IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලොරිය පෙරැළි අයෙක් මරුට

( ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ, කිරිමැටිය හරහා නුවරඑළිය මාර්ගයේ ධාවන වු ලොරි රථයක් ඩෙස්ෆෝඩ් ප්‍රදේශයේදී  මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් එහි ගමන් ගත් එක් අයෙකු ජීවිතක්ෂයට  පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි නානුඔය පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නානුඔය, ඩෙස්ෆෝඩ් වත්තේ පදිංචිව සිටි වඩමලෙයි මයිල්වාගනම් (57) නැමැති අයෙකු බව පොලීසිය කියයි.

ලොරි රථයේ රියදුරා සහ රිය සහායකවරයා මෙම අනතුරින් තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කොට තිබේ.

දැව කඳන් තොගයක් ප්‍රවාහනය කිරීම  සඳහා යමින් තිබු මෙම ලොරි රථයට ජීවිතක්ෂයට පත් පුද්ගලයා නානුඔය නගරය වෙත යාම පිණිස අතරමගදී නැග  ඇති බවත්, ඔහු ලොරි රථයට ගොඩ වී  මද දුරක් ගමන් කරමින් සිටියදී ලොරි රථය අනතුරට ලක්ව ඇතැයි පොලීසිය සිදු කරන ලද මුලික විමර්ශණවලදී අනාවරණය වී තිබේ.

 

 



අදහස් (0)

ලොරිය පෙරැළි අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site