නේපාලයේ කත්මණ්ඩු අගනුවරට කිලෝ මීටර් 80 ක් වයඹ දිග සිදුවූ මහා භූමිකම්පාවෙන් සිද්ධාර්ථ කුමාරයාගේ උපත සිදුවූ ලුම්බිණයට කිසිම හානියක් සිදුවී නැත.
කත්මණ්ඩු නුවරට කිලෝ මීටර් 179 ක් ඈතින් ඉන්දියා - නේපාල දේශශීමාව අසලම ලුම්බිණිය පිහිටියේය.
1997 දී ලුම්බිණිය ලෝක උරුම පුද බිමක් ලෙස නම් කැරිණි.
භූ කම්පන හේතුවෙන් නේපාලයේ රජවරුන් විසින් 12වන සියවසත් 18 වැනි සියවසත් අතර ඉදිකරන ලද පිළිම, විහාර ඇතුළු පෞරාණික වටිනාකමකින් යුත් බොහෝ ස්ථාන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි නේපාල පුවත් සේවා වාර්තා කරයි.
යුනෙස්කෝ සංවිධානය ඉපැරුණි කත්මණ්ඩු නුවර රාජධානී වන පාටන් හා බක්ත්පූර් ඇතුළු පෞරාණික වස්තූන් ඇති ප‍්‍රදේශ හා හානි වූ පෞරාණික සිද්ධස්ථාන පිළිබඳ දත්ත එක්රැස් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
භූ කම්පනයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවකුටත් හානියක් සිදුව නැතැයි නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව්.එම්.සෙනෙවිරත්න මහතා පැවසීය. නේපාලයේ වත්මන් තත්ත්වය ගැන ශ්‍රී ලාංකිකයන්ට තොරතුරු දැනගැනීමට පැය 24 පුරා ක්‍රියාත්මක 0097 7985 1020 057 අංකය ඇමතිය හැකි බව තානාපතිවරයා කියයි.
හිමාල භූමිකම්පාවෙන් එවරස්ට් කන්දේද කොටස් ගිලා බැස ඇත. එවරස්ට් කන්ද නගිමින් සිටි පිරිසෙන් අඩු ගණනේ 10 දෙනකුවත් මිය ගොස් ඇතැයි කඳු නගින්නකු කියයි.
භූකම්පනයෙන් 1800 කට වඩා වැඩි පිරිසක් මිය ගොස් 5000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා සඳහන් කරයි. අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවද කියති. රිච්ටර් මාපකයේ 7.9 ක අගයක් ගත් මෙම භූකම්පනයෙන් බංග්ලාදේශය, ටිබෙටය, උතුරු ඉන්දියාවට හා පකිස්ථානයටද හානි සිදුවී ඇත. මෙය වසර 81 කට පසු නේපාලයේ සිදුවූ දරුණුතම භූමිකම්පාව බවද විදෙස් ආරංචි කියයි.
තුවාලකරුවනට ප්‍රතිකාර කිරීම සඳහා කත්මණ්ඩු නුවර පාරවල් අවටද ජංගම රෝහල් විවෘත කර ඇත. ශ්‍රී ලංකාවෙන් හමුදා වෛද්‍ය කණ්ඩායමක්ද, ඉන්දියාවෙන් සහන සේවකයෝද දැනටම එහි ගොස් සිටිති. ශ්‍රී ලංකාවේ වෛද්‍ය සිසුන් 120 ක් පමණ කත්මණ්ඩු නුවර නිරුපද්‍රිතව සිටින බවද විදේශ අමාත්‍යංශය කියයි.
නේපාල පොලිසිය අද (26) පැවසුයේ මිය ගිය 1865 කගේ සිරුරු සොයාගෙන ඇති බවයි.
කත්මණ්ඩු නුවර හා අවට නිවාස ඇතුළු ගොඩනැගිලි වැඩිහරියක් සුන්බුන් ගොඩක් වී ඇත.
ඡායාරූප - ඒ.එෆ්.පී සහ ඩේලිමේල් ඇසුරිනි
ඡායාරූප - ඉෂාර කොඩිකාර ( ඒ.එෆ්.පී ප්‍රංශ පුවත් සේවය)
2025 දෙසැම්බර් මස 16
81
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
879
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලුම්බිණියටත් ලක් සිසුන්ටත් හානියක් නෑ