බ්‍රිතාන්‍ය ගුවන් සේවය වසර පහළොවකට පසු ලන්ඩන් හා කටුනායක අතර යළි ගුවන් ගමන් ඇරැඹීය.
පළමු ගුවන් යානය ලෙස777-200 සුඛෝපභෝගී ගුවන් යානය අද (12) ලන්ඩන් නුවර ගැට්වික් ගුවන් තොටුපළේ උතුරු ගුවන් පථයෙන් ශ්‍රී ලංකාවට ව බලා පිටත් විය.
ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ජාතික නැටුම් කණ්ඩායම සම්ප්‍රදායික ශ්‍රී ලාංකික නර්තනයන් ගෙන් අමුත්තන් පිළිගත්තේය.
පණ්ඩුක වික්‍රමරත්න සහ ඒ.පී.අත්තනායක ඇතුළු නැටුම් කණ්ඩායම බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ විශේෂ ආරාධනයෙන් ශ්‍රී ලාංකික උඩ පහත දෙරට නර්තන අංගයන් ඉදිරිපත් කරනු ලැබීය.
ගැට්වික් ගුවන් තොටුපලේ අධ්‍යක්‍ෂ පීටර් තොම්සන් -
" කොළඹ වෙත නැවත වතාවක් අපගේ ගුවන් ගමන් ඇරඹීමට ලැබීම ඉතා වැදගත්. ශ්‍රී ලංකාවට සංචාරකයන් වැඩියෙන්ම යන රටවල් අතරින් දෙවැනියට සිටින්නේ බ්‍රිතාන්‍යය. . ඔවුනට ගැට්වික් ගුවන් තොටුපලේ සිට නවීන අති සුඛෝපභෝගී බ්‍රිතාන්‍ය ගුවන්සේවයේ ගුවන් යානයකින් උපරිම සැප පහසුකම් සහ ආරක්ෂාව ඇතිව ගමන්කිරීමට ලැබෙනවා."
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රීටා, මත්තල ඉන්නවා අලි , කුරුල්ලෝ නම්... (නි)
බ්‍රිටිෂ් එයාර්වේස් හෙට්‍රොව් ඉදලා පටන් ගන්නවා නම් හොදයි. එහෙම කළා නම් ට්‍රාන්සිට් මගීන්ට ප්‍රයෝජනවත් වෙනවා.මොනවා වුණත් හොද ගුවන් සේවාව. මම හරිම කැමතියි. ශ්‍රී ලංකන් එකේ ආඩම්බර ගැහැනුන් නිසාම තමයි මම ශ්‍රී ලංකන් ගුවන් සේවය භාවිතා නොකරන්නේ. මේ ගුවන් සේවාවල් ආදර්ශයට ගත්තොත් ශ්‍රී ලංකන් ගැහැණුත් නිහතමානී වෙන්න පුළුවන්. (නි)
නයන, භාතිය කතාව නම් හරියටම හරි. ශ්‍රී ලංකන් එකේ ගැහැණු හිතන් ඉන්නේ හරිම ලොක්කියෝ ටිකක් කියලා. ලංකාවේ මගීන්ට එයාලගේ ලොකු කම් පෙන්නනවා. ඔය හේතුව නිසා මමත් ශ්‍රී ලංකන් එකෙන් යන්නෙ වෙන එකක් නැති වුණොත් පමනි. (නි)
වාසනාවන් හරි වාසනාවන් කිරි ඉතිරේවා නව වසරේ ! (නි)
ගාමිණී,මෝඩයෙක් වගේ කතා කරන්න එපා. (නි)
මා දන්නා විදිහට නියමුවත් ලාංකිකයෙක්. ඒක ඇත්ත නේද? (නි)
නයන, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආඩම්බර ගැහැනුන් ගැන ඔබගේ අත්දැකීම් මටත් විඳින්න වුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන් හිතාගෙන ඉන්නේ මගී අපි සරණාගතයෝ කියලා. මමත් අවුරුදු විසි පහක් තිස්සේ යන ගුවන් ගමන් වලින් ඔය හේතුව නිසාම ශ්‍රී ලංකන් වලින් ගමන නතර කළා. (නි)
ශ්රී ලංකන් එකේ ආඩම්බර ගුවන් සේවිකාවන් ශ්‍රී ලාංකික මගීන්ට හොදින් සලකන්නේ නැති එක සහ පරිපාලනමය දුර්වලතා තිබෙන බව මම පිළිගන්නවා. නමුත් ශ්‍රී ලංකන් එක අපේ රටේ ගුවන් සේවය. මේ වැඩෙන් පහර වදින්නේ ශ්‍රී ලංකන් එකටයි. අදක්ෂය පරිපාලකයන් සහ අදක්ෂ ගුවන් සේවිකාවන් ඉවත් කරන්න. එතකොට අපේ මිනිස්සු ශ්‍රී ලංකන් එකේ බොහොම කැමැත්තෙන් වැඩිපුර මුදල් ගෙවලා හරි යාවි (නි)
පුදුමයකි. මෙම සේවාවේ මිල පහළයි, ශ්‍රී ලන්කන් ඇතුළු අනෙකුත් ගුවන් සේවාවන් හා සංසන්දනය කරද්දී. (නි)
ඇයි මත්තලට යන්න කැමති නැද්ද? (නි)
බෞද්ධ මධ්‍යස්ථානයේ දක්ෂ කම හින්දම වෙන්න එති මේ යන්නේ . අනේ පව් .(නදී)
පැට්‍රොල් ටිකක්වත් තිබ්බානම් යාවි.(නදී)
තමන්ම රට වෙනුවෙන් යමක් කිරීමයි දක්ෂකම. (නි)
හරිම ආඩම්බරයි. (නි)
ලුෆ්තන්සා ගුවන් සේවයත් ලංකාවට එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා! (නි)
මත්තලට එන්නේ ඇමසන් ගුවන් සේවය හා කොන්ගෝ ගුවන්සේවය තමයි.(නදී)
මත්තල හරහා ගමන් කරවන්නකෝ. (නි)
හොද වැඩක්. (නි)
සුභ පැතුම් (දී)