IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලිට්‍රෝ ගෑස් රුපියල් 150 කින් අඩු කරයි

(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 150 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පෙරවරුවේ පැවසීය.

ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 60 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 28 කින් ද, පහළ දැමූ බවත් නව මිල අද (4) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.

එම මිල පහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල්  3790 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1522 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 712 දක්වා ද පහළ වැටුණු බවත් මුදිත පීරිස් මහතා සඳහන් කළේය.



අදහස් (6)

ලිට්‍රෝ ගෑස් රුපියල් 150 කින් අඩු කරයි

Chithra Tuesday, 04 June 2024 11:07 AM

ගෝඨාභය කියන්නේ සුපිරි මොලයක්. ත්‍රස්තවාදීන් නැති කරලා ඒ ප්‍රශ්නේ ඉවර කරා . බටහිර කුමන්ත්‍රණය උනේ සිංහල ආණ්ඩුව ගෙදර යවලා සාලිය පීරිස් කියන කතෝලිකයව බලේට ගෙන අරගලය දිනන්න . කාදිනල් ගේ කනයාවියෝ සෙට් එක්කයි ජෙප්පොයි NGO කාරයින් එක්ක සෙට් වෙලා ගේම ගහනකොට සිංහලයට එක වෙඩි උණ්ඩයක් පත්තු නොකර රනිල්ව පුටුවේ වාඩි කරලා බටහිර අන්දලා රනිල්ගෙන් පුළුවන් තරම් වැඩ අරගෙන රට ගොඩ දාන්න සෙට් කරා . කොහොමද ගෝටාගේ "බුද්දි" මොලේ .

:       2       0

Dasun Tuesday, 04 June 2024 11:08 AM

ඩොලර් එක 60/-කින් අඩු උනා . 12.5 kg සිලින්ඩරයක් දල වශයෙන් ඩොලර් 13ක් . ඒ කියන්නේ 60 x 13 කියාන්නේ 780/-ක් අඩු වෙන්න ඕනේ අවම .අයථා ලාභ

:       1       4

Kazi Shajahan Tuesday, 04 June 2024 12:04 PM

මාලිමාවට පින් සිදුවේවා

:       3       6

Udara Hemachandra Tuesday, 04 June 2024 01:47 PM

ලෝක වෙළදපලේ මේපාර ප්‍රෝපෙන් මෙට්‍රික් ටොන්`1කක මිල වෙනස් වුනෙ නෑ එත් බියුටෙන් මිල අඩුවුණා .

:       2       0

Siril Tuesday, 04 June 2024 04:03 PM

අනේ අපේ රට ගොඩ යන ඉක්මන.අපි රැවටුනා හොඳේ

:       0       0

siril Tuesday, 04 June 2024 04:05 PM

අංගොඩ මානසික වාට්ටු වල ඉඳන් මේ නිව්ස් කියවන එක ගැන සතුටුයි .පාලක මහතුනි තත්ත්වය බයානකයි ලෙඩාගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 507 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1056 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site