උඩහමුල්ලෙන් කතරගම ගිය ලංගම බසයකට කතරගම ඉන්ධන හළකින් ඩීසල ලීටර් 35ක් ගසා ලීටර 50ක් ගැසූ බවට බිලක් ගනිද්දී අත්අඩංගුවට ගත් ලංගම රියැදුරෙක් හා කොන්දොස්තරවරයෙක් තිස්සමහාරම මහේස්ත්‍රාත් සංජීව රම්‍ය කුමාර මහතා විසින් ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. උඩහමුල්ල ඩිපෝවේ රියදුරු එච්.ජි සමන්ත, කොන්දොස්තර කේ.එන්.ඩබ්ලිව්. නන්ද කුමාර ඔවුහුය. ගැමියන් සේ වෙස් වළාගෙන එහි ගිය ලංගම පරීක්ෂක වරු දෙදෙනෙක් මේ වාංචාව අල්ලා ගත්හ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කරන්නේ ලංගම විතරක් නෙමෙයි. හැම රජයේ ආයතනයකම වගේ මේක සිද්ධ වෙනවා. (නි)
තෝරුන් මොරුන් බේරේ (ස)
අල්ලපු පරීක්ෂකයො දෙන්නා හොරකම් කරල නැතුව ඇති.ඇන් සිද්ධවෙන දේවල් වල හැටියට මේවා මොනවද? (ස)
හැම දේකටම හාල්මැස්සෝ අහුවෙනවා . ලොකු හොරු පොලිස් ආරක්ෂාව මැද වැජඹෙනවා (ස)
ලංගමය විනාස කරලා දැම්මෙත් ඔය වගේ විනාසකාරී සේවකයෝ තමයි (ස)
එතකොට බාල ඉන්දන ගෙනාපු අයට කොච්චර කාලෙකට හිරදදුවම් දුන්නද ?
මීගමුව පැත්තෙත් ඔය වගේ තමයි. චෙක් කරලා බලන්න.
මේ ධර්ම රාජ්ජයයි!
ඔය අල්ලලා තියෙන්නේ එක හොරකමක් විතරයි. (නි)
අල්ලන්න ගිය දෙන්නා ඊට වැඩියෙන් ඕටී ගන්නවා ඇති. (නි)
අල්ලන්නේ ඔය වගේ බාල හොරකම් තමයි ලංකාවේ. (නි)
නදී, දැන් අපේ අය පොඩි හොරු අල්ලන්න හරි දක්ෂයි නේද? (නි)
දෙන වැටුප මදිවෙලාවද්ද? (නි)
හැමදාටම මතක හිටින දඩුවමක් දෙන්න ..මේවගේ අය නිසයි රජය දේපල විනාස වෙන්නේ (ස)
දැන් අපේ අය හොරු අල්ලන්න හරිම දක්ෂයි වගේ (අ)
ලීටර් ලක්ෂ ගණනක් වංචා කරපු දේශපාලුවන්ට මොන දඩයක් වත් නැහැ. ඒ පාඩුව දරන්න ඕනෑ බදු ගෙවන අය. අහිංසකයින්ට හිරබත්! (නි)
මමත් දැක්කා බස් එක ඩීසල් ගහන්න ඇවිත් අල්ලගන්නවා. පව් කොන්දොස්තර මහත්තයයි ඩ්‍රයිවර් මහත්තයයි....(ස)
හැම තැනම ඕක තමයි වෙන්නේ . කොහොමද මේවා නවත්වන්නේ ??(ස)
වක්කඩ කැඩිලා තියෙද්දී කක්කුටු හිල් වහනවා කියන්නේ ඕකනේ. (නි)
ලොකු අය කරන ලොකු ලොකු හොරකම් වලට නීතියක් නැති රටක ඔක්කොම නීති පොඩි මිනිහට පමණත්ද ?? (ස)
මෙන්න නියම වැඩකාරයෝ ....මේ වගේ අයනම් අල්ලන්න ඕනිමයි.. ලැබෙන පඩිය මදි නිසාද දන්නේ නෑ ඉතින් ????? (ස)
දිගු කාලීන හොරකමක්... (නි)
ඉන්ධන හලේ සේවකයන්ට ගතමනාව දීලා නැතුව ඇති. (නි)
පවු අප්පා. මේ අය තේ බොන්නෙත් මගියන්ගේ ඉතුරු සල්ලි වලින් වංචා කරලද දන්නෙ නැහැ. (නි)
ඕවා හැමතැනම වෙනවා. අල්ලන්නේ නැති එක තමයි වැඩේ. (නි)
පොඩි මිනිහාට තමයි ඉතිං හැමෝම පස්සෙන් පන්නා පන්නා ගහන්නේ. (නි)