
(ආර්.එෆ්.එම්.සුහෙල්)
ප්‍රබල පාතාල ක්‍රියාකාරියකුව සිට වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය මාකඳුරේ මදූෂ් නමැත්තාගේ අනියම් බිරියක ඇතුළු කන්තාවන් පිරිසක් නැවතී සිටි බව කියන නුවරඑළිය ලැගුම්හලක් පරීක්ෂා කළ පොලිසිය එහි තිබී රන් ආභරණ, ඡංගම දුරකතන, දෙස් සහ විදෙස් ගත මුදල් විශාල ප්‍රමාණයක් සහ ඔවුන් පැමණි සුඛෝපභෝගී මෝටර් රථයක් අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය කියයි.
මාකඳුර මදූෂ්ගේ අනියම් බිරිඳය අයත් යැයි සැලකෙන බී.එම්.ඩබ්ලිව් වර්ගයේ සුඛෝපභෝගී කාර් රථයක් , තිස් දෙලක්ෂ හැත්තෑ තුන්දහස් අටසිය අනූවක මුදල් , ඇමරිකානු ඩොලර් 05ක් , මෙතෙ වටිනාකම තක්සේරු කළ නොමැති විවිධ වර්ගයේ වටිනා මැනික් කැට 91 ක් , මැණික් ගල් පරීක්ෂා කිරීමේ උපකරණයක් , රන් පැහැති මාල දෙකක් , අත් පළඳනාවක් , මුදුවක් පැනඩලයක් වලල්ලක් , ජංගම දුරකථන පහක් බැංකු ගිණුම් තුනක් , මුදල් පේෂන කාඩ් පත් දෙකක් ඇතුළු දෑ පොලිස් බාරයට ගෙන ඇත.
ලැකුම්හල බාරව කටයුතු කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව නුවරඑළියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි .
මාකඳුරේ මධුෂ් නමැති පුද්ගලයාගේ අනියම් බිරිඳ නුවරඑළිය මාගස්තොට විජිතපුර ප්‍රදේශයේ ලැගුම්හලක නතරවී සිටින බවට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.
එම තොරතුරට අනුව ක්‍රියාත්මක වූ නුවරඑළිය පොලිසිය අදාල නැඟුම්හල පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කළ අතර ලැගුම්හලට පැමිණි පිරිසකගේ වාහනයක් ලැගුම් අසල ඉදිරියේ නවතා ඔවුන් නැවතී සිටි කාමරය ද අගුල් දමා වසා ලැගුම්හලින් පිටව ගොස් ඇති බව එහි හිමිකරු පවසා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මාර රටක්, නීතිය, ආත්ම ගරුත්වය වල් වැදුණු රටක්... මාකඳුරේ මධුෂ් කියන්නේ කවුද කියලා මම දන්නේ නෑ. ඔහු පාතාලයෙක් වෙන්න පුළුවන්, කුඩු කාරයෙක්, කුඩු මුදලාලි කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒත් කාටවත් අයිතියක් තියෙනවාද ඒ මනුස්සයා ආශ්‍රය කරපු ගෑනු, යාලුවෝ අත්අඩංගුවට ගන්න නිකං... ඒ මිනිහා ආශ්‍රය කරපු පළියට. ඒ කාන්තාවට අපහාස කරන්න. වෙන එකක් තබා අර හෝටලයේ අයිති මනුස්සයාවත් අත්අඩංගුවට ගන්න. මම ඉන්නේ කැනඩාවේ. මේ රටේ කිසිම මනුස්සයෙක් අත්අඩංගුවට ගත්තාට පස්සේ නම් ගම් හෙළි කරන්නට සම්පූර්ණයෙන් තහනම්. වැරැදිකාරයා වුණත්, නැතත්.... මොකද වැරැදි කරන්නේත් මිනිස්සු... වැරදි ,නිවැරදි කරගන්නේත් මිනිස්සු. නීතිය හමුවේ කිසියම් කෙනෙක් වැරැදිකරු වෙනකන් ඇයට හෝ ඔහුට මේ ආකාරයට අපහාස කරන්න කාටවත් ඇති අයිතිය මොකක්ද?
කුඩුවලට ගෑවුණු අය සේරම ගන්නවා.. ඔයාට අවුල්ද?