නව වසරට සෙත් පතමින් බුදුවහන්සේගේ කේෂ ධාතු ප්‍රදර්ශනයක් ලන්ඩනයේ මහාමෙව්නා භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, පිරිත් දේශනා ඇතළු සර්ව රාත්‍රික වැඩසටහන් ඊට ඇතුළු විය. නේවාසික භික්ෂූහු සිවුනම ඉතා ක්‍රමානුකූලව හා අර්ථාන්විතව එම වැඩසටහන මෙහෙයැ වූහ.
ලන්ඩනයේ මේ දිනවල පවතින වැස්ස හා සීතල ද නොතකා මහ පිරිස් එහි ආහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු... සාධු... සාධු.. නව වසරට සැමට බුදුසරණයි. දෙවි පිහිටයි
සාධු සාධු සාධු !!! අපි හැමදාම පැතුම් පතනවා. ඒත් පැතුමකින් යමතක් ඉටු වෙනවනම් ඒක මුලින්ම කියල දෙන්නෙ අපගේ බුදු හාමුදුරුවෝ..
නිවන තමයි අලි තාගෙත් පැතුම... අනික් සියලුම පැතුම් අනිත්‍යයයි. 2012 වසරෙදි අපි සැම දෙනාටම නිවන් මගට සිත යොමු වෙනවා.
හිස් අහසට දෑත ඔසවා ප්‍රර්ථනා කලාට නම් මුකුත් ලැබෙන්නේ නෑ. නමුත් මෙතන වෙන්නේ සම්බුදු කේශ දාතු දැක ශ්‍රද්ධාව උපදවා බුද්ධ වන්දනාව කර පින් රැස්කර ගැනීමකි. උපදවාගත් උතුම් පින හැමෝගෙම මෙලොව පරලොව ජීවිත සැපවත් කෙරනවා. එතකොට අව්රුද්දට කරන හොදම සෙත් පැතීම තමයි මෙවන් පින්කම් , සුභ අලුත් අවුරුද්දක් කියන එකට වඩා ගැබුරු අර්ථයක් හා භාවිතයක් මෙහි තියෙන බව තේරුම් ගත යුතුයි.
නමෝ බුඩය! එක්සත් රජදානියේ මහා මෙව්නාව අසපුව මගින් පවත් වන ලද පිංකම නව වසරට සෙත් පැතීමක් නොවන බව මගේ හැගෙමි. මෙය හුදෙක්ම සැදැහැවතුන් හට පින් රැස්කිරීමට සිදු කල පින්කමකි. බොහෝ පිරිස් අකුසල් එකතු කල රැයක පින්කමට පැමිණි පිරිස් බුදුරජුන්ගේ කේශ දාතු වන්දනා කරමින් බොහෝ කුසල් දහම් සිදු කළහ. තෙරුවන් සරණය!
නමෝ බුද්ධාය !!