දින සියයේ වැඩසටහනට අනුව විධායක ජනපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධවූ විධායකයක් සහිත ආණ්ඩු ක්‍රමයක්, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කෙරෙන 19 වැනි සංශෝධනය, ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම් පත, ජාතික විගණන හා තොරතුරු දැනගැනීමේ පනත් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේය.
පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා පිහිටුවීමට ක්‍රියා කරන බවත් නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නියෝජනය නොකරන මන්ත්‍රීවරුන් සහ සෑම පක්ෂයක්ම නියෝජනය වන පරිදි ඒවායේ සභාපතිවරුන් පත් කිරීමට බලාපොරොත්තුවන බවත් අගමැතිවරයා කීය.
තම ආණ්ඩුව රාජ්‍ය පාලනයේදී අනුගමනය කරන්නට බලාපොරොත්තු වන්නේ ලිච්ඡවී සම්ප්‍රදාය බවත් නව දේශපාලන සංස්කෘතියක් බිහි කරන්නට, ශීලාචාර ආණ්ඩුවක් නිර්මාණය කරන්නට, පවුල්වාදය වෙනුවට ජන සම්මතවාදය ස්ථාපිත කරන්නට, දූෂණයෙන් වංචාවෙන් තොර යහ පාලනයක් ඇති කරන්නට, ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කරන්නට ක්‍රියා කරන බවද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දැන ගෙන හිටිය කවද හරි රට ගොඩගන්න රනිල් තුමා ඕන වේවි කියල .කවුරු කවුරුත් තමන්ගේ ඇස් වලින් බලා ඉන්න ලංකාවේ ඉතාමත්ම උගත් බුද්ධිමත්,පරිනත මෙම දේශපලඥයාගේ වැඩ ඉදිරියට (අ)
සිරිපාල ජයකොඩි කවුරු උනත් දේශපාලනය ගැන , පුද්ගලයින් ගැන,සිදුවීම් ගැන මොනවත් දන්නේ නැති කෙනෙක් හැටියයටයි මම නම් දකින්නේ. හිතට ආවට, ලියන්න හිතුනට නොදන්නා දේවල් ලියන්න එපා. ලංකාදීප එසැන පුවත් වලට සම්බන්ද වෙලා සිටින කණ්ඩායම අපේ රටේ දේශපාලනය පිළිබඳව, පරිසරය පිළිබඳව, සමාජය පිළබඳව හොඳ අවබෝධයක් තියෙන අය බව අමතක කරන්න එපා. ඔබ ඔය කියන බටලන්ද අදත් තියෙනවා. එදත් එහි යුධ හමුදා කඳවුරක් තිබුනා. එය අදත් තිබෙනවා. ඔය නිර්ලජ්ජිත බටලන්ද මඩ කතාව වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත්තා, ඒ චන්ද්‍රිකා මැතිනියගේ පාලන කාලයේ. නඩුවෙන් රනිල් මැතිතුමා නිදොස් කොට නිදහස් කළා . ඒක නිසා මේවගේ පිළුණු වෙච්ච, මඩ කතා නැවත එලියට අරන් අදහස් දක්වන්න එපා. ඒ නිසා රට තොට ගැන මීට වඩා අවබෝධයෙන් සිට සත්‍ය තොරතුරු ගැන අදහස් දමන්න. දිනපතා පුවත් පත් කියවන්න. ඉදිරියේදී හොඳ ලංකාදීප එසැන පුවත් පාඨකයෙක් වෙන්න හැකි වේවි , ඔබට සුභ පතමි! (අ)
