ශ්රී ලංකාවේ වසරකදී ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගීන් 60,000 ත් 200,000 ත් අතර අළුතෙන් එකතුවන බව ජාතික ලිංගිකාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ව්‍යාපෘතියේ ලංගිකාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා කියයි. නමුත් ප්‍රතිකාර ලබාගැනීමට සායන සඳහා පැමිණෙන්නේ වාර්ෂිකව 10,000 ත් 15,000 ත් අතර ප්‍රමාණයක් බව ද ඒ මහතා පවසයි. ලැජ්ජාවත්, සමාජයේ කොන් කිරීමත්, නොදැනුවත් කමත් තමන්ට වැළඳ ඇති රෝගය ගැන නොදන්නා කමත් මෙයට ප්‍රතිකාර නොගැනීමට හේතුවී තිබේ. එච්.අයි.වී. වෛරසය ගැබිණි මවකගෙන් දරුවාට ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ප්‍රතිකාර ඇති බැවින් ගැබිණි මව්වරු ඒඩ්ස් රෝගය සඳහා රුධිර පරීක්ෂණය කැර ගැනීම අත්‍යාවශ්‍ය බව ද ඒඩ්ස් මර්ධන වැඩසටහන පවසයි. එම ව්‍යාපෘතියේ වෛද්‍යවරු පවසන්නේ ශ්‍රී ලංකාවේ එච්.අයි.වී. වෛරසය වැඩිපුරම ව්‍යාප්ත වෙමින් තිබෙන්නේ පිරිමි - පිරිමි ලිංගිග සම්බන්ධතා මගින් බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජා නැති කමයි මේ ඔක්කොටම මුල..!(නු)
මම රුකියාව කරන දකුණු අප්‍රිකාවෙ තමයි ඒඩ්ස් වැඩියෙන්ම පැතිරිලා තියෙන්නෙ.. මේ රටේ මිනිසුන්ට එය සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ.. නොසැළකිලිමත් කම නිසා තමයි එය බෝවිම වැඩි වෙලා අන් අයට බෝ වෙන්නේ.. ලංකාව ඒ අතිං කොතරම් හොදද කියලා හිතෙනවා..!(නු)
මම නම් කියන්නෙ පාසල් අධ්‍යාපනයට ලිංගික අධ්‍යාපනය එක් කල යුතුයි. ඒහෙම කලානම් මෙවැනි දේවල් ගොඩක් වළක්ව ගන්න පුළුවන්. නැත්තම් වෙන්නේ බාල වයසේදීම මේ ගැන ඇති කුතුහලය වැඩි කමට ඒවා අත්හදා බැලීමට යෑම. එකයිත මනා දැනුමකින් හෙබි පුද්ගලයෙක් කෙදිනකවත් මෙහෙම දේකට යොමු වන්නේ නෑ...ඒකයි ඇත්ත. (අ)
http://www.nursinglk.com/2011/07/34-syphilis.html (නි)
හොදට තියෙයි පාසල් අධ්‍යාපනයට ලිංගික අධ්‍යාපත් එක්කළොත්.. එතකොට චිකාගෝවෙ වගේ ළමයි වඩාගෙන පාසල් යන්න වෙන්නෙ..!(නු)
සුසන්තගේ අදහසම තමයි මටත් කියන්න තියෙන්නෙ.. එයා කඩිනමින් කළ යුතුයි..! අපේ බලධාරීන් විසදුම් හොයන්නෙ ගැටලුව උත්සන්න උනාමනේ..!(නු)
8 වසරේ සිට සියළුම ළමුන් දැනුවත් කළ යුතුයි..! එතකොට ළමයි අමාරුවෙ වැටෙන්නෙ නැහැනේ..පවුල් සෞඛ්‍ය සේවා වලට මේවා ඇතුළත් විය යුතුයි..!(නු)
සමලිංගික සබඳතා සාධාරණීයකරණය කරන්න හදන අය මෙකෙන්වත් යමක් ඉගෙන ගන්න එකක් නැහැ. මොකද, ඒ අය කෑගහන්නේ පිටරටවලින් හම්බවෙන ඩොලර් වලට නිසා. මේ අසහනකාර විකෘති මානසිකත්වයක් ඇති සමලිංගික යක්කු නිසා, පොඩි කොල්ලෙක්වවත් දැන් ඉස්කෝලෙකට, ක්ලාස් එකකට තියා දැන් පන්සලකටවත් යවන්න බැහැ. (අ)
අපේ රටේ දැන් දැන් සමලිංගික ක්‍රියා වැඩිවෙලා. මේවා නවත්වන්න ඉක්මන් ක්‍රියාමාර්ග ගත්තොත් නේද හොද? (නි)
සමලිංගික අයට කරන්නේ මොකක්ද එතකොට? (නි)
ලැජ්ජා වෙලා හරියන්නේ නැහැ..!(නු)
අනේඅපේ අයගේ ලැජ්ජාව..!(නු)
වසර දහයකට වරක් වත් සෑම ශ්‍රී ලාංකිකයෙක්ම එච්.අයි.වී රුධිර පරීක්ෂණයට ලක් කරන්න හැකිනම් මෙය තරමක් දුරට පාලනය කළ හැකි නේද?(නු)
මිනිස්සු දැනුම්වත් කිරීමට හොදම ග්‍රමය තමයි ජංගම දුරකථන ඔස්සේ කෙටි පණිවිඩ යැවීම. රූපවාහිනී සහ ගුවන්විදුලි මගින් ප්‍රජා සත්කාර සේවාවක් හැටියට නොමිළයේ සැමදාම ප්‍රචාරය කරවීම.
දැන්වත් නිසි ලිංගික අධ්‍යාපනයක් තරුණ සහ වැඩිහිටි පුරවැසියන්ට ලබා දෙන්න. නැත්නම් වැරදි මූලාශ්‍රවලින් ඒවා ලබාගෙන ජීවිතය අවුල් කර ගන්න සිදුවේවි.
ඕවා ඉතින් හොරෙන් හොරෙන් නෙව කෙරෙන්නේ. වැඩි ප්‍රීතියට.
මම සාමාන්‍ය පෙළ කලේ 1970 ඒ කාලෙත් අපි ජීව විද්‍යාවට ලිංගික අධ්‍යයනය පාඩමක් ඉගෙන ගත්ත. අපි නොමග ගියේ නෑ හොඳින් දැනුවත් උනා. එක ළමයෙක්වත් වැරදි පාරේ ගියේ නෑ. එහෙමනම් ඇයි මේ දැන් ඔය පාඩමට ඔච්චර බය. ඒ කාලෙත් විද්‍යාවට හැර වෙනම ඕව උගන්නන්නේ නෑ. ඒ නිසා මුදියන්සේ කෙනෙක් ලිංගික මනෝවිද්‍යාව කියල තරුණයෝ නොමග යන බොරු ලිපියක් විකුණන් කෑව. මමත් මේක බලල තියෙනවා. එතකොට අපි උගත්තු නිසා බොරුව තේරුනා. ඒ නිසා වැරදි දේවල් වලින් හරිදේ වෙන්කරගන්න ළමුන් දැනුවත් කරන්න ඕනේ. එක ළමයි පස්සෙන් ගිහින් ආරක්ෂා කරනවට වඩා සාර්ථකයි. (නු)
අඩුම ගණනේ අවුරුද්දකට වතාවක්වත් රුධිරය පරීක්ෂා කරගැනීමත් ඒ හා සම්බන්ධව ජාතික හැඳුනුම්පත මෙන් හැඳුනුම්පතක් සෑම පුරවැසියෙකුටම ලබාදීමත් අනිවාර්ය කළ යුතුයි. විශේෂයෙන් විදෙස් ගතව පැමිණෙන හැම දෙනාමත් සියලු සංචාරකයින්ටත් අනිවාර්යයෙන්ම පරීක්ෂණයක්ට ලක් කළ යුතුයි. ඕක කරන්න ලංකා ආණ්ඩුවට කොච්චරක් දුරට කොන්දක් තියෙනවද කියන එක තයි ප්‍රශ්නය. (ස)
