
(යොහාන් භාසුර)
විදුලි ගාස්තු ලබන ජූලි මස 1 වැනිදා සිට අඩු කරන බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (6) පැවසීය.
විදුලි ගාස්තු අඩු කිරීමේදී විදුලි ඒකකයක මිල අඩුවන ආකාරය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (6) ඉදිරිපත් කළේය.
ඒ අනුව විදුලි ඒකක 0 -30 දක්වා ඒකකයක මිල රුපියල් 8 සිට රුපියල් 6 දක්වා ද, ඒකක 31 සිට 60 දක්වා එකකයක මිල රුපියල් 20 සිට රුපියල් 9 දක්වා ද, ඒකක 61 සිට 90 දක්වා ඒකකයක මිල රුපියල් 30 සිට 18 දක්වා ද, ඒකක 91- 180 දක්වා ඒකකයක මිල රුපියල් 50 සිට 30 දක්වා ද, අඩුකරන බව ඇමැති කාංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධ යෝජනාව හෙට හෝ සදුදා මහජන උපයෝගීතා කොමිසමට යොමු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමො ඇයි ඔච්චර අඩු කරෙ ඔබලාට සැප ගන්න මුදල් අඩු පාඩු වෙයි. අපි තව ඉදිරියටත් පෙර පරිදී ගෙවන්නමි.
ජනතාව ගේ අයිතිවාසිකම් උන් ලබා දෙන සහන කියලා ජනතාව ට පෙන්වන කාලකන්නි මජර දේශපාලන ක්‍රමය ඉක්මනින් ම අවසන් කරන්න ඕන
විදුලි බිලට සමගාමිව වතුර බිලත් අඩුවෙන්න ඕනේ , දැන් එන වතුර බිලත් හුඟක් වැඩි
ජාතික ජනබල වේගය විසින් ආණ්ඩුවක් පිහිටුවීමට පෙරම ජනතාවට සහන ලබාදීමට කටයුතු කිරිම පිලිබදව එහි නායකත්වයට අපගේ බලවත් ප්‍රසාදය !
පුරවැසියා ,ඔහේගේ තර්කය හරි නම් ඔක්කොම ජනතාවට තනි තනිව කරගන්න ඇරලා හිටියහම හරිනේද? ජනතාවගේ නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තු යවන අය කටයුතු හරි හැටි කළමනාකරණය කරලා ජනතාවට පහසුකමක් දුන්නහම කුහක නොවී එය අගයකන්රන්න පුරුදුවෙන්න . ඔහේ හදවතට එකඟව කල්පනාකලොත් මතක් වේවි අඩුම තරමින් බස් එකේ හොරෙන් යාමවත් කරලා නැතිද කියල . අර්ථය පැහැදිලි ඇතිනේ ?
ඇමතිතුමා තව අඩුකරන්න අපි දන්නවා.මේවා චන්ද ගුණ්ඩු කියලා.වාරය ආවම රටේ බිද්ධිමත් ජනතාව නිසි පරිදි පිළිතුරු අඩු නැතුවම දෙයි
මෙතන තියෙන ගොඩක් කමෙන්ට් වලින් පැහැදිලිවෙන්නේ ජනතාව නොමිලේ ලයිට් බලාපොරොත්තුවෙන බවයි. ඉතින් ඔය තර්කයම අනිත් පැත්තට ගනිමුකෝ එතකොට අඩු වැටුපකට රජයට වැඩ කරන්න ඔබලාට හිතේවි . අපේ උන් පුරුදුවෙලා ඉන්නේ නිකන් රු100 පොල් ගෙඩිය රු 25 ට ගන්න, පැය 8 න් පැය 4 ක් වැඩකරලා අනිත් වෙලාව හොරට ඉන්න. හොරට ඕටී දාගන්න ගමන් කෝකටත් තෙල කියල රජයටම බැන බැන ඉන්න .
තිබිච්චි මිල අහස උසට නංගලා දැන් ටික ටික අඩු කරපුවහම ඒක අඩුම මිලි වෙනවාද ඇමැතිතුමෝ...?
පුතත් විඳවලා තමයි මැරෙන්නේ. කොච්චර ළමයින්ට පාඩම් කරන්න බැරිව ඇද්ද?, වයෝවෘද්ධ, රෝගී මිනිස්සු කීයක් මැරුණාද? දකුණු ආසියාවේ වැඩිම මිල ලංකාවේ ශෝක් නේද? ඉස්සර රුපියල් 200-300 ආපු බිල දැන් 3000-4000ක් 30,000ක වැටුපක් ගන්න මනුස්සයෙක් නම් කොහොමද ගෙවන්නේ?