IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලන්ඩන් කටුනායක බ්‍රිතාන්‍යය ගුවන් සේවා යළි ඇරැඹේ

බ්‍රිතාන්‍ය ගුවන් සේවය වසර පහළොවකට පසු ලන්ඩන් හා කටුනායක අතර යළි ගුවන් ගමන් ඇරැඹීය.

පළමු ගුවන් යානය ලෙස777-200 සුඛෝපභෝගී ගුවන් යානය අද (12) ලන්ඩන් නුවර ගැට්වික් ගුවන් තොටුපළේ උතුරු ගුවන් පථයෙන්   ශ්‍රී ලංකාවට ව බලා පිටත් විය. 

ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ජාතික නැටුම් කණ්ඩායම සම්ප්‍රදායික ශ්‍රී ලාංකික නර්තනයන් ගෙන් අමුත්තන් පිළිගත්තේය.

පණ්ඩුක වික්‍රමරත්න  සහ ඒ.පී.අත්තනායක ඇතුළු නැටුම් කණ්ඩායම  බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ විශේෂ ආරාධනයෙන් ශ්‍රී ලාංකික උඩ පහත දෙරට නර්තන අංගයන් ඉදිරිපත් කරනු ලැබීය.

 ගැට්වික් ගුවන් තොටුපලේ අධ්‍යක්‍ෂ පීටර් තොම්සන්  - 

" කොළඹ වෙත නැවත වතාවක් අපගේ ගුවන් ගමන් ඇරඹීමට ලැබීම ඉතා වැදගත්. ශ්‍රී ලංකාවට සංචාරකයන් වැඩියෙන්ම   යන රටවල් අතරින් දෙවැනියට සිටින්නේ බ්‍රිතාන්‍යය.  . ඔවුනට ගැට්වික් ගුවන් තොටුපලේ සිට නවීන අති සුඛෝපභෝගී බ්‍රිතාන්‍ය ගුවන්සේවයේ   ගුවන් යානයකින්   උපරිම සැප පහසුකම් සහ ආරක්ෂාව ඇතිව ගමන්කිරීමට ලැබෙනවා."



අදහස් (0)

ලන්ඩන් කටුනායක බ්‍රිතාන්‍යය ගුවන් සේවා යළි ඇරැඹේ

මුතුකුඩ Friday, 12 April 2013 11:24 PM

රීටා, මත්තල ඉන්නවා අලි , කුරුල්ලෝ නම්... (නි)

:       0       0

නයන Saturday, 13 April 2013 01:02 AM

බ්‍රිටිෂ් එයාර්වේස් හෙට්‍රොව් ඉදලා පටන් ගන්නවා නම් හොදයි. එහෙම කළා නම් ට්‍රාන්සිට් මගීන්ට ප්‍රයෝජනවත් වෙනවා.මොනවා වුණත් හොද ගුවන් සේවාව. මම හරිම කැමතියි. ශ්‍රී ලංකන් එකේ ආඩම්බර ගැහැනුන් නිසාම තමයි මම ශ්‍රී ලංකන් ගුවන් සේවය භාවිතා නොකරන්නේ. මේ ගුවන් සේවාවල් ආදර්ශයට ගත්තොත් ශ්‍රී ලංකන් ගැහැණුත් නිහතමානී වෙන්න පුළුවන්. (නි)

:       0       0

සුනෙත් Monday, 15 April 2013 09:42 AM

නයන, භාතිය කතාව නම් හරියටම හරි. ශ්‍රී ලංකන් එකේ ගැහැණු හිතන් ඉන්නේ හරිම ලොක්කියෝ ටිකක් කියලා. ලංකාවේ මගීන්ට එයාලගේ ලොකු කම් පෙන්නනවා. ඔය හේතුව නිසා මමත් ශ්‍රී ලංකන් එකෙන් යන්නෙ වෙන එකක් නැති වුණොත් පමනි. (නි)

