(එම්.සුසිල් පියන්ත)

ඝාතනය කොට ගිං ගඟේ කොන්කීට් කණුවක් දෙපාවල ගැට ගසා පාවෙමින් තිබුණේ අහුන්ගල්ලේ ලොකු පැටීගේ වෙඩික්කරු බවට හදුනාගෙන ඇතැයි පෝද්දල පොලීසිය කියයි.

ලොකු පැටීගේ වෙඩිකාරු වන අහුන්ගල්ලේ පදිංචි තාරුකාර විරාජ් රශ්මිත ද සිල්වා ගේ සිරුර බව මේ වනවිට ඔහුගේ අනියම් භාර්යාව විසින් හදුනාගෙන ඇතැයි පොලීසිය කියයි.

ඔහු ලොකු පැටීගේ නියමය පරිදී මීට වසරකට පමණ උඩදී කොස්ගොඩ සුජී පාර්ශවයේ හිතවතකුට අහුන්ගල්ල නගර මධ්‍යයේදී වෙඩි තබා ඇති බවද පොලීසිය කියයි.

මේ වෙඩි තැබීමේ පලිය ගැනීමට ඔහු ඝාතනය කොට ගිං ගගේ පාවීමට සලස්වන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

පෝද්දල පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.