IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලොව දෙවැනි වේගවත්ම මිනිසා - බ්ලේක් ජගත් ඔලිම්පික් කමිටුවේ උදහසට ලක්වෙයි

මේ වන විට ලොව දෙවැනි වේගවත්ම මිනිසා ලෙස ලෝකය පුරා අවධානය දිනාගෙන සිටින ජැමෙයිකානු කී‍්‍රඩක යොහාන් බ්ලේක්, ඩොලර් ලක්‍ෂ 5 ක් වටිනා අත්ඔරලෝසුවක් නිසා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ උදහසට ලක්ව සිටී. ලොව වේගවත්ම මිනිසා වන ජැමෙයිකානු කී‍්‍රඩක උසේන් බෝල්ට්ගේ පුහුණු සගයා වන නමුත් බෝල්ට්ට සිටින ප‍්‍රබලතම ප‍්‍රතිවාදියා වන්නේද බ්ලේක්මය. ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ මීටර 100 ඉසව්වේදී උසේන්ට දෙවැනි වෙමින් රිදී පදක්කමට හිමිකම් කී බ්ලේක්, ඊයේ රාති‍්‍රයේ පැවැත්වීමට නියමිතවූ මීටර 200 අවසන් තරගයේදීත් උසේන් බෝල්ට්ට ප‍්‍රබල තර්ජනයක් වනු ඇතැයි විචාරකයෝ පවසා සිටියහ. මීටර 100 අවසන් තරගයේදී යොහාන් බ්ලේක් විසින් පළඳින ලද සුවිශේෂී අත්ඔරලෝසුව ජැමෙයිකානු ධජයේ පැහැයන් වන කොළ සහ කහ පැහැති වර්ණ යොදා නිර්මාණය කර තිබිණ. එය ‘රිචඞ් මිල්ලේ ටුවර්බිලියන්’ නමින් හැඳින්වෙන සුවිශේෂී ඔරලෝසුවකි. එහි නිර්මාපකයා රිචඞ් මිල්ලේ නැමැත්තෙකි. ඔහු මෙම අත් ඔරලෝසුව නිර්මාණය කර තිබුණේද ඔලිම්පික් මීටර 100 අවසන් තරගයේදී යොහාන් බ්ලේක්ට පැළඳීම සඳහාමය. කෙසේ වෙතත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිර්දේශ අනුව ඔලිම්පික් කී‍්‍රඩා උළෙලකදී කී‍්‍රඩකයකුගේ ඇඳුම සම්පූර්ණයෙන්ම ඔලිම්පික් අනුග‍්‍රාහකයන්ගේ ලාංඡන වලින් සමන්විත විය යුතුවන නමුත් රිචඞ් මිල්ලේ ඔලිම්පික් අනුග‍්‍රාහකයන්ගේ ලයිස්තුවට ඇතුළත් නොවන්නෙකි. ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා අනුග‍්‍රහය දක්වන කාලය මැනීමේ සමාගම වන්නේ ලෝ ප‍්‍රකට ‘ඔමේගා’ සමාගමයි. මේ තත්වය මත බ‍්‍රහස්පතින්දා රාති‍්‍රයේදී පැවැත්වෙන මීටර 200 තරගයෙන් රන් පදක්කමක් දිනාගත්තත් නැතත්, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට විශාල දඩයක් ගෙවීමට බ්ලේක්ට සිදුවනු ඇතැයිද අන්තර්ජාතික ප‍්‍රවෘත්ති ඒජන්සි වාර්තා කියයි.



අදහස් (0)

ලොව දෙවැනි වේගවත්ම මිනිසා - බ්ලේක් ජගත් ඔලිම්පික් කමිටුවේ උදහසට ලක්වෙයි

සුමිත් Friday, 10 August 2012 10:57 AM

ඔලිම්පික් එකත් ව්‍යාපාරයක් වෙලා නේද ? අපි හිතුවේ ක්‍රීඩා තරඟයක් විතරයි කියලා....(ස)

:       0       0

ප්‍රවීන් Friday, 10 August 2012 11:46 AM

දිනලා දඩ ගෙව්වත් මොකෝ .මේ අයට පදක්කම වටිනවා සල්ලි වලට වඩා ..(ස)

:       0       0

ඉන්දික Friday, 10 August 2012 12:18 PM

අනේ කාලේ වනේ වාසේ .මෙහෙම ගියොත් ඔලිම්පික් බලන්න වෙන්නේ ටීවී එක අනිත් පැත්ත හරවලා...(ස)

:       0       0

මංගල Friday, 10 August 2012 12:46 PM

මේ වගේ විශාල තරඟ වලට අනුග්‍රහය දක්වන්නේ විශාල ආයතන..ඒවට ඕන විදියට තමයි අදින්න ඕන.. (ස)

:       0       0

වරුණ Friday, 10 August 2012 01:38 PM

කොහෙමත් කළු ජාතීන්ගේ වැඩ සුදු ජාතීන්ට අල්ලන්නේ නෑනේ..(ස)

:       0       0

සමන් Friday, 10 August 2012 02:29 PM

එතකොට ක්‍රීඩකයා ඇඳගෙන හිටපු ඇඳුනුත් අනුමත නොකරපු සමාගමක නිෂ්පාදනයක් නම් එකටත් දඩ ගහනවද?(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site