පසුගිය රජය කාලයේ ලොන්ඩරියක් බවට පත්වූ ජනමාධ්‍ය අමාත්‍යංශය ඒ තත්ත්වයටම පත්වුවහොත් මහජනයාට ඉන් කිසි වැඩක් නැතැයි සාධාරණ හෙටක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ ජන මාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වැඩ බාරගැනීමේ උත්සවයේදී පැවසූහ.
හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාද පැමිණ සිටියේය.
නා හිමියන් එසේ කියද්දී ඔහුට ඉබේම සිනා පහළ විය.
කාටූන් ශිල්පීන් බොහෝ විට එදා කෙහෙළිය හැඳින්වූයේ ඔහු ජනපති ලොන්ඩරියේ රෙදි පොට්ටනි අපුල්ලන්නකු බවටය.
‘‘ජනමාධ්‍ය අමාත්‍යංශය එදා අපට එපා වෙලා තිබුණේ. එහෙම අමාත්‍යංශයක් නම් යළිත් එපා‘‘ යැයිද සෝභිත හිමියෝ කීහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ වෙන්න යන්නේ ? (නදී)
බිමල්, ලංකාදීපය හැරුන කොට අපි රටේ සිද්ද වෙන සත්‍ය දැන ගත්තේ අන්තර්ජාලයෙන්. ලංකාවේ අසරණ මිනිසුන්ට සත්‍ය දැන ගැනීමේ අයිතිය සහමුලින්ම ඉවත් කරලයි තිබුනේ. හරියට ඉස්සර මිනීමරු ප්‍රබාකරන්ගේ කාලේදී අසරණ දමිල මිනිසුන්ගේ එකම ගැලවුම්කාරයා, එකම වීරයා කරවල තිබුනේ මිනීමරු ප්‍රබාකරන් පමණයි වගේ. (නදී)
ගාල්ල කියන විට මතක් වෙන්නේ වැඩ බැරි උදවිය ගැන. ඒ වුනාට එජාප මාධ්‍ය ප්‍රකාශක ලෙස ගයන්ත නිපුනතාව ඇති දේශපාලකයෙක්. ඒ නිසා ගයන්තට මේකෙන් ජය ගන්න කොහොමටත් පුළුවන්. එ්ත් පරිස්සමින් වැඩ කරන්න. රැවුලයි කැඳයි දෙකම බේරන් යන්න. (නදී)
දැන් ඉහත, සෝභිත ස්වාමින් වහන්සේට බණ කියූ බන්දුල පෙරේරා නියම කෙනාද? නැත්නම් වෙන කෙනෙක්ද ? (නි)
අපුල්ලන එක නෙමෙයි බන්දුල ප්‍රශ්නය. රෙදි නැතුව අපුල්ලන්න යන එක. මොනවා වුණත් අහළ පහළ මිනිස්සු ඉන්නවනේ! (නි)
දැන්වත් දේශපාලනය ජරා ජීර්ණ රැකියාවක් නොවී මහ ජන සේවයක් බවට පත්වේවා. රටට වැඩක් කළ හෝ ඉදිරියේදී වැඩක් කළ හැකි මිනිසුන් කොටසක් බිහි වේවා (දිල්)
මැතිවරණයෙන් පස්සේ ගොඩක් දෙනාගේ කටවල් වැහිලා නේද?(දිල්)
දැන් අප රටට මාධ්‍ය නිදහස ලබා දිය යුතුයි.(හේ)
කතාවනම් කදිමයි හාමුදුරුවනේ. එත් රජයේ මධ්‍යයයේ හැසිරීමේ වෙනසක් තවමත් නෑ නේද?(හේ)
ඔව් ඒ කතාව ඇත්ත.(හේ)
වෙනසක් නම් පෙනෙනතෙක් මානයක නැහැ තවමත් (නි)
අපේක්ෂකයන්ට පුද්ගලික මඩ ප්‍රහාර එල්ල කල රුපවාහිනි නාලිකා වලට රටේ කිසිම වැදගත් අවස්ථාවක් ආවරණය කරන්න ඉඩ දෙන්න නරකයි. අර පච වාහිනිය නම් පැත්ත පළාතේ කැන්දා ගන්න නරකයි. (ස)
ඡන්ද දායකයන් රැවටුනත් පොඩි දරුවන් රවට්ටන එක ලෙස නැහැ. බලන්න ගයන්ත ඇමතිතුමාගේ දුව බලාගෙන ඉන්නේ කවුරු දිහාද කියල හරියට මෙයා මොකාටද එන්නේ කියල වගේ. ! (ස)
කතාව නියමයි හාමුදුරුවනේ. හිනාවෙන්න නෙමෙයි අඬන්නයි තිබුනේ. ගාල්ලේ කෙනෙක් විදියට හොඳට වැඩ කරයි කියලා හිතනවා. ඔබට ජය වේවා! (නි)
ඒ කතාව හරි.(හේ)
ගයන්ත කරුණාතිලක කියන්නේ විනයක් සහිතව, මඩ ගහන්නේ නැතුව, අසභ්‍ය වචන පාවිච්චි කරන්නේ නැතුව, දේශපාලනය කළ උපාධිධාරී තරුණ නායකයෙක්.ඉතාම සුදුසු තනතුරක් ඔහුට ලැබී තිබෙනවා.අපි ඔහුට සුබ පතනවා (නි)
