(ප්‍රසාද් රුක්මල් )

ශ්‍රී  ලංගම වැල්ලවාය ඩිපෝවට අයත් බස්‍ රථයක් බණ්ඩාරවෙල  ප්‍රධාන බස්‍ රථ නැවතුම්පොළේ රාත්‍රි ගාල්කර තිබියදී සොරාගෙන ගොස් දියතලාව වැලිහෙලගම ප්‍රදේශයේ අතරමග දමාගොස් තිබියදී අද (25) උදෑසන සොයාගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි .

බණ්ඩාරවෙල මාතර අතර ධාවනය වන මෙම වැල්ලවාය ඩිපෝවට අයත් ශ්‍රීලංගම බස් රථය බණ්ඩාරවෙලින් උදෑසන 6.45 ට මාතර බලා ධාවනය වන අතර, බස්‍ රථය මාතර බලා ධාවනය කිරිමට සූදානම් කර රියැදුරු බස්‍ රථය බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන බස්‍ රථ නැවතුම්පොළේ රාත්‍රි ගාල්කර ගිය අතරතුරේ කිසිවකු විසින් මෙසේ බස්‍ රථය සොරාගෙන ගොස් ඇතයි පොලිසිය සදහන් කලේය .

මේ සම්බන්ධයෙන් බස්‍ රථ රියැදුරු බණ්ඩාරවෙල පොලිසියට පැමිණිළි කර ඇත.

අනතුරුව පොලිස් නිළධාරින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පවත්වා සොරාගන්නා ලද ශ්‍රීලංගම බස් රථය දියතලාව වැලිහෙලගම ප්‍රදේශයේ අතරමග දමාගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.

අදාල සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට ආරක්ශිත කැමරා දර්ශන ඔස්සේ පරීක්ෂන කටයුතු සිදු කරන බවත් පොලිසිය පවසයි .