(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුන්දලම මංගලඑළිය ප්‍රදේශයේ දී 17 දින සවස එළවළු ප්‍රවාහනය කරමින් තිබු ශීතාගාර සහිත ලොරියක් හා කුකුළු පොහොර ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් මුහුණට මුහුණ ගැටිමේන් පස් දෙනකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කල බව මුන්දලම පොලිසිය කියයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ විදේශ රටවලට එළවළු අපනයනය කරනු ලබන ව්‍යාපාරයකට අයත් ශිතාගාර සහිත ලොරියක් හා බිංගිරියේ සිට නොරෝච්චෝල ප්‍රදේශයට කුකුළු පොහොර රැගෙන යමින් තිබු ලොරි රථ දෙකක් බව කියයි.

 ලොරි රථ රියදුරුන් හා සහයකයින් පස් දෙනකු බරපතල තුවාල සිදුව තිබු බව මුන්දලම පොලිසියේ රථවාහන අංශ නිළධාරින් පවසති.