‍රඩක යොහාන් බ්ලේක්, ඩොලර් ලක්‍ෂ 5 ක් වටිනා අත්ඔරලෝසුවක් නිසා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ උදහසට ලක්ව සිටී.
ලොව වේගවත්ම මිනිසා වන ජැමෙයිකානු කී‍්‍රඩක උසේන් බෝල්ට්ගේ පුහුණු සගයා වන නමුත් බෝල්ට්ට සිටින ප‍්‍රබලතම ප‍්‍රතිවාදියා වන්නේද බ්ලේක්මය. ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ මීටර 100 ඉසව්වේදී උසේන්ට දෙවැනි වෙමින් රිදී පදක්කමට හිමිකම් කී බ්ලේක්, ඊයේ රාති‍්‍රයේ පැවැත්වීමට නියමිතවූ මීටර 200 අවසන් තරගයේදීත් උසේන් බෝල්ට්ට ප‍්‍රබල තර්ජනයක් වනු ඇතැයි විචාරකයෝ පවසා සිටියහ.
මීටර 100 අවසන් තරගයේදී යොහාන් බ්ලේක් විසින් පළඳින ලද සුවිශේෂී අත්ඔරලෝසුව ජැමෙයිකානු ධජයේ පැහැයන් වන කොළ සහ කහ පැහැති වර්ණ යොදා නිර්මාණය කර තිබිණ. එය ‘රිචඞ් මිල්ලේ ටුවර්බිලියන්’ නමින් හැඳින්වෙන සුවිශේෂී ඔරලෝසුවකි. එහි නිර්මාපකයා රිචඞ් මිල්ලේ නැමැත්තෙකි. ඔහු මෙම අත් ඔරලෝසුව නිර්මාණය කර තිබුණේද ඔලිම්පික් මීටර 100 අවසන් තරගයේදී යොහාන් බ්ලේක්ට පැළඳීම සඳහාමය.
කෙසේ වෙතත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිර්දේශ අනුව ඔලිම්පික් කී‍්‍රඩා උළෙලකදී කී‍්‍රඩකයකුගේ ඇඳුම සම්පූර්ණයෙන්ම ඔලිම්පික් අනුග‍්‍රාහකයන්ගේ ලාංඡන වලින් සමන්විත විය යුතුවන නමුත් රිචඞ් මිල්ලේ ඔලිම්පික් අනුග‍්‍රාහකයන්ගේ ලයිස්තුවට ඇතුළත් නොවන්නෙකි. ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා අනුග‍්‍රහය දක්වන කාලය මැනීමේ සමාගම වන්නේ ලෝ ප‍්‍රකට ‘ඔමේගා’ සමාගමයි.
මේ තත්වය මත බ‍්‍රහස්පතින්දා රාති‍්‍රයේදී පැවැත්වෙන මීටර 200 තරගයෙන් රන් පදක්කමක් දිනාගත්තත් නැතත්, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට විශාල දඩයක් ගෙවීමට බ්ලේක්ට සිදුවනු ඇතැයිද අන්තර්ජාතික ප‍්‍රවෘත්ති ඒජන්සි වාර්තා කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔලිම්පික් එකත් ව්‍යාපාරයක් වෙලා නේද ? අපි හිතුවේ ක්‍රීඩා තරඟයක් විතරයි කියලා....(ස)
දිනලා දඩ ගෙව්වත් මොකෝ .මේ අයට පදක්කම වටිනවා සල්ලි වලට වඩා ..(ස)
අනේ කාලේ වනේ වාසේ .මෙහෙම ගියොත් ඔලිම්පික් බලන්න වෙන්නේ ටීවී එක අනිත් පැත්ත හරවලා...(ස)
මේ වගේ විශාල තරඟ වලට අනුග්‍රහය දක්වන්නේ විශාල ආයතන..ඒවට ඕන විදියට තමයි අදින්න ඕන.. (ස)
කොහෙමත් කළු ජාතීන්ගේ වැඩ සුදු ජාතීන්ට අල්ලන්නේ නෑනේ..(ස)
එතකොට ක්‍රීඩකයා ඇඳගෙන හිටපු ඇඳුනුත් අනුමත නොකරපු සමාගමක නිෂ්පාදනයක් නම් එකටත් දඩ ගහනවද?(ස)