
සම්බුද්ධ ශාසනයට මෙන්ම මෙරට ශාසන ඉතිහාසය ඉතා වැදගත් සිදුවීම් රැසක් වූ පොහොය ලෙස පොසොන් පොහොය සැලකේ.
සිද්ධාර්ථ බෝධිසත්වයන් දුටු සතර පෙරනිමිතිවලින් තුන්වැනි නිමිත්ත වූ මළමිනියක් දර්ශනය වූයේ අද වැනි පොසොන් පුන් පොහෝ දිනයකයි.
බුද්ධත්වයෙන් දෙවැනි වර්ෂයේ දී ශාක්‍ය කෝලීය වංශ දෙකෙන් පැවිද්ද ලැබූ පන්සියයක් හිමිවරුන් හිරු බැස ගොස් පොසොන් සඳඋදාවෙද්දී සියලු කෙලෙසුන් නසා එකම මොහොතක මහරහත් ඵලයට පත් වීම සිදුවූයේ ද පොසොන් පොහෝ දිනයකයි.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස්හත් වසක් ඇවෑමෙන් තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු ධර්මාශෝක අධිරාජ්‍යාගේ අනුග්‍රහයෙන් මොග්ගලී පුත්තසිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රටවල් නවයකට ධර්මදූතයන් පිටත්කොට යැවීය.
මේ මහා භද්‍ර කල්පය තුළ බිහිවූ සතරවන සම්බුද්ධ රාජ්‍යයේ උරුමක්කාරයන් බවට ශ්‍රී ලංකාවාසීන් පත් කරමින් අනුබුදු මිහිඳු මාහිමියන් ඉත්තිය, උත්තිය, සම්භල, බද්ධසාල යන මහරහතුන් පිරිවරා ෂට් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේද භණ්ඩුක උපාසකද යන දූත පිරිස සමඟින් උදේනි නුවර සිට මිස්සක පව්වට අහසින් වැඩම කළේ අද වන් පොසොන් පොහෝ දිනකය
සම්බුද්ධ වචනය අවබෝධ කරගැනීමට තරