(ජයමාල් චන්ද්‍රසිරි)
රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර මේ වන විට වසා දමා ඇත.
උද්ඝෝෂණය අතරතුරදී උද්ඝෝෂකයෝ විසුරුවා හැරීමට ලෝටස් වට රවුමේදී පොලීසිය ජල ප්‍රහාර එල්ල කළද ඔවුහු මේ වන විටද ලෝටස් වටරවුමේ රැදී සිටිති.
ඔවුන්ගේ නියෝජිතයෝ කිහිප දෙනෙකු සාකච්ඡාවක් සඳහා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වි සිටිති.
උද්ඝෝෂණය සඳහා රැකියා විරහිත උපාධිධාරීහු 150 කට අධික පිරිසක් එක්ව සිටින අතර මාර්ගය වසා දැමීම හේතුවෙන් අවට රථ වාහන තදබදයක්ද පවතී.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැම්පස් ඉන්න කාලේ උද්ගෝෂණය කරනවා අනිත් ඒවා වහපල්ලා කියල. අන්තිමට මෙයාල රස්සා ගන්නත් උද්ගෝෂණය කරනවා. අනිත් අය නිකන්ම රස්සාවලට යනවා
කරුණාකර ඉදිරියට සරසවියට ඇතුළත් කරගන්න සිසුන්ට කියවා අනිවාර්යයෙන් අත්සන් කරන්න ලියවිල්ලක් දෙන්න." උපාධිය සම්පුර්ණ කිරීමෙන් පසුව ඔබට රැකියා ලබා දීමට පවතින රජය හෝ බදු ගෙවන ජනතාව බැදී නැත. සුදුසු රැකියාවක් සොයා ගැනීම ඔබේ වගකීමකි. "
ක්‍රමය තුළ අවුලක් තියෙනවා නේද?
මහා ලොකු උගත්කම් නැති වුනත් විචක්ෂණ බුද්ධිය ඇති තරුණ තරුණියන් පුද්ගලික අංශයේ රැකියාවක් සොයා ගෙන , වෘත්තීය අධ්‍යාපනයක් ලබා දියුණු වෙනවා අපි දැක තිබෙනවා. හපොයි ඒකට මේ ළමයින් දෙමව්පියන්ටයි රටටයි හරිම බරක්.
මේ අයව පුද්ගලික අංශය බඳවා ගැනීමට මැලිවන එක සාධකයක් නම්, මේ උද්ගෝෂණ තුලින් ඔවුන්ගේ හැසිරීම සහ ආකල්ප පිළිබඳව සමාජයට දෙන පිළිඹිබුවයි.
අපේ හාමුදුරුවනේ, අප මහා ඉහලින් ගරු කරන ඔය කසාවත ඇදගෙන මහා පාරේ දෙනෝ දාහක් ඉදිරි ඔහොම හැසිරෙන්න එපා. ඔබ වහන්සේලා ඔය විදියට ගොන් පාර්ට් දාලා පසුව කොහොමද ගිහියන්ට බණ කියන්නේ. මම කියන්නේ තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න විදි සටන් කරන්න ඕනේ නම් කසාවත ගලවා කලිසමක් බැනියමක් ඇදගෙන එන්න. නැතිනම් සමාජයෙන් ඔබවහන්සේලා එපා වී දානේ ටිකක්වත් නොලැබෙන තත්ත්වයට පත්වෙයි. මෙතන තනිකරම වෙන්නේ කසාවතට මුවාවී සිදුකරන රංගනයක්....
මෙවැනි දේවල් සිදුවන්නේ ලංකාවේ පමණි. මක්නිසාද නොමිලේ උපාධි දෙන නිසාය. වෙන රටවල සිසුන් විශ්ව විද්‍යාල ණය ගෙවන්න කුලී වැඩ පවා කරනවා. මෙහෙදී රජය කරන වරද නම් සුදුසුකම් නැති අයට රජයේ රැකියා දීම. උපාධිය සම්පුර්ණ කිරීමෙන් රැකියා ලබා දීමට ලෝකයේ කිසිම රජය බැදී නැත. සුදුසු රැකියාවක් සොයා ගැනීම ඔබේ වගකීමකි. ඔබ ඔබගේ හැකියාවන් විකිණිය යුතුය.
මේ පාරේ ඉන්න කට්ටිය ටොප්ජොබ්ස් වෙබ් අඩවිය බලන්නේ නැද්ද මන්දා, ඕන තරම් රැකියා තියනවා, හැබැයි රජයේ රැකියා වගේ සති අන්ත දවස් දෙකේ නිවාඩු උදේ 10 සිට හවස 4 දක්වා පමණක් වැඩ, වාහන බලපත්‍ර , විශ්‍රාම වැටුප් අරවා මේවා නම් නැතුව ඇති. හැබැයි මමත් රට රැකියාවක් සොයාගත්තේ ඒකෙන්