හොඳ දේවල් හොඳ විදිහට දකින්න පුරුදුවෙමු . පරණ දේවල් කරේ තියාගෙන හැමදාම බැන බැන ඉන්නේ නැතුව ආකල්ප වෙනස්කර ගන්න. ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න. රටට හොඳක් වෙනකොට සතුටුවෙන්න (නි)
එදා බුදු රජාණන් වහන්සේ ලෝ වාසීන්ට යහපත් ජීවිතයකට මග සහ නිවන පිළබඳව කොපමණ කියා දුන්නත්, බණ දේශනා කලත් ඒවා නොසලකා ඉරට හඳට සහ ගස් ගල්වලට, වඳින, යක්ෂයින්, මළවුන්, අදහන මිනිස්සුත් හිටියා. ඒවගේ දුෂිතයින් අදහන, ඔවුන්ගේ ප්‍රසස්ති ගයන උගත් යයි කියා ගන්න මිනිස්සු අදත් අප සමාජයේ ඉන්න බව එසැන පුවත් අදහස් දකින විට පැහැදිලි වෙනවා. (නදී)
ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ප්‍රජා අයිතිය සහ අනෙකුත් අහිමිවූ දේ නැවත ලබාදුන්නොත් නේද වඩාත් හොඳ?මෙය දුන් පොරොන්දුවක් (නි)
සිරිපාල මහත්තයෝ, ඔබතුම අපිට වැඩිය වයසින් වැඩි ඇති. ඒත් අපි කණගාටු වෙනවා, බටලන්ද තවම අල්ලාගෙන මඩ ගහනවට.රනිල් මහත්තයා කළ හොඳ වැඩ 1000ක් තියෙද්දී එතුමා නඩුවෙන් පවා නිදහස් වුණ බටලන්ද ගැන තවම කියවන එකට. අපිට ඕනෑ අලුත් ශීලාචාර රටක්. ඒකට මේ වගේ බුද්ධිමත් නායකයෝ ලංකාවට ඕනෑ. ඒකයි තරුණ අපේ බලාපොරොත්තුව. (නි)
ලිච්ඡවී සම්ප්‍රදාය හොඳයි.ඒ වගේම සිංහලයා ගැනත් සිතා කටයුතු කරනු ඇතැයි සිතමු. (නි)
සිරිපාල ජයකොඩි බොරුවට බටලන්දක් ගැන කියන්න එපා. අවුරුදු විස්සක්ම රනිල් විපක්ෂයේ හිටියා. ඔයගොල්ලන්ට තිබුනේ නැද්ද බටලන්ද ගැන හොයන්න. ලංකාදීප, කරුණාකරලා රනිල්ගේ සම්පුර්ණ කතාව පලකරන්න. එය අයිතිහාසික කතාවක්. එයින් තරුණ දේශපාලකයින්ට බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්. (නදී)
සිරිපාලට හරියන්නේ මොන විදියේ නායකත්වයක්ද ? ගමේ චන්ඩියා වගේ වහසි බස් දොඩවන, අවංකව වෘත්තීය විභාගයකට තමන්ටම ලියා ගන්න බැරි, තමාට නැති ප්‍රභූ පවුල් පසුබිමක් තියනවා කියල පෙන්වන්න දගලන කට්ටියද ? (නදී)
අදහස නම් හිස් මුදුනින්ම පිළිගන්නවා (නි)
සිරිපාල ජයකොඩි ලියන්නේ අභ්‍යවකාශයේ සිට විට යුතුයි. නැති නම් පොළොවේ පය ගසා ගෙන සිට නායකයෙකු විවේචනය කරන අන්දම තවම නොදන්නා බව පෙන්වන්නේ නැහැනේ .(දිල්)
රනිල් යනු ජාත්‍යන්තර කීර්තියට පත් උගත්, බුද්ධිමත් නායකයෙක්. කිසිවකින් නොසැලෙන,නොපැකිලෙන,අති දක්ෂ රාජ්‍ය පාලකයෙක්. එතුමාට අවස්තාව නොදී බොරු වීරයින්ට රට භාර දීමේ තරම දැන් දැන් එලිවෙමින් පවතී. රණවිරුවන් දිවි පුදා බේරාගත් රට යන්නේ කොහෙද මල්ලේ පොල් තත්වයට පත්වූ මොහොතේ නව රජය බිහිවීම වාසනාවක් ලෙස සිතමු. (නදී)
මොහොමඩ් සහෝදරයා කොහෙද ඔයගොල්ලන්ගේ නිජබිම මෙහෙ එක අරාබියේ තියෙන්නේ (නදී)