:       0       0

හේවාවිතාරණ Saturday, 13 April 2013 01:42 AM

වාසනාවන් හරි වාසනාවන් කිරි ඉතිරේවා නව වසරේ ! (නි)

:       0       0

නන්දි Saturday, 13 April 2013 02:37 AM

ගාමිණී,මෝඩයෙක් වගේ කතා කරන්න එපා. (නි)

:       0       0

ජයන්ත Saturday, 13 April 2013 08:05 AM

මා දන්නා විදිහට නියමුවත් ලාංකිකයෙක්. ඒක ඇත්ත නේද? (නි)

:       0       0

භාතිය Saturday, 13 April 2013 08:11 AM

නයන, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආඩම්බර ගැහැනුන් ගැන ඔබගේ අත්දැකීම් මටත් විඳින්න වුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන් හිතාගෙන ඉන්නේ මගී අපි සරණාගතයෝ කියලා. මමත් අවුරුදු විසි පහක් තිස්සේ යන ගුවන් ගමන් වලින් ඔය හේතුව නිසාම ශ්‍රී ලංකන් වලින් ගමන නතර කළා. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 15 April 2013 01:51 PM

ශ්‍රී ලංකන් එකේ ආඩම්බර ගුවන් සේවිකාවන් ශ්‍රී ලාංකික මගීන්ට හොදින් සලකන්නේ නැති එක සහ පරිපාලනමය දුර්වලතා තිබෙන බව මම පිළිගන්නවා. නමුත් ශ්‍රී ලංකන් එක අපේ රටේ ගුවන් සේවය. මේ වැඩෙන් පහර වදින්නේ ශ්‍රී ලංකන් එකටයි. අදක්ෂය පරිපාලකයන් සහ අදක්ෂ ගුවන් සේවිකාවන් ඉවත් කරන්න. එතකොට අපේ මිනිස්සු ශ්‍රී ලංකන් එකේ බොහොම කැමැත්තෙන් වැඩිපුර මුදල් ගෙවලා හරි යාවි (නි)

:       0       0

නදී Friday, 12 April 2013 06:10 PM

පුදුමයකි. මෙම සේවාවේ මිල පහළයි, ශ්‍රී ලන්කන් ඇතුළු අනෙකුත් ගුවන් සේවාවන් හා සංසන්දනය කරද්දී. (නි)

:       0       0

නාමලී Friday, 12 April 2013 06:20 PM

ඇයි මත්තලට යන්න කැමති නැද්ද? (නි)

:       0       0

ගාමිණී Friday, 12 April 2013 06:22 PM

බෞද්ධ මධ්‍යස්ථානයේ දක්ෂ කම හින්දම වෙන්න එති මේ යන්නේ . අනේ පව් .(නදී)

:       0       0

සිරි Friday, 12 April 2013 06:27 PM

පැට්‍රොල් ටිකක්වත් තිබ්බානම් යාවි.(නදී)

:       0       0

ජනක Saturday, 13 April 2013 01:58 PM

තමන්ම රට වෙනුවෙන් යමක් කිරීමයි දක්ෂකම. (නි)

:       0       0

අනුර Friday, 12 April 2013 06:47 PM

හරිම ආඩම්බරයි. (නි)

:       0       0

ලංකා Saturday, 13 April 2013 02:25 PM

ලුෆ්තන්සා ගුවන් සේවයත් ලංකාවට එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා! (නි)

:       0       0

රීටා Friday, 12 April 2013 07:12 PM

මත්තලට එන්නේ ඇමසන් ගුවන් සේවය හා කොන්ගෝ ගුවන්සේවය තමයි.(නදී)

:       0       0

මේනක Friday, 12 April 2013 07:59 PM

මත්තල හරහා ගමන් කරවන්නකෝ. (නි)

:       0       0

මහේෂ්. Friday, 12 April 2013 08:06 PM

හොද වැඩක්. (නි)

:       0       0

රෝහණ Friday, 12 April 2013 10:53 PM

සුභ පැතුම් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site