හැටන් ලංගම ඩිපෝවෙන් අම්පාර දක්වා බසයක් ධාවනය කිරීමෙන් පෞද්ගලික බස් කිහිපයක ආදායම අඩුවෙතියි පෞද්ගලික බස් විසි දෙකක හිමිකරුවෝ ද සේවකයෝ ද ලංගම බසයට ධාවනය වීමට ඉඩ නොදී අම්පාරේ උදඝෝෂණය කළහ. පොලිසිය මැදිහත් වී මිනිත්තු 45 කට පසුව ලංගම බසය පිටත් කැර යැවීය. විසැඳුමක් ලැබෙන තුරුපෞද්ගලික බස් ධාවනය නොකෙරෙන බව දිගාමඩුල්ල පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ඩී. ගුණදාස මහතා කියයි. ලංගම නැගෙනහිර ප්‍රධාන ධාවන කළමනාකරු මොහොමඩ් නිස්රි මහතා පැවැසුයේ සියලු පාර්ශව සමග සාකච්ඡා කැර ඉක්මණින් විසැඳුමක් දෙන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රජාතන්ත්‍රවාදය අනිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට ඉඩ හැරීමේ ප්‍රතිඵල.(ස)
පුද්ගලික බස් රියදුරන්ට ඕනෑ ඕනෑ විදියට නටන්න දෙන්න එපා. ලංගාමටත් අවශ්‍ය වෙලාවට බස් ධාවනය කරන්න අයිතිය්ක තියෙන්න ඕනෑ. (නි)
ප්‍රජාතන්ත්‍රවාදය අනිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට ඉඩ හැරීමේ ප්‍රතිඵල. (නි)
ඔන්න වෙලාව මෙයාලව යටකරන් යන්න (ස)
අපි ලංගම පැත්තේ (නි)
ඔතන කවුරුවත් නැද්ද බස් එක යට ඉන්න මිනිහට එළියට ඇදලා දාන්න. නැත්නම් බස් එක ස්ටාට් කරන්න. එතකොට දුවයි ඔක්කොම. (නි)
අනේ ඔයාලට හැමදාම මේ ප්‍රයිවට් බස් කර්මාන්තයෙන් ඉවත් වෙලා ඉන්න බැරිද ?? (ස)
පොඩ්ඩක් හරි බස් ස්ට්‍රයික් කරානම් හරි (ස)
බස් මාෆියාවට යටත් නොවී මේ ස්ථාවරයේ දිගටම රැඳී සිටීමට ප්‍රවාහන ඇමති තුමාට ශක්තිය ලැබේවා!(ස)
ඇයි දෙයියනේ අලුතෙන් බස් දාන්නත් මෙයාලගෙත් අවසර ගන්න වෙලා නේ (ස)
මාර වැඩක්නේ මේක... (නි)
ලංගම රැකුනොත් තමයි හොඳ (ස)
අයියෝ සල්ලි
මගීන්ට අවශ්‍ය වන්නේ කලට වේලාවට කාල සටහනක් අනුව දුර බස් ගමන් සේවාවක් මිස ගාටන බස් සේවාවන් නොවේ. ලෝකයේම ගාටන බස් සේවා තිබෙනවා නම් ඒ ලංකා පුද්ගලික සේවයයි. "ඔහේලට හදිසි නම් කාර් එකක් අරන් යන්න" යයි කියා මගීන්ට අපහාස කරන පුද්ගලික රියදුරු කොන්දොස්තරලා ලංකාවේ ඕනෑ තරම් දැකිය හැකියි. කාර් අරං යන්න පුළුවන් නම් මොවුන්ගේ ගාටන බස්වලට මගීහු නගීද ? ලංගමය යනු ජනතාව වෙනුවෙන්ම කැපවූ ප්‍රවාහන සේවයකි. එය විධිමත් සේවාවක් මගීන්ට ඉටුකරනවා නම් අපට මොන පුද්ගලික බස්ද? අපට අනුව කිසිවිටකත් රාජ්‍ය ප්‍රවාහන සේවයක් පුද්ගලික බස් සේවාවලට යටවියයුතු නැහැ. ඔවුන්ට තිබෙන එකම විකල්පය නම් හැටන් - අම්පාරට හොද බස් සේවාවක් ලබාදී පෙන්වීමටයි. ඔවුන් මගී සේවයට වඩා ආදායම ලොකුවට සලකනමුත් මගී ජනතාව ඔවුන්ගේ ආදායම වෙනුවෙන් බිල්ලට දීමට රජයට හැකියාවක් නැත. (නි)
තරඟකාරීත්වයෙන් පහසුව, වාසිය සැලසෙන්න ඕනේ මගීන්ටයි (ස)
ඇත්තමයි පෞද්ගලික බස් මොකටද? අනික පෞද්ගලික බස් 22ක් දුවන පාරේ එක ලංගමයි. මරු. ඇත්තටම පෞද්ගලික බස් තියෙන කස්ටිය පොඩ්ඩක් අයින් වෙලා ඉන්නකෝ. රු.14 දුරට 20ක් දුන්නොත් ඉතුරු හතර දෙන්නේ නැහැ. බැරිවෙලාවත් අපේ අතින් රුපියලක් අඩුව සල්ලි දුන්නොත් කොන්දොස්තරලා ,අපෙ අම්මලා තාත්තලා මතක් කරනවා. එහෙවු එකේ ප්‍රවාහණ ඇමතිතුමනි. කෙළින් තීරණයක් අරගෙන,මේ අයට දෙකක් ඇනලා කූඩුවට දාලා ලංගම බස් එකට යන්න ඉඩ හදලා දෙන්න. (නි)
අපිට ඕන ලංගම බස් මිසක් පෞද්ගලික බස් නෙමෙයි (ස)
අනේ මන්දා දැන් ලංකාවටම කම්පනය වගේ (ස)
අපිට ඕනි ලංගම (ස)
මේක පුදුම වැඩක් වුණානේ දැන්? (නි)
අපි සැමදා ලංගමට ආදරෙයි , හැබැයි ඉතින් තියෙන බස් හරිනෑනේ...(ස)
සීටීබීයට ජය වේවා! (නි)
අයියෝ, රටේ හැමතැනම ඔස්ටියෝපොරෝසීස්?(ස)
ඔවු ඉතින්. නුවරට යනකොට පැය 6ක් විතර කොට කොටා යන්න බැරිවෙනවනේ (නි)
මෙයාලට එක බස් එකක් හින්දා ඔච්චර පාඩු නම් ලංගමට ඇති බය ඕකෙන්ම පෙනෙනවා නේද? (නි)
ඉතින් ලංගම වහලම දාලා එයාලටම දුන්නා නම් ඉවරනේ (නි)
ඇමතිතුමනි, ඔබතුමා මැදිහත් වෙලා මේ බස් දෙක කොහොමහරි දාන්න (නි)
සරසවි මාෆියාව නැතිකළ සේම පෞද්ගලික බස් මාෆියාවද නැති කළ යුතුයි. (නි)
හප්පේ මෙයාට ගිය රට ඇත්තමට ලංකාවත් දැන් කපනෙ වගේ. කොන්ද පණ නැති රටක් (අ)
ලංකාවේ රජයක් කියල එක්ක තියෙනව නේද? පුදුම දෙයක නේ මේක රජයේ බස් කොහොම දිව්වම මොක ද? මේවට ඉඩ දුන්නම තමා අසරණ මිනිස්සු හූරං කන්නෙ.(ස)
ලංගම දිවුවොත් පෞද්ගලික බස් වලට ටික්කෝ ගහන්න බැහැනේ. (නි)
තව ටික දවසකින් මෙයාලා පොලිසි, උසාවි එහෙමත් වහන්න කියයිද දන්නෙ නැහැ නේද? (නි)
අනේ ප‍්‍රවාහන ඇමතිතුමනි, මෝඩ මිනිසුන්ගේ ගොන් වැඩ වලට අසු නොවී වැදගත් කාටත් සුබදායි කෙළින් තීරණයක් ගෙන මෙම ප‍්‍රශ්නය විසඳන්න. ඔබ තුමාගේ යුතුකම මඟීන්ට කාර්යක්ෂම සහ මඟීන්ගේ කාලය මහමඟට කා නොදමා සහනදායි සේවයක් සැපයීම බවත්, පෞද්ගලික බස්හිමියන්ගේ සාක්කුව තරකිරීම නොවන බවත්ය. තවද මෙම ප‍්‍රශ්නය විසඳීම ඔබතුමාගේ වගකීමකි.(ස)
අනේ ප‍්‍රවාහන ඇමතිතුමනි, මෝඩ මිනිසුන්ගේ වැඩ වලට අසු නොවී වැදගත් කාටත් සුභදායි කෙළින් තීරණයක් ගෙන මෙම ප‍්‍රශ්නය විසඳන්න. ඔබතුමාගේ යුතුකම මඟීන්ට කාර්යක්ෂම සහ මඟීන්ගේ කාලය මහමඟට කා නොදමා සහනදායි සේවයක් සැපයීම බවත්, පෞද්ගලික බස්හිමියන්ගේ සාක්කුව තරකිරීම නොවන බවත් සිහිතබා ගන්න. තවද මෙම ප‍්‍රශ්නය විසඳීම ඔබතුමාගේ වගකීමකි. (නි)
පුද්ගලික බස් ලංකාවේම නැතිකර ලංගම බස් දැම්මනම් හොඳයි . කවදාවත් ඉතුරු සිල්ලර කාසි දෙන්නේ නැහැ .ගාස්තුව රු .16.00ක් නම් ඉතිරි රු .4.00 දෙන්නේ නැහැ .මේ විදිහට හුරලා කාල තමයි පාඩුව දුවනවා කියන්නේ (ස).
රජයත් පුද්ගලීකකරනය කරල මේ ගොල්ලන්ට බාර දුන්න නම් හරි බා ගෙන කන්න තියන වල ඉහගෙන කනවයි කියන්නෙ මේවටද මන්දා (ස)
මේක හැටන් ඩිපෝවේ බස් එක්ක නම් වෙන්න බැහැ. (නි)
පුද්ගලික බස්කාරයෝ කරන්නේ මහජනයා සූරාකන එකයි (නි)
මේක නාවලපිටිය ලංගමයක් නේද? (නි)
මෙය පිටුපස ඇති ප්‍රබල හස්තය කුමක්ද ? (ස)
ඔන්න වෙල්ගම ඇමතිතුමා නැති එකේ පාඩුව... (නි)
වැරදි ආදර්ශයක්..ලංගම බස් හැම පාරකම තිබිය යුතුයි (ස)
මේ වගේ මිනිස්සු තියන්න වටින්නෙ නැහැනේ ඉතින් (නි)
මේ මිනිස්සුන්ට පිස්ස් හැදිලද මන්දා? (නි)
ඒ කියන්නේ පෞද්ගලික බස් 22ටම වැඩිය එක ලංගමයෙන් වාසියි. (නි)
මේ මාෆියාවෙන් අපිව ගලවගන්න ඉන්නේ අපේ ආරක්ෂක ලේකම්තුමා විතරයි. මොන ඇමති ආවත් මෙයාලා තමන්ට ඕනෑ දේ ගන්නවා. මගියාට සහනයක් නැහැ. පාරේ වරු ගණන් කොටනවා.මිනිස්සුන්ගේ කාලේ කන එව්වා,කරච්චල් රේඩියෝ,ඒ සී බාගෙට දාගෙන යන ඒවා කාටවත් පේන්නේ නැහැ. පෙනුනත් අහක බලාගෙන ඉන්නවා. (නි)
එඩිතරව මුහුණ දීමට ප්‍රවාහන ඈමති වරයාට ශක්තියක් ඇතිවේවා! (ස)
පුද්ගලික බස් හිමියන්ට වැඩිය නටන්න දෙන්න එපා (නි)
අනේ ඇත්තට? ඔය බස් එක යටට වෙලා ඉන්න කෙනාට ඇදලා අරන් දෙකක් දෙන්න හිතෙනවා මට. (නි)
ගරු ප්‍රවාහන ඇමතිතුමනි, පුද්ගලික බස් හිමියන්ගේ තර්ජන වලට බිය නොවන්න (නි)
ප්රවාහන ඇමති තුමනි.පෞද්ගලික බස් සේවය නවතා රජයේ කලින් තුබුණා වගේ ලංගම මගින් ප්‍රවාහන සේවය ලබා දෙන්න, දැන් යුද්දයක් නැහැ. ඕන තරම් බස් මිලදී ගන්න පුළුවන් (ස)
එක්කෝ මෙයාලා හොඳ සේවයක් කරන්න ඕනි. නැත්නම් ලංගමට අවස්ථාව දීලා පැත්තකට වෙන්න ඕන (ස)
අම්පාර ඉදන් මහියංගණට හැටන් බස් එක පැය 02න්. පුද්ගලික බස් පැය 03න්. පුලුවන් නම් තව හැටන් බස් 10ක් දාන්න නුවර අම්පාර අතර. (නි)
මමත් කියන්නේ පෞද්ගලික බස් අපිට අවශ්‍ය නැහැ. එයාල සල්ලි හොයන්න කොච්චර නම් වේගයෙන් යනවාද.ඇත්තටම සමහර වෙලාවට පිස්සො වගේ තමයි හැසිරෙන්නේ . රජයට පුලුවන්නේ රාජ්‍ය ප්‍රවාහනය දිරිමත් කරලා මේවා නැති කරන්න...(ස)
ලොව සිටින කපටිම ජාතිය පෞද්ගලික රියදුරන් සහ කොන්දොස්තරවරුනුයි. (නි)
පුද්ගලික බස් මිනිස්සුන්ට ඔනෑ වෙලාවට නෑ..ලංගම විතරයි රෑට වැඩ කරන්නේ..තව පුළුන්නම් ලංගම බස් දෙක තුනක් දාන්න...(ස)