(ලහිරු හර්ෂණ)
මාලබේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් ඇරැඹු විරෝධතා පාගමනක් හේතුවෙන් මේ වන විට කොළඹ ලෝටස් පාර වසා දමා තිබේ.
කොතලාවල ආරක්ෂක පීඨයට තමන් බඳවා ගැනීම කඩිනම් කරන්නැයි ඉල්ලමින් ඔවුන් මෙම උද්ඝෝෂණය අරඹා ඇත.
කොටුව දුම්රියපොල ඉදිරිපිටින් ඔවුහු මෙම උද්ඝෝෂණය ඇරැඹු අතර ජනාධිපතිකාර්යාලය දක්වා ගමන් කිරීමට නියමිතය. පොලිස් මාර්ග බාධක යොදා මාර්ගයේ ආරක්ෂාව තර කර තිබේ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙන්ම උතුම්රට යි කියාගන්න මිනිසුන් සිටින රටක , නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ඇතිරටක , එම නිදහස් අධ්‍යාපනය අහිමිඋන දරුවන් හට තම මුදලින් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය ඉල්ලා මහපාරට බසින්නට සිදුවී ඇත. හුදෙක් නිදහස් අධ්‍යාපනය පල ලබන මාෆියා කණ්ඩායම් නිසා බව අප අනිමු. නිදහස් අද්යාපනය යන වචනය ඉදිරියට දමා රටේ ඉතා සුළු පිරිසකට පමණක් දොස්තරලා වීමේ වාසනාව ලබාදී, ඔවූන් ගහන පදයට මුළු රටක් නටන හැටි බල සිටින අප මොනතරම් අසරණද?
නිදහස් අධ්‍යාපනය නමට විතරයි , හැම ආණ්ඩුවම බලන්නේ මුදලාලිලාට අදායමක් හොයන ක්‍රමයක් ඇතිකරන්න. නිදහස් අධ්‍යාපනය ලබපු මුදලාලිලා තමා වැඩිපුරම ඉන්නෙත්.
එ්කෙන් මේකෙන් වෙන්නේ ලංකාවේ උපාධිය ජාත්‍යන්තරයේ ස්වාසිලන්තයටත් පහළ රෑන්ක් එකට වැටෙන එකයි. කොයි සරසවිය බැලුවත් ළමයින් පාරේ උද්ඝෝෂණය මිසක් ඉගෙන ගන්නවා පේන්නේ නැහැ.