IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලංගම බසයට අඩයක් නොවේ

හැටන් ලංගම ඩිපෝවෙන් අම්පාර දක්වා බසයක් ධාවනය කිරීමෙන් පෞද්ගලික බස් කිහිපයක ආදායම අඩුවෙතියි පෞද්ගලික බස් විසි දෙකක හිමිකරුවෝ ද සේවකයෝ ද ලංගම බසයට ධාවනය වීමට ඉඩ නොදී  අම්පාරේ උදඝෝෂණය කළහ. පොලිසිය මැදිහත් වී මිනිත්තු 45 කට පසුව ලංගම බසය පිටත් කැර යැවීය. විසැඳුමක් ලැබෙන තුරුපෞද්ගලික බස් ධාවනය නොකෙරෙන බව දිගාමඩුල්ල පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ඩී. ගුණදාස මහතා කියයි. ලංගම නැගෙනහිර ප්‍රධාන ධාවන කළමනාකරු මොහොමඩ් නිස්රි මහතා පැවැසුයේ සියලු පාර්ශව සමග සාකච්ඡා කැර ඉක්මණින් විසැඳුමක් දෙන බවයි.



අදහස් (0)

ලංගම බසයට අඩයක් නොවේ

පූජා Monday, 22 October 2012 04:51 PM

ප්‍රජාතන්ත්‍රවාදය අනිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට ඉඩ හැරීමේ ප්‍රතිඵල.(ස)

:       0       0

සම්පත් Wednesday, 24 October 2012 07:32 AM

පුද්ගලික බස් රියදුරන්ට ඕනෑ ඕනෑ විදියට නටන්න දෙන්න එපා. ලංගාමටත් අවශ්‍ය වෙලාවට බස් ධාවනය කරන්න අයිතිය්ක තියෙන්න ඕනෑ. (නි)

:       0       0

හපන් Monday, 22 October 2012 05:00 PM

ප්‍රජාතන්ත්‍රවාදය අනිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට ඉඩ හැරීමේ ප්‍රතිඵල. (නි)

:       0       0

මොහොමඩ් අලී Tuesday, 23 October 2012 02:19 PM

ඔන්න වෙලාව මෙයාලව යටකරන් යන්න (ස)

:       0       0

නුවන් Monday, 22 October 2012 05:32 PM

අපි ලංගම පැත්තේ (නි)

:       0       0

සම්පත් Wednesday, 24 October 2012 03:13 PM

ඔතන කවුරුවත් නැද්ද බස් එක යට ඉන්න මිනිහට එළියට ඇදලා දාන්න. නැත්නම් බස් එක ස්ටාට් කරන්න. එතකොට දුවයි ඔක්කොම. (නි)

:       0       0

වසන්ත Monday, 22 October 2012 11:47 AM

අනේ ඔයාලට හැමදාම මේ ප්‍රයිවට් බස් කර්මාන්තයෙන් ඉවත් වෙලා ඉන්න බැරිද ?? (ස)

:       0       0

හර්ෂණ Monday, 22 October 2012 12:06 PM

පොඩ්ඩක් හරි බස් ස්ට්‍රයික් කරානම් හරි (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 23 October 2012 08:48 AM

බස් මාෆියාවට යටත් නොවී මේ ස්ථාවරයේ දිගටම රැඳී සිටීමට ප්‍රවාහන ඇමති තුමාට ශක්තිය ලැබේවා!(ස)

:       0       0

ඉන්දික Monday, 22 October 2012 12:00 PM

ඇයි දෙයියනේ අලුතෙන් බස් දාන්නත් මෙයාලගෙත් අවසර ගන්න වෙලා නේ (ස)

:       0       0

සමන් Monday, 22 October 2012 12:18 PM

මාර වැඩක්නේ මේක... (නි)

:       0       0

නලින්ද Monday, 22 October 2012 12:09 PM

ලංගම රැකුනොත් තමයි හොඳ (ස)