පවුල්වාදය තියෙන්නේ කවුරු ළඟද කියලා අපි දන්නවා. (නි)
අපේ මහපොළ 5000 ක් කරන එක ගැන කතාවක් නැහැ නේද ? (නදී)
දොන් සිරිපාල ජයකොඩි මහතාට ලියමි. බටලන්ද ඔබ දුටුවාද ? එය කරපු බව නීතිය ඉදිරියේ ඔප්පු උනාද ? නිකන් ගොරවන්න එපා සහෝදරයා. අනික රටේ පවතින නීතියට පටහැනි ව කැරලි ගහන ඕනෑම කෙනෙකුට තරාතිරම නොබලා දඩුවම් කල එකම පක්ෂය ඒ ජා ප ය විතරයි. මම එ්ක හොදින්ම දන්නවා අපිට සාක්ෂිත් තියෙනවා (නදී)
වැඩේ කනවා නේ ද? (නදී)
අන්තිමට වැඩක් කරන්න ඉතුරුවුණේ මෙතුමා.රට නිසි මඟට ගන්නවා නම් ඒ ඇති.ඒ වාගේම කුහකයෝ ටික හිරේට දාන්නත් වගබලාගන්න.ජය වේවා! (නි)
නියමයි (නදී)
කවුරු මොනවා කිවුවත් අපේ ජනපතිතුමා තවමත් අපිට නම් මහින්ද රාජපක්ෂයි. (නි)
මේවා ඉතා ඉක්මනින් කළයුතුයි.කල්මැරීම හොඳ නැත. (නි)
මෙම නීති කෙටුම්පත් බලයේ සිටි අයටත් බලපාන ලෙසද, ඔවුන් යම් නීතිවිරෝධී කටයුත්තක් කර ඇත්නම් නීතිය හමුවට පමුණුවා නීතිප්‍රකාරව දඬුවම් කළ හැකිවන ලෙසද සම්පාදනය කරන මෙන් ඉල්ලා සිටිමි. (නි)
ලිච්චවී රජවරු රට නම් බෙදුවෙ නෑ. අපේ මුල්ම ඉල්ලීම රට රැකගැනීම. මංගල සමරවීර ඉන්දියාවෙදි බළල මල්ලෙන් එලියට අරං. ඊළම දීමේ මුල් පියවර ගන්නවලු. (බ)
අපිටත් ආරංචියි හොඳ හොඳ දේවල් (නි)
ගජබා වැනි නොදරුවන් /බාලයන් ගැන මට හරිම දුකේ බෑ. (නදී)
ජයවේවා ...ජයවේවා ...ජයවේවා ...ජයවේවා ..අප ..ශ්‍රී ලංකා (නදී)
අනේ මොන තරම් දෙයක්ද, අපේ අගමැතිතුමනි! ඔබතුමන්ට තෙරුවන් සරණයි. (නදී)
මේ අගමැති කම හොර එකක්..දින 100න් පස්සේ පවත්වන මැතිවරනෙන් අගමැති වෙලා පෙන්නන්න..එතකොට ඔබ තුමා අගමැති බව අපි පිළිගන්නම්..විපක්ෂයට බහුතරය ඇති පාර්ලිමේන්තුවක ඔබ කොහොමද අගමැති වෙන්නේ.. (අ)
ඒකීය රටක් කියන එක ඊයේ අගමැතිතුමා පැහැදිලිව කිව්වා.. දැන් වත් මෝඩ කතා කියන්න එපා. රට බෙදනවා කියල දාපු රුපවාහිනී ප්‍රචාරණ දේවල් වලට ජනතාව එපා කිව්වා.. දැන් බලන්න රට හදන හැටි.. ඉවසන්න රවී මහත්තයෝ (අ)
කරුණා කරලා දෙමළ මුස්ලිම් ජනතාව අමතක කරන්න එපා.. ඔවුන් ගෙන් උදුරාගත් නිජබිම් නැවත ලබාදෙන්න. (අ)
මේ දින සීය දෙමල චිත්‍ර පටියක් වන මුදල්වන් හි කොපියක්. එම චිත්‍ර පටිය බලන්න. (නදී)
යහ පාලනයට පෙර ඊලාම් ස්වයංපාලනය. අනේ අපේ මව්බිම්. (නදී)
ඔක්කොම කෙරුවොත් මම ගොඩාක් සතුටුයි (නදී)
අනේ මහත්තයෝ ඔය තරම්ම සුද්දෝදන වෙන්න එපා. ඔබතුමා ගැනත් බටලන්ද ගැනත් අපි දන්නවා. දින 100 යෙන් මහජනතාවට හොඳ දෙයක් කරන්න පුලුවන්නම් කරන්න (නදී)
නියම කතාව අගය කරනවා (නදී)