ලන්ඩන්බෞද්ධ විහාරයේ රාහුල දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සහ සහතිකපත්බෙදා දීම පසුගියදා ඉමහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මහාබ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩසීලවිමල මහනා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති එම උත්සවයේදී රාහුල දහම්පාසලේ සහ පුබුදු දහම් පාසලේ බෞද්ධ ධර්මය සහ සිංහල භාෂාව ඉගෙනගන්නා දරුදැරියෝ බෞද්ධ තේමාවන්රැගත් අලංකාර සංස්කෘතික අංග රැසක් ඇතුළත්වූ මනහරවිවිධ ප්‍රසංගයක් ඉදිරිපත් කළහ. සිංහල අලුත් අවුරුදී චාරිත්‍ර වාරිත්‍රවිස්තර කෙරෙන වැඩසටහන්ද මෙහි විය.
එංගලන්තයවැනි රටක ඉපදී හැදී වැඩෙන සිංහල දරුවන්ට ඇති ඔවුන්ගේ දෙමාපියන්ගේසංස්කෘතිය ආගම සහ භාෂාව පිළිබඳව දැනුමක් මෙන්ම ඇල්මක් ඇතිකරවලීමට දහම් පාසලමගින් ගන්නා උත්සාහය අගයකළ යුතුබව උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගීවූවැඩ බලන ශ්‍රී ලංකා මහා කොමසාරිස් නෙවිල් ද සිල්වා මහතා පැවසීය.
මහකොමසාරිස් කාර්යාලයේ දොස්තර කෝකිලා වෛද්‍යරත්න සහ හේරත් යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් උත්සවට පැමිණ සිටියහ.
දහම්පාසලේවැඩකටයුතු සහ ත්‍යාග ප්‍රදානොත්සවයේත් විවිධ ප්‍රසංගයේත් වැඩසාර්ථක කර ගැනීමට මහත් වෙහෙසක් දැරු ගුරුමණ්ඩලයටත් දෙමාපියන්ටත් අනෙකුත් සියලුම දෙනාටත් ස්තුතිකල බෝගොඩ සීලවිමලනාහිමියෝ මෙවර දහම් පාසලේ දරුදැරියන් ලබාගත් සියලුම ජයග්‍රහණයන් පිළිබඳවසතුටුවන බවද පැවැසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම් ඔබ සියලු දෙනාටම (දී)
අහිංසක, ලෝන්දොන්වල ඉන්න සිංහල මිනිස්සු. නිවාඩුවට ලංකාවට ආවහම හිතෙනවා මේක සිංහල රටක්ද කියලා. තැනකට ගිහින් සිංහලෙන් කතාකළහම ඉංග්‍රීසියෙන් උත්තර දෙනවා. එතකොට අපිත් සුද්දගේ විදිහටම උත්තර දුන්නොත්, තේරුම් ගන්න බැරුව ගොත ගහනවා. ලජ්ජයි. (නි)
ඒ ළමයි මේ රටට එන්න අවශ්‍ය නැහැ. ආවත් මෙහේ ජීවිතේ එයාලට හුරුවෙන්න අමාරුයි (නි)
පිටරටවල් රැකීමට පෙර හෙළ ආර රැකිය යුත්තේ තමන් උපන් මව්බිමේ.(නදී)
මේ දරුවන්ගෙ රට කුමක් වුවද සිරුරේ තිබෙන්නෙ සිංහල ලේ.සිංහල සංස්කෘතියට අප ගරහන යුගයක ඒ දරැ පැටවුන්වත් මෙය රැකගැනීම වටිනාම සම්පතකි. (ස)