රංජිත් රාජපක්‍ෂ
ගිනිගත්හේනේ සිට ලංගම බස් රථයක් ලූහුබැද ගිය මෝටර් රථයක් අඩිතිහක් පමණ ප‍්‍රපාතයට පෙරලි අනතුරක් සිදුවී ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
අද (20) හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පිටවල පෞද්ගලික ජල විදුලිබලාගාරය අසල මෙම අනතුර සිදුවී ඇත.
නුවරඑළියේ සිට හැටන් හරහා ගාල්ල දක්වා ධාවනය වන උඩුගම ඩිපෝවට අයත් බස් රථයේ රියදුරාට තම නිවසට ලිපියක් භාර දිම සඳහා මෝටර් රථයේ රියදුරු බස් රථය ලූහු බැඳ යෑමේදී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.
අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර අධීක වේගය අනතුරට හේතුවි ඇති බව පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිපිය පත්තරෙන්ම කියවා ගන්න තිබ්බ ඉවසීමෙන් හිටියා නම් පත්තරේට දැම්මනම් ඉවරයි ලිපිය
කාටවත් තුවාල නොවී බේරුන එක හොදට ගිය. ඉන්දියන් කාර් එකක් උනා නම් ඔක්කොම මැරිලා.
මෝඩ කොකෙක් ඉල්ලගෙන පරිප්පු කාලා !!!
අයියෝ ඔය ලියුම තැපැල් කරා නම් ඉවරයිනේ