IMG-LOGO

ලොව කුඩාම ගෙම්බෙකු ලංකාවේ

ලොව කුඩාම ගෙඹි විශේෂයක් වසර සියයකට පසු ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබේ. සත්ත්ව විද්‍යා පර්යේෂකයන් වන මාධව මීගස්කුඹුර මහතා සහ එම්.එම්.බාහීර් මහතා අග්‍රා බෝපත් වන ප්‍රෙද්ශයේ කරන ලද සංචාරයකදී මේ ගෙම්බා හමුවී ඇත්තේ 2005 වර්ෂයේදීය. නව විශේෂයක් විය හැකියැයි සිතා පර්යේෂණ කරද්දී එය වසර සියයක පමණ පෙර ඉන්දීය ජාතික එන්.ආනන්දයන් නමැති සත්ත්ව විද්‍යාඥයා විසින් 1911 දී පට්ටිපොලදී සොයාගත් සෙඩොපිලෝටස් සෙමිරූබර් Pseudophilautus semiruber බව තහවුරු වී ඇත. හොදින් වැඩුණුවිට මිලිමීටර 15 ක් තරම් වූ කුඩා සිරුරකට හිමිකම් කියන මේ ගෙම්බා ගැන පර්යේෂණ කළ මාධව මීගස්කුඹුර මහතා,  කැළුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා, ගයාන් බෝවත්ත මහතා සහ සුයාමා මීගස්කුඹුර මහත්මිය විසින් මේ ගෙම්බා පිළිබද කරන ලද පර්යේෂණ වාර්තාව ජාත්‍යන්තර සූ සැක්ටා සගරාවේ පළකැර තිබේ. මෙතෙක් ජාත්‍යන්තර රතු දත්ත පොතට අනුව තොරතුරු වාර්තා නොමැති සත්ත්ව විශේෂයක් ලෙස හැදින්වූ මේ ගෙඹි විශේෂය නැවත සොයාගැනීම හේතුවෙන් ඔවුන් දැඩි අන්තරායකාරී සත්ත්ව විශේෂයක් ලෙස පිළිගැනෙනු ඇත. වැඩි තෙතමනයක් සහිත දිරායන කොළරොඩු අතර ජීවත්වන මේ ගෙම්බාගේ විශේෂත්වය වන්නේ සෘජුව පැටවුන් බිහිකිරීමයි. මඩ සහිත පරිසරයක බිත්තර දෙක තුනක් දමන මේ ගෙම්බාගේ ඉස්ගෙඩි අවස්ථාව ද බිත්තරයේම ගතකිරීම විශේෂත්වයකි. ලොව ගෙඹි විශේෂ 5000 ක් පමණ සොයාගෙන ඇති අතර මෙවැනි කුඩාම ගෙඹි විශේෂ වාර්තාවන්නේ 46 ක් පමණි. මෙම ගෙම්බා ඇතුළුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ලොව කුඩාම ගෙම්බන් ගණන තුනකි.



අදහස් (0)

ලොව කුඩාම ගෙම්බෙකු ලංකාවේ

දිලිප් Saturday, 24 March 2012 09:16 PM

නියමයි

:       0       0

කෝලිත Friday, 23 March 2012 10:08 AM

අර විපක්ෂෙට ඉන්න සත පහකට වටින්නේ නැති ගෙම්බෙක් ආයෙත් ලෝක වාර්තා පොතට යන්නයි ඉන්නේ

:       0       0

sam Friday, 23 March 2012 11:30 AM

සෙන්ටිමීටර 15 ක් කියන්නේ පොඩිද? අනේ මන්ද. මට ඔය ගණන් හිලව් එච්චර තේරෙන්නේ නැහැ.

:       0       0

සිතාර, ඉතාලි සිට Friday, 23 March 2012 01:04 PM

ඇගිලි පුරුකක් ප්‍රමාණයේ. ලංකාවේ කිසි දෙයක් කවදාවත් නැති වෙන්නේ නැතෝ...........

:       0       0

susantha sri ekanayaka - Italy Saturday, 24 March 2012 02:37 AM

සෑම් ට වැරදිලා...ලිපිය හරියට කියවලා ඉන්න. සෙන්ටිමීටර් කියල නමේ ලිපියේ සදහන් වෙන්නේ....මිලිමීටර් කියලා. අනික ඔය වගේ ගණන් හිලව් නොතේරෙන්න සෑම් තොත්ත බබෙක්ද.....?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1754 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 573 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 665 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site