මොනවා වුණත් නියම කතාවක් මේක නම්. අගය කළයුතුයි (නි)
සුභ පැතුම් ඇමති තුමනි (නදී)
අපිට නිදහස් අදහස් දක්වන්නත් ඉඩ තබන්න. (නදී)
දැනටම ජාතික රූපවාහිනී අයි ටී එන් බලන්නකෝ වෙනස. හරිම ස්වාධීනයි නේද? (නදී)
අනේ පින් සිද්ද වෙයි හාමුදුරුවනේ මේ " ලොන්ඩරී ගෙම්බන්ට " නම් මේ පැත්තට පනින්න දෙන්න එපා. ඔය පේන්නේ නැත්ද දොරකඩ ගාවට වෙලා බලාගෙන ඉන්න හැටි (නදී)
සෝමරත්නගේ රූපවාහිනියේ සිංදුවක් බැලුවද හාමුදුරුවනේ? නියම ජාතික සමගිය. සොමේගේ පදමාලාව. . ගැහැණු ළමයාගේ පිට අල්ලන් පන්සලේ පඩි නගින සඳ (නදී)
කෙහෙළිය රඹුක්වැල්ලට වැටහෙන්නට ඇති තමා පසු ගිය කාලයේ රජයට රෙදි සොදපු වගත් කඩේ ගිය වගත් , එකයි ඔහුට සිනහවක් පහල උනේ. (ස)
කෙහෙළියගේ ආසනයේ මම ඉන්නේ. මෙයා කරපු දෙයක් නැහැ පාරවල් හදන්න කියල ලොකු බෝඩ් කැලි දල තියෙනවා.ඡන්දෙට කලින් බාගෙට ඉවර කරපු පාරවල් මගදී නතර කරලා දාල මහජන මුදල් කෝටි ගානක් අපතේ යවල තියෙනවා.දැන් ඒවා වැස්සට කඩාගෙන ගිහින් තියෙනවා ආයේ ගොඩගන්න බැරි තරමට . (ස)
කෙහෙලිය ඇඳුම් ඇඳගෙනද ආවේ? (ස)
ජනමාධ්‍ය ඇමති කැබිනට් ප්‍රකාශක නොවී තම අමාත්‍යාංශයේ ප්‍රමිතිය වෙනුවෙන් පමණක් ක්‍රියා කල යුතුයි. රජයේ තීරණ දැනුම් දීම අමාත්‍ය අංශ ලේකම් මගින් පමණක් කීරීම සුදුසුය. (ස)
කෙහෙළියගේ පැමිණීම ඉතාම හොඳ ආදර්ශයක්. (ස)
ඔව් එහෙම උනොත් අපි ඕකෙ නම වෙනස් කරමු ලොන්ඩරි කටුයුතු අමාත්‍යංශය කියලා.(නදී)
ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ රටේ අසරණ ජනතාව ඉන් මුදා ගැනීමේ "මානුෂිය මෙහෙයුම" වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරපු හාමුදුරු නමක්. (නදී)
ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ,අතුරලියේ රතන හිමියෝ, ඕමල්පේ සෝබිත හිමියෝ යන හාමුදුරුවරුන්ගේ නම් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා. ඒ රටත් ජාතියත් ඒකාධිපතියෙකුගෙන් නිදහස් කර ගැනීමේ "මානුෂිය මෙහෙයුමට" නායකත්වය දී දිවි හිමියෙන් රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් ඉදිරියෙන්ම ගොස් සටනට නායකත්වය දී රට නිදහස් කර ගැනීම වෙනුවෙන්. (නදී)
ඉස්සර රෙදි අපුල්ලපු කෙනා දැන් වෙන බංගලාවකට එන්නද කියල අහනව ඔය කාටුන් එකක තිබුනේ (නදී)
බුදුන් වහන්සේ දෙසු නිර්මල දහම අවබෝධ කරගෙන නිවන් මග දකින්න ලොන්ඩරි ජන මාධ්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ අපේ හාමදුරුවනේ. ඒවා අවශ්‍ය වෙන්නේ වර්තමාන දේශපාලන රටාවට. ඒක හිටපු රජයටත් පවතින රජයටත් හෙට එන්න ඉන්න රජයටත් පොදු වූ නියත ධර්මතාවයක්. කැමති උනත් අකමැති උනත් ඔතනට එන කාටත් අපුල්ලන්න වෙනවා. (නදී)
ජයග්‍රහණයට අපක්ෂපාති මාධ්‍ය මගින් විශාල සහයෝගයක් ලැබුන බව අමතක කරන්න එපා. ලංකාදීප වැනි පුවත්පත් නැතිනම් අපිට ස්වාධින දේශපාලන අදහසක් වත් කියාගන්න බැහැ. (හේ)
ජනතා ඡන්දයෙන් බලාපොරොත්තු වුණ දෙය ද මේ වෙන්නේ කියලා සැකයක් අපිට තියෙනවා .(හේ)