විදෙස් ගතව පැමිණෙන අය කොහොම වෙතත් ඉන්න ලෙඩුන්ගේ ලේ පරීක්ෂා කරන්නවත් පහසුකම් නැහැ. (ස)
මේවා සම්බන්ෂව ජනතාව දැහැමින් දැනුවත් නොකරන්නේ මන්ද?(නු)
මුළු සමාජයම කිලිටි වෙලා ඉවරයි.. අපේ දූ දරුවන්ට පාසලේදි පටන් මේ ගැන අවබෝධ්‍යක් දිය යුතුයි..! වැඩි හිටි දරුවන් දැණුවත් කිරීම තමා මීට හොදම පිලියම.. වෛද්‍යවරුන්ට පුළුවං නෙ මේ පිළිබදව වැඩමුළු පවත්වන්න.. (නු)
එච්.අයි.වී. වලින් වැළකී සිටීම මා දන්නා ඉතාමත් ලෙහිසි පහසු ක්‍රමය නම් සැම දෙනාම 'කාමේසු මිච්චාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමී' යන්න මුළු ජීවිත කාලය තුළදීම පිළිපැදීමයි. (නි)
මේවා පිළිබදව මීට වඩා දැනුවත් කිරීම් කළ යුතුයි..!(නු)
මේවා පිළිබදව මීට වඩා ප්‍රසිද්ධියක් සහ දැනුවත් කිරීම් කළ යුතුයි.. මාධ්‍ය මගින්..!(නු)
මේකට හොද විසදුමක් තමයි පාසල් අවධියෙ ඉදලම මේ පිළිබදව දරුවන් දැනුවත් කරන එක.. ළමුන්ට බෙදා දෙන්න දුන්න උදාවූ යෞවනය කියන පොත සමහර පුස්තකාල වල දාලා අගුළු දාලා තියෙන්නෙ.. ඒවා තියෙන්නෙ ළමයින්ට කියවන්න.. මේ ලිංගිකත්වය කියන එක ගැන ඉගෙන ගන්න.. එහෙම නැති උනාම දරුව්න ඒවා හොයාගෙන යන්න පටන් ගන්නවා... එතනදි තමයි මේ ගැටලු ඇති වෙන්නෙ..!(නු)
අපේ ගැහැණු පිරිමි දෙපක්ෂයම ඉතිං කොහොමත් ලැජ්ජා බයට නිහතමානීව හැදිච්ච අය නිසා වෙන්න ඇති..!(නු)
අන් කවර රෝගයකටත් වඩා ලිංගාශ්‍රිත රෝග වලදි ලෙඩුන්ගේ පෞද්ගලිකත්වය ඉතා වටිනවා.. ලෙඩුන් බෙහෙත් ගැනීමට අදි මදි බවක් දක්වන්නට ප්‍රධානම කාරණය වෙන්නේ ඒ තත්ත්වය... මහනුවර වී.ඩී. සායනය කටුගස්තොට ප්‍ර දේශයේ පවතුන කාලයට වඩා මහනුවර රෝහල් භූමියට ගෙන ඒමෙන් ලෙඩුන්ගේ පෞද්ගලිකත්වය නැති උන බව බොහෝ දෙනෙක් පිළිගන්නවා. මේ කරුණත් සැළකිය යුතු වෙනවා..!(නු)
සමලිංගික අයට කරන්නේ මොකක්ද එතකොට? සාලුක, මේ ප්‍රශ්නය මගෙන්ද ඇසුවේයැයි නොදනිමි. එහෙත් එයට මගේ පිළිතුර නම්, තමා ආදරය කරන තැනැත්තා (තැනත්තී) සමග පමණක් සමලිංගික වසයෙන් ජීවත් වේ නම් එච්.අයි.වී. වලින් වැළකී සිටීමට හැකිය. (නි)
ලලිත් බණ කතා කරනවා ලංකාවෙ රජයේ රෝහල්වල අසාධ්‍ය රෝගියෙකුගෙ වත් ලේ පරීක්ෂා කරගන්න පහසුකම් නැහැ.. ඒවා කරන්න වෙන්නේ පෞද්ගලික රසායනාගාරවලින්.. සංචාරකයන්ගේ ලේ පරීක්ෂාකිරීම ලෝකයේ කිසිම රටක කරන්නේ නැහැ...!(නු)