(සුජිත් හේවාජුලිගේ )
කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් විනය විරෝධී ලෙස හැසිරී ඇතැයි පැවසෙන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානියා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන් පසු ඔහු නියමිත කාලයටත් පෙර විශ්‍රාම යෑමට තීරණය කර ඒ බව පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇතැයි වාර්තාවේ.
ඔහු විශ්‍රාම යෑමට නියමිතව ඇත්තේ මේ වසර අවසානයේදීය.
එම නිලධාරියා සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති චෝදනා සනාථවී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීමට සිදුවන බව පාර්ලිමේන්තු ප්‍රධානීන් දැනුම්දී ඇත. ඔහු කල් තියා සේවයෙන් විශ්‍රාම යාමට තීරණය කර ඇත්තේ ඒ අනුවය.
කෙසේ වෙතත් ඔහුට කල් තියා විශ්‍රාම යාමට ඉඩදෙනවා නම් කතානායකවරයා ඒ පිළිබඳ තීරණයක් ගතයුතු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
එම අංශයට නිලධාරිනියන් බඳවා ගැනීමේදී සහ නිලධාරිනියන්ට උසස්වීම් පිරිනැමීමේදී ලිංගික අල්ලස් ඉල්ලා ඇතැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි රැසක් ඉදිරිපත් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු ප්‍රධානීහු එම නිලධාරියා සම්බන්ධයෙන් පසුගියදා විමර්ශන ආරම්භ කළහ.
මෙම නිලධාරියා මෙවැනිම චෝදනාවක් සම්බන්ධයෙන් මෙම නිලධාරියා කාලයකට පෙර වැඩ තහනමට පවා ලක්ව සිටියේය.
කෙසේ වෙතත් හිටපු නිලධාරියකු ඔහුට විරුද්ධව විනයානුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් යළි සේවයේ කටයුතු කිරීමට ඔහුට අවස්ථාව සැලසුණු බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීල හරියට ඉන්න එපායැ නිලධරයෝ හදාගන්න. හොරු කප්පම්කාරයෝ ගෑනු ප්‍රේතයෝ උන්ගේ ආදර්ශයට අරගෙන....
වැරදි කරාත් හොරකම් කරලා මාට්ටු වුණත් හිරේට දාන එකම රට ලංකාව
ඕන ඔට්ටුවක්, විශ්‍රාම යන්න ඉඩ දීල විශ්‍රාම වැටුප ,පාරිතෝශිතය සේරම ගන්න ඉඩ දෙනව ඔය දූෂිත කතා නාකය, සාමාන්‍ය රජයෙ සේවකයෙකුට කරන විදියට නොකර මොකද මෙතන කතානායකට තීරක බලය?
හිරේ යන්න ඕන එකා යන්නේ ගෙදර මේකනම් අමුතුම රටක්
ලිඛිත සාක්ෂි තියෙනවායි කියන්නේ, මිනිහා ලිංගික අල්ලස් ඉල්ලලා තියෙන්නේ ලියුම් ලියලාද?