බක් මාසය පුරාවටම එංගලන්තයට මෙදා පාරනම් දැඩි සීතල දේශ ගුණයක් ගෙනදෙන බව කාලගුණ වාර්තා වල සඳහන්ව ඇත.
ඉමක් කොනක් නොපෙනෙන මේ කොන්ක්‍රීට් වනාන්තරය පුරාම කුණු කසල බුදිමින් ජීවත්වන එක එක වර්ගයේ කුරුල්ලන්ගේ මිහිරි නාදයන් දවස පුරාම තොර තෝංචියක් නැතිව ඇසුනත් අවුරුදු කාලයේදී අපේ කනට ඇසී හුරු පුරුදු කොහාගේ නාදය නම් මේ කොයි දීපංකරයකවත් ඇසෙන්නට නැත. අනේක ජාතී පක්ෂින් කොපමණ ඇස ගැටුනත් කොහෙක් නම් මෙරටේ බෙහෙතකටවත් හොයාගන්නට බැරිය. සිංහල අවුරුද්ද සිහිවන වෙලාවට කොහෙකුගේ මිහිරි නාදය ඇසීමට ඇත්නම් කොපමණ අසිරිමත්වේදැයි සිතාගෙන කොහෙක් සොයා ලෝකයේ දැනට සොයාගෙන ඇති හැම කුරා කූඹියෙක්ම සුරක්ෂිතව ප්‍රදර්ශණයට තබා ඇති ලන්ඩන් සත්තු වත්ත පුරාම අවිදගියද ඒ වාසනාව එතනින්වත් ලබාගැනීමට හැකි නොවීය. කොහාට මේ පලාතට සංක්‍රමණය වීමට කිසිම හේතුවක් හෝ අවශ්‍යතාවයක් ඇතිවී නැතිවා වන්නට පුළුවන.
කොහා නැති උනත් සීතල අධික උනත් එංගලන්තයේ ජීවත්වන සිංහලයන්හට සිංහල අවුරුද්ද නම් කිසිකාලයකවත් අමතක වන්නේ නැත. මේ අවුරුද්දේත් එංගලන්තය පුරාම පිහිටුවා ඇති ශ්‍රී ලාංකික බෞද්ධ විහාරථාන සහ සංස්කෘතික සංවිධානයන්ගේ මුලිකත්වයෙන් අප්‍රේල් මාසය පුරාම සිංහල අවුරුදු උත්සව ගණනාවක් ම සංවිධානයවී ඇත්තේ ශ්‍රී ලාංකිකයින් තුල ඇති මෙම අනුපමය ගුණය නිසාය. අපේ අය කොහේ හිටියත් සිතින් ජීවත්වන්නේ තම මවු රටේය යන කියමන මේ මාසයේ එංගලන්තයට අවොත්නම් හොඳින්ම දැක බලාගත හැකි වනු ඇත.
එංගලන්තයට සිංහල අවුරුදු උත්සවය හඳුන්වා දුන්නේ ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විසිනුයි. අවුරුදු විසිපහකට කලින් සුළුපිරිසක් එකතුව ආරම්භකෙරුන එම සම්ප්‍රදාය දැනට මුළු රටපුරාම ශ්‍රී ලාංකික මෙන්ම ඉංග්‍රීසි ජාතික ජන කොටස් සහභාගීවන විසිතුරු පරිපූර්න සූර්ය මංගල්‍යයන් බවට පත්වී ඇත. මෙම උත්සව සියල්ලම සම්පුර්ණයෙන්ම ශ්‍රී ලාංකික මුහුණුවරක් ගන්නා අතර අවුරුදු සිරිත් විරිත් සහ අවුරුදු ක්‍රීඩාවන්ට මුල් තැනක් දීමද විශේෂත්වයකි.
මෙවන් බොහෝ උත්සව වලදී ශ්‍රී ලාංකික සංස්කෘතික අංගයන් විදහාදක්වන නැටුම් සහ ජන ගායනා වැනි අංගයන් ඉදිරිපත්කෙරේ. එවන් අවස්ථාවල කැවුම් කිරිබත් ප්‍රධාන ශ්‍රී ලාංකික ආහාර පාන නොමිලයේ සැපයීමද සාමාන්‍යයෙන් සිදුවන්නකි.
එංගලන්තයේ සිංහල අවුරුදු උත්සව මාලාව මෙවර ආරම්භ කෙරුනේ ලන්ඩන් බෞද්ධ විහාරයේ රාහුල දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සමගය. ඉන් පසුව ආනන්ද විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමයේ අවුරුදු උත්සවය සහ ජන හඬ පදනම ඉදිරිපත්කල අවුරුදු උත්සවය පැවැත්විණි. මේ අන්දමට මේ මාසය පුරාම ලන්ඩනයේත් එංගලන්තයේ අනෙකුත් නගර බොහොමයකත් මෙවැනිම ආකර්ශනීය සිංහල අවුරුදු උත්සව පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කර ඇත.
එංගලන්තය වැනි විදේශයක ඉපදී හැදෙන වැඩෙන ශ්‍රී ලාංකික දෙමව්පියන්ගේ දරු දැරියන් හට සිංහල සංස්කෘතියේ වටිනාකම වටහාදීම අරමුණු කර ගනිමින් මෙවන් උත්සව වලදී එම දරුදැරියන්හට මුල් තැනක් ලබාදෙමින් ඔවුන් සියලුම අංගයන් සඳහා සහභාගීකරවා ගැනීමද මෙහිදී අගය කලයුතුය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
(1).jpg)
(1).jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රිතාන්‍යයේ කාලාන්තරයක් තිස්සේ වාසය කරන සියලුම ශ්‍රී ලාංකිකයන්ට අලුත් අවරුදු සුභ පෙතුම්! එල්.ටි.ටි.ඊ. ඒ ප්‍රශ්න මිසක් වෙනත් නරක වාර්තා මෙතෙක් වර්තාවෙනවා අපි දකලා නැහා .තාම ගම හිතනවා වගේම රට ගැනත් හිතන පයිලට් මෙදිවක පුතා 280 සමග බ්‍රිටිස් එයාර් වේස් යානයක් ගෙන ඒම රටටත් ,ජාතියත් ලොකු ආදම්බරයක්! වගේම බ්‍රිතාන්‍යයේ සියලුම ලාංකිකයන්ට ආදර්ශයක් (අ)
සුමිත් ඉතින් ඔබට ලංකාවට ගිහිල්ල ජීවත් වෙන්න බැරිතරම්ම එංගලන්තය ගැන තන්හාධිකයිද?(නදී)
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (ස)
මමත් ලන්ඩන් වල ඉන්නේ. මගේ පවුල එක්ක. කොහොම උනත් ලංකාව වගේ නැහැ.. එත් අපේ දරුවන්ට එකේ වෙනසක් නැහැ.. එත් තවමත් ඒ ලස්සන දවස් මතක් වෙනවා ලංකාවේ.. අම්ම අව්රුද්දට කැවිලි හදන හැටි.. සල්ලි නැතත් අපි සතුටින් හිටිය.. එත් දැන් අපි මේ දුරු රටක තනිවෙලා.. මොනවා නැතත් මගේ රට විතර හොඳ රටක් නැහැ මේ ලෝකේ.. හැමෝමට සුභ අලුත් අව්රුද්දක් වේවා.. (ස)
මෙවැනි වැඩ බොහොම අගය කලයුත්තක්. නමුත් සියලුම විදේශ වල ඉන්න සිංහලයන් කොටින්ගේ බොරු ප්‍රචාර වලට එරෙහිව මීටත් වැඩියේ සහයෝගයෙන් එකතුව කටයුතු කලොත් අපේ රටට එරෙහිව අනිත් රටවල්වලට කිසිම දෙයක් කරන්නන බැරිවේවි. (ස)
සුමිත් මැතිදුනි, ඔබ හරි. අපෙ රාමසාන් වුණත් ලංකාවේ තරම් අපට මෙහෙ සතුටක් නැහැ (නි)
ශ්රී ලාංකික සංස්කෘතික පුරුදු එංගලන්තයේ ජීවත්වන සුද්දට හඳුන්වා දෙමු. (නි)
කොයි මොහොතේ බෙල්ල කපලා පිහියෙන් අනියිද කියලා බලාපොරොත්තු පොදි බැඳගන ,ජීවත්වෙලා ඉන්න පුළුවන් රටක් මේ ලෝකේ ලංකාව තරම් මම නම් දැකල නැහැ . (නි)
අනේ සුමිත් , බොරු නොකියා ඉන්න. (නි)
හොද ලියවිල්ලක්. එහෙත් මට ටිකකක් හිතට කැක්කුමක් දැනුනා. අපි දැන් වයසට ගිහින් නිසා සිංහල උත්සව කිරීමට නොහැක. එහෙත් අනිත් සියලු දෙනා නැගිටීම ඉතා ආඩම්බරයකි. (නි)
මට දැනගන්න ආසයි බෞද්ධ අපේ අවුරුද්ද කවදද කියලා. අපි කන්නේ හින්දු කට්ටියගේ අවුරුදු නේද. මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
කොහෙක් හම්බවුණේ නැත්නම් තමයි වැඩේ. (නි)