:       0       0

උපාලි Tuesday, 23 October 2012 08:32 PM

අයියෝ සල්ලි

:       0       0

ඔසන් සලාම් - දෝහා Monday, 22 October 2012 12:27 PM

මගීන්ට අවශ්‍ය වන්නේ කලට වේලාවට කාල සටහනක් අනුව දුර බස් ගමන් සේවාවක් මිස ගාටන බස් සේවාවන් නොවේ. ලෝකයේම ගාටන බස් සේවා තිබෙනවා නම් ඒ ලංකා පුද්ගලික සේවයයි. "ඔහේලට හදිසි නම් කාර් එකක් අරන් යන්න" යයි කියා මගීන්ට අපහාස කරන පුද්ගලික රියදුරු කොන්දොස්තරලා ලංකාවේ ඕනෑ තරම් දැකිය හැකියි. කාර් අරං යන්න පුළුවන් නම් මොවුන්ගේ ගාටන බස්වලට මගීහු නගීද ? ලංගමය යනු ජනතාව වෙනුවෙන්ම කැපවූ ප්‍රවාහන සේවයකි. එය විධිමත් සේවාවක් මගීන්ට ඉටුකරනවා නම් අපට මොන පුද්ගලික බස්ද? අපට අනුව කිසිවිටකත් රාජ්‍ය ප්‍රවාහන සේවයක් පුද්ගලික බස් සේවාවලට යටවියයුතු නැහැ. ඔවුන්ට තිබෙන එකම විකල්පය නම් හැටන් - අම්පාරට හොද බස් සේවාවක් ලබාදී පෙන්වීමටයි. ඔවුන් මගී සේවයට වඩා ආදායම ලොකුවට සලකනමුත් මගී ජනතාව ඔවුන්ගේ ආදායම වෙනුවෙන් බිල්ලට දීමට රජයට හැකියාවක් නැත. (නි)

:       0       0

අභා Monday, 22 October 2012 12:19 PM

තරඟකාරීත්වයෙන් පහසුව, වාසිය සැලසෙන්න ඕනේ මගීන්ටයි (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 22 October 2012 06:41 PM

ඇත්තමයි පෞද්ගලික බස් මොකටද? අනික පෞද්ගලික බස් 22ක් දුවන පාරේ එක ලංගමයි. මරු. ඇත්තටම පෞද්ගලික බස් තියෙන කස්ටිය පොඩ්ඩක් අයින් වෙලා ඉන්නකෝ. රු.14 දුරට 20ක් දුන්නොත් ඉතුරු හතර දෙන්නේ නැහැ. බැරිවෙලාවත් අපේ අතින් රුපියලක් අඩුව සල්ලි දුන්නොත් කොන්දොස්තරලා ,අපෙ අම්මලා තාත්තලා මතක් කරනවා. එහෙවු එකේ ප්‍රවාහණ ඇමතිතුමනි. කෙළින් තීරණයක් අරගෙන,මේ අයට දෙකක් ඇනලා කූඩුවට දාලා ලංගම බස් එකට යන්න ඉඩ හදලා දෙන්න. (නි)

:       0       0

සෙනෙවිරත්න Monday, 22 October 2012 12:27 PM

අපිට ඕන ලංගම බස් මිසක් පෞද්ගලික බස් නෙමෙයි (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 22 October 2012 12:45 PM

අනේ මන්දා දැන් ලංකාවටම කම්පනය වගේ (ස)

:       0       0

ටෝනි Tuesday, 23 October 2012 10:05 AM

අපිට ඕනි ලංගම (ස)

:       0       0

ඉන්දික Monday, 22 October 2012 12:57 PM

මේක පුදුම වැඩක් වුණානේ දැන්? (නි)

:       0       0

මනෝජ් Tuesday, 23 October 2012 10:22 AM

අපි සැමදා ලංගමට ආදරෙයි , හැබැයි ඉතින් තියෙන බස් හරිනෑනේ...(ස)

:       0       0

නිරාන් Monday, 22 October 2012 12:52 PM

සීටීබීයට ජය වේවා! (නි)

:       0       0

රංජිත් Monday, 22 October 2012 12:53 PM

අයියෝ, රටේ හැමතැනම ඔස්ටියෝපොරෝසීස්?(ස)

:       0       0

නාලක Monday, 22 October 2012 01:03 PM

ඔවු ඉතින්. නුවරට යනකොට පැය 6ක් විතර කොට කොටා යන්න බැරිවෙනවනේ (නි)

:       0       0

උදය Tuesday, 23 October 2012 09:34 PM

මෙයාලට එක බස් එකක් හින්දා ඔච්චර පාඩු නම් ලංගමට ඇති බය ඕකෙන්ම පෙනෙනවා නේද? (නි)

:       0       0

මනම්පේරි Monday, 22 October 2012 12:55 PM

ඉතින් ලංගම වහලම දාලා එයාලටම දුන්නා නම් ඉවරනේ (නි)

:       0       0

නාලක Monday, 22 October 2012 12:55 PM

ඇමතිතුමනි, ඔබතුමා මැදිහත් වෙලා මේ බස් දෙක කොහොමහරි දාන්න (නි)

:       0       0

නාලක Monday, 22 October 2012 12:57 PM

සරසවි මාෆියාව නැතිකළ සේම පෞද්ගලික බස් මාෆියාවද නැති කළ යුතුයි. (නි)

:       0       0

රූපා රත්නායක Monday, 22 October 2012 08:14 PM

හප්පේ මෙයාට ගිය රට ඇත්තමට ලංකාවත් දැන් කපනෙ වගේ. කොන්ද පණ නැති රටක් (අ)

:       0       0

චන්දි Monday, 22 October 2012 01:19 PM

ලංකාවේ රජයක් කියල එක්ක තියෙනව නේද? පුදුම දෙයක නේ මේක රජයේ බස් කොහොම දිව්වම මොක ද? මේවට ඉඩ දුන්නම තමා අසරණ මිනිස්සු හූරං කන්නෙ.(ස)

:       0       0

අර්ෂාෆ් Monday, 22 October 2012 01:39 PM

ලංගම දිවුවොත් පෞද්ගලික බස් වලට ටික්කෝ ගහන්න බැහැනේ. (නි)

:       0       0

මාධව Monday, 22 October 2012 01:40 PM

තව ටික දවසකින් මෙයාලා පොලිසි, උසාවි එහෙමත් වහන්න කියයිද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

සුමුදු Monday, 22 October 2012 01:30 PM

අනේ ප‍්‍රවාහන ඇමතිතුමනි, මෝඩ මිනිසුන්ගේ ගොන් වැඩ වලට අසු නොවී වැදගත් කාටත් සුබදායි කෙළින් තීරණයක් ගෙන මෙම ප‍්‍රශ්නය විසඳන්න. ඔබ තුමාගේ යුතුකම මඟීන්ට කාර්යක්ෂම සහ මඟීන්ගේ කාලය මහමඟට කා නොදමා සහනදායි සේවයක් සැපයීම බවත්, පෞද්ගලික බස්හිමියන්ගේ සාක්කුව තරකිරීම නොවන බවත්ය. තවද මෙම ප‍්‍රශ්නය විසඳීම ඔබතුමාගේ වගකීමකි.(ස)

:       0       0

සුමුදු Monday, 22 October 2012 01:40 PM

අනේ ප‍්‍රවාහන ඇමතිතුමනි, මෝඩ මිනිසුන්ගේ වැඩ වලට අසු නොවී වැදගත් කාටත් සුභදායි කෙළින් තීරණයක් ගෙන මෙම ප‍්‍රශ්නය විසඳන්න. ඔබතුමාගේ යුතුකම මඟීන්ට කාර්යක්ෂම සහ මඟීන්ගේ කාලය මහමඟට කා නොදමා සහනදායි සේවයක් සැපයීම බවත්, පෞද්ගලික බස්හිමියන්ගේ සාක්කුව තරකිරීම නොවන බවත් සිහිතබා ගන්න. තවද මෙම ප‍්‍රශ්නය විසඳීම ඔබතුමාගේ වගකීමකි. (නි)

:       0       0

නාපාවල කටාර් Monday, 22 October 2012 01:43 PM

පුද්ගලික බස් ලංකාවේම නැතිකර ලංගම බස් දැම්මනම් හොඳයි . කවදාවත් ඉතුරු සිල්ලර කාසි දෙන්නේ නැහැ .ගාස්තුව රු .16.00ක් නම් ඉතිරි රු .4.00 දෙන්නේ නැහැ .මේ විදිහට හුරලා කාල තමයි පාඩුව දුවනවා කියන්නේ (ස).

:       0       0

තරුෂ Monday, 22 October 2012 01:54 PM

රජයත් පුද්ගලීකකරනය කරල මේ ගොල්ලන්ට බාර දුන්න නම් හරි බා ගෙන කන්න තියන වල ඉහගෙන කනවයි කියන්නෙ මේවටද මන්දා (ස)

:       0       0

කණිෂ්ක Monday, 22 October 2012 01:49 PM

මේක හැටන් ඩිපෝවේ බස් එක්ක නම් වෙන්න බැහැ. (නි)

:       0       0

ද සිල්වා Monday, 22 October 2012 02:02 PM

පුද්ගලික බස්කාරයෝ කරන්නේ මහජනයා සූරාකන එකයි (නි)

:       0       0

කණිෂ්ක Monday, 22 October 2012 02:03 PM

මේක නාවලපිටිය ලංගමයක් නේද? (නි)

:       0       0

සිල්වා Monday, 22 October 2012 02:05 PM

මෙය පිටුපස ඇති ප්‍රබල හස්තය කුමක්ද ? (ස)

:       0       0

විරාජ් Monday, 22 October 2012 09:59 PM

ඔන්න වෙල්ගම ඇමතිතුමා නැති එකේ පාඩුව... (නි)

:       0       0

අසංග Monday, 22 October 2012 02:05 PM

වැරදි ආදර්ශයක්..ලංගම බස් හැම පාරකම තිබිය යුතුයි (ස)

:       0       0

සේනක Monday, 22 October 2012 02:15 PM

මේ වගේ මිනිස්සු තියන්න වටින්නෙ නැහැනේ ඉතින් (නි)

:       0       0

යොහාන් Monday, 22 October 2012 02:23 PM

මේ මිනිස්සුන්ට පිස්ස් හැදිලද මන්දා? (නි)

:       0       0

දිලිප් Monday, 22 October 2012 02:28 PM

ඒ කියන්නේ පෞද්ගලික බස් 22ටම වැඩිය එක ලංගමයෙන් වාසියි. (නි)

:       0       0

රොෂාන් Monday, 22 October 2012 10:59 PM

මේ මාෆියාවෙන් අපිව ගලවගන්න ඉන්නේ අපේ ආරක්ෂක ලේකම්තුමා විතරයි. මොන ඇමති ආවත් මෙයාලා තමන්ට ඕනෑ දේ ගන්නවා. මගියාට සහනයක් නැහැ. පාරේ වරු ගණන් කොටනවා.මිනිස්සුන්ගේ කාලේ කන එව්වා,කරච්චල් රේඩියෝ,ඒ සී බාගෙට දාගෙන යන ඒවා කාටවත් පේන්නේ නැහැ. පෙනුනත් අහක බලාගෙන ඉන්නවා. (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 22 October 2012 02:20 PM

එඩිතරව මුහුණ දීමට ප්‍රවාහන ඈමති වරයාට ශක්තියක් ඇතිවේවා! (ස)

:       0       0

දුමින්ද Monday, 22 October 2012 02:23 PM

පුද්ගලික බස් හිමියන්ට වැඩිය නටන්න දෙන්න එපා (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 23 October 2012 11:59 PM

අනේ ඇත්තට? ඔය බස් එක යටට වෙලා ඉන්න කෙනාට ඇදලා අරන් දෙකක් දෙන්න හිතෙනවා මට. (නි)

:       0       0

සුමනා Monday, 22 October 2012 02:37 PM

ගරු ප්‍රවාහන ඇමතිතුමනි, පුද්ගලික බස් හිමියන්ගේ තර්ජන වලට බිය නොවන්න (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Monday, 22 October 2012 02:39 PM

ප්‍රවාහන ඇමති තුමනි.පෞද්ගලික බස් සේවය නවතා රජයේ කලින් තුබුණා වගේ ලංගම මගින් ප්‍රවාහන සේවය ලබා දෙන්න, දැන් යුද්දයක් නැහැ. ඕන තරම් බස් මිලදී ගන්න පුළුවන් (ස)

:       0       0

එරංග Monday, 22 October 2012 03:28 PM

එක්කෝ මෙයාලා හොඳ සේවයක් කරන්න ඕනි. නැත්නම් ලංගමට අවස්ථාව දීලා පැත්තකට වෙන්න ඕන (ස)

:       0       0

දිනේෂ් Monday, 29 October 2012 02:51 PM

අම්පාර ඉදන් මහියංගණට හැටන් බස් එක පැය 02න්. පුද්ගලික බස් පැය 03න්. පුලුවන් නම් තව හැටන් බස් 10ක් දාන්න නුවර අම්පාර අතර. (නි)

:       0       0

නිමාලි Monday, 22 October 2012 03:45 PM

මමත් කියන්නේ පෞද්ගලික බස් අපිට අවශ්‍ය නැහැ. එයාල සල්ලි හොයන්න කොච්චර නම් වේගයෙන් යනවාද.ඇත්තටම සමහර වෙලාවට පිස්සො වගේ තමයි හැසිරෙන්නේ . රජයට පුලුවන්නේ රාජ්‍ය ප්‍රවාහනය දිරිමත් කරලා මේවා නැති කරන්න...(ස)

:       0       0

ෂෙරීෆ් Tuesday, 23 October 2012 02:20 AM

ලොව සිටින කපටිම ජාතිය පෞද්ගලික රියදුරන් සහ කොන්දොස්තරවරුනුයි. (නි)

:       0       0

තිලක් Monday, 22 October 2012 04:11 PM

පුද්ගලික බස් මිනිස්සුන්ට ඔනෑ වෙලාවට නෑ..ලංගම විතරයි රෑට වැඩ කරන්නේ..තව පුළුන්නම් ලංගම බස් දෙක තුනක් දාන්න...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 792 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site