මඩබාවීට කනිෂ්ඨ විද්‍යාලයයේ හය වැනි වසරේ ජි ආර් කෞශල්‍යා හිරුෂාණී උපතින්ම දෙපා හා වමි අත අහිමි දැරියකි. ඵක් ඇගිල්ලක් පමණක් ඇති දකූණු අතත් පාදයක දනහිසින් පහළ කොටසත් උපයෝගි කර ගනිමින් ඇය පාසලේදී අකූරු කරයි. කෞශල්‍යා හිරුෂාණි අධ්‍යාපනයට ඛෙහෙවීන් දකෂ බව ඇගේ පාසල් ගූරුවරු පවසති. අරුක්ගොඩ දංඕවීට පදිංචි චාන්දනී හෙටිටීආරචිචි වන ඇගේ මව අපස්මාරය රෝගයෙන් පිඩා විඳී. වඩු කාර්මිකයෙකූ වන ඇගේ පියා සුසන්ත කූමාර ද වසර කිහිපයක පටන් අසනීප තත්වයේන් පසුවේ.
වෙන්නප්පුව මඩම පාරේ ඇනි හෙලන් ප්‍රනාන්දු මහත්මිය ඇය ඉනෙුම ලබන පාසලට ගොස් ඇයට රෝද පුටුවක් පරිත්‍යාග කළාය. එයට කෘතගූණ සැලකූ කෞශල්‍යා ඉතාලියේ වෙරෝනා නුවර පදිංචි හෙලන් මහත්මියගේ පුතූ වන චමින්ද ප්‍රනාන්දු මහතාට ස්තූතිය පුද කර ලිපියක් එවීය. ලංකාදීප එසෑණට මෙම සටහන තබන මොහොතේ කෞශල්‍යාගේ ඡයාරුපය දුටු වෙරෝනා නුවර තවත් ශ්‍රි ලාංකිකයෙක් නවීන රෝද පුටුවක් ඇයට ලබා දීමට ඉදිරිපත් වී සිටියි .
මීරිගම සෙලාන් බැංකූවේ 0780-01567839-115 දරන ටිකිරි ස්ටාර් නමින් ඇයට බැංකු ගිණුමක් ද ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි සමාජ මෙහෙවරක් ඉටු කරන මාධ්‍ය වේදීන්ට මම උපහාර දක්වමි (ස)
සැමදෙනාටම පින්සිදු වේවා (ස)
කරුණාකර මෙවන් දරුවන්ට සියල්ලන්ගේ උපකාර ලබා දෙන්න. (අ)
හරිම සතුටුයි උදවු කිරීම ගැන (අ)
බොහොම පින්! (නි)
පුංචි උපකාරයක්. දුව වෙනුවෙන් ඇගේ ගිණුමට බැර කළෙමි . කරුණාකර ගෙදර කෙනෙකුට දන්වන්න. (නි)
කාටත් ආදර්ශවත් ළමයෙක් (දී)
හොඳ ක්‍රියාවක් (ස)
රාත්‍රී කාර් රේස් නෙමෙයි, මෙහෙම දේවල් ගැන හොයා බලා පිළියම් කිරිමයි කළ යුත්තේ. (නි)
ගොඩක් හොද වැඩක්. සුබ පතනවා මේ උපකාර කරන ඔබටත් ඒ වගේම මේ දියණියටත්. (නි)
ඇත පය තියෙන යට වඩා ඔබ දිරිය වන්තයි (දී)
දුවේ ඔබ රටට ආඩම්බරයක් (දී)
මේ වගේ දරුවන්ට උදව් කරන සැම දෙවියෝත් රැකබලාගන්නාව (අ)
0342289986 මේ දුරකථන අංකයට කතා කරලා බලන්න , මේ දුවට පා යුගලක් ලබා ගන්න පුළුවන් වේවි (ස)
සුබ පැතුම් මේ දරුවට (ස)
කාගෙත් සහයෝගය ලැබිය යුතු දරුවෙක් . හැබැයි ආබාධිතයි කියලා හැමෝම රෝදපුටුම දෙන්න එපා. (ස)
පිං සිදු වේවා ! (නි)
මේ අහිංසක දරුවාට උදවු කරන සැමට දේව ආශිර්වාදය ලැබේවා! (නි)
පින්සිදු වෙවා !!(අ)
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද - දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත... (නි)
ගොඩක් පින් සිදු වෙන වැඩක්. (නි)
දුවේ, ඔබ වැනි දිරිය දියණියන්ට උදවු කරන්න ලැබීමමත් පෙර කළ පිනක්. (නි)
දුවේ ඔබට සුබ අනාගතයක් වේවා, ඉදිරියටම යන්න (ස)
දුවේ, ඔබ අපිට ආඩම්බරයකි. (නි)
හෙලන් මහත්මිය ආදර්ශමත් කාන්තාවක් , ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා (ස)