
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
රුපියල් ලක්ෂ 1800 කට ආසන්න වටිනාකමකින් යුත් මත් ද්‍රව්‍ය හා මත් පෙති තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝපත්ත දහන උදුනේදී මිගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය ඉදිරියේදී පුළුස්සා විනාශ කිරීම සිදුවිය.
මෙලෙස විනාශ කිරීම සිදුවුයේ ගුවන් ගමන් රැගෙන විත් තිබු හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණ කටයුතු අවසන් වු මත් ද්‍රව්‍ය හා මත් පෙති තොගයකි.
අදාල තොගයේ අයිස් කිලෝ 13 ය ග්‍රෑම්ස් 22 ක් ,කොකෙන් කිලෝ 2 ග්‍රෑම්ස් 30 ක්,කුෂ් කිලෝ 39 ග්‍රෑම්ස් 710,හෙරෝයින් ග්‍රෑම්ස් 156 ක්,ගංජා හා හෂීස් කිලෝ 4 ග්‍රෑම්ස් 200 ක්,මත්පෙති 26,262 ක් ලෙස මෙලෙස විනාශ කිරීම සිදුවිය.
අදාල මත් ද්‍රව්‍ය හා මත්පෙති තොගය මත් ජවාරම් වල නිරත වන්නන් ගුවන් මාර්ගයෙන් හා විවිධ ආකාරයෙන් රැගෙන ඒමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවේ විභාග වි අවසන් වු නඩු 60 කට ආසන්න ප්‍රමාණයක ඒවා බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd