රජයේ ගොවියන්ගේ ලොකුලූනු මිලට නොගෙන මුදලාලිලාගේ ලූනු මිලට ගනිතියි චෝදනා කරමින් සීගිරි ලූනු ගොවියෝ සීගිරිය කිඹිස්ස පාර හරස් කැර උත්ඝෝෂණයක් ඇරැඹූහ. මේ නිසා දෙස් විදෙස් සංචාරකයනට සිය ගමන් බිමන් යා නොහැකි විය.








1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමුවෙන් ලූනු කෑම වකුගඩු රෝගයට හොද බෙහෙතක් ...(නු)
අපරදෙ ඔය පැත්තට ඡන්දයක්වත් නැහැනේ..!!(නු)
ආනන්ද, ඔබ හරි. ප්‍රධාන ඉලක්කය විදේශිකයින්ට මේ බව දැන්වීම. නැත්නම් මෙම උත්ඝෝෂණය ප්‍රධාන පාර හරස් කරලා කරන්නම අවශ්‍යද? වෙන තැන් නැතුවද? (නි)
පාතාලයේ ඡන්දයක් තිබුණා නම් ඉවරයි වැඩේ. (නි)
රජය මෙවන් පාරිභෝගික භාණ්ඩ වලට නිසි මිළක් ලබා දෙන ආකාරයට සැකසූ වැඩ පිළිවෙළක් හැදිය යුතුයි. නොඑසේනම් මෙවන් ප්‍රශ්න ඉදිරියටත් සිදුවේවි. (නි)
බිලි පූජා වලට කලබල වෙන දේශපාලකයන් මේ මිනිසුන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන පාටක් නැහැ වගෙයි. (නි)
අලුතෙන් කාපට් කරපු පාරවල් තියෙන්නේ ලොකු ලූණු විකුණන්න නම් පොඩි ලූණු වලට මොන පාරවල්ද හරියන්නේ? (නි)
බලන්න, මෙතන විදේශිකයනුත් ඉන්නවා. ඒ අය මොනවා හිතනවා ඇද්ද ලංකාව ගැන? (නි)
පාරේ නිදාගෙන ඉන්න කෙනා දිහා බලපු ගමන් කියන්න පුලුවන් මේක විරුද්ධ පක්ෂ වල කුමන්ත්‍රණයක් කියලා. (නි)
බිලි පූජාව නැවැත්තුවා වගේ සීගිරියට ඇවිල්ලා මේකත් විසදන්නකෝ. (නි)
අපි ගොවියන්ව කවදාවත්ම අමතක කළේ නැහැ. (නි)
බණ්ඩාරගේ කතාව හරියටම හරි. මේක ඒ අයගේ කුමන්ත්‍රණයක් තමයි. (නි)
මේ ලූනු ගත්තම මහත්තුරුන්ගේ සාක්කුවටත් කීයක්හරි වැටෙනව ඇතිනෙ.(නු)
වවන්නත් කරදරයි.. විකුණන්නත් ඊට වඩා කරදරයි..!!(නු)
මුදලාලිලා කියන්නේ කයමක් කමක් කරන්න පුළුවං අයනේ..!!(නු)
අපිට ඉන්නවා සිය ගණනක් ඇමතිවරු. ඒත් මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනෑ. අපිත් ඇමෙරිකාවේ ක්‍රමය අනුගමනය කරන්නයි ඕනෑ. (නි)
දැන් නියම ක්‍රමයක් හොයාගෙන. මොනවා හරි ඕනෑ වුණහම පාර වහගෙන උද්ඝෝෂණය කරනවා. අනේ මෙහෙමත් රටක්? (නි)
අහිංසක ගොවියන් දුක් මහන්සි වී වගා කරනවා. නමුත් ලාභ ලබන්නේ ව්‍යාපාරිකයෝ. (නි)
බණ්ඩාර, ඔයා නම් සාස්තර කියනවා වගෙයි. හරියට හරි තමයි. පිටරට වල අය හිනා වෙනවා ඇති. (නි)
සීගිරිය බලන්ඩ බැරි වුණාට විදේශිකයන්ට ලංකාවේ තියෙන උද්ඝෝෂණ බලාගන්න පුළුවන්නේ. (නි)
පොඩ්ඩක් ඉවසන්න ගොවි මහතුණි.. මේ දවස්වල ඡන්දෙ තියෙන පැත්තේ බඩු ගන්නවා.. සැප්තැම්බර් අට වැනිදායින් පස්සෙ ඔයගොල්ලන්ගෙ බඩු ගන්නවා..!!(නු)
ගහමු මල්ලි කතිරේ..!!(නු)
බණ්ඩාර බලාපොරොත්තු වෙන්නේ පාරේ නිදාගෙන ඉන්න කෙනා කොහොම කෙනෙක් වෙනවටද? (නි)
දයා, මුදලාලිලා බලන්නේ තමන්ගේ ගොඩ ලොකු කර ගන්නයි. (නි)
අමුවෙන්ම ලූණු කන්නේ නැතුව අධිශිතකරණ වල දාලා කල් තියාගෙන, ඒ වගේම සෝස් වර්ග හදලා වෙළද පොළට එවන්න වගේ ක්‍රම පාචිච්චියට ගත්තොත් හොදයි. (නි)
ඔයපැත්තටත් ඡන්දය තිබුණොත් බඩු ගනීවි... නැතිනම් ඉතිං නැහැ..!(නු)
රජයේ බලධාරීන් ගොවි මහතුන් ගැන මීට වඩා වගකීමක් ඇතිව වැඩකළොත් තමා හොද? මොකද මේ අහිංසක ගොවි මහතුන් හුගක් ණයවෙලා තමයි වගා කටයුතු කරන්නෙ..!!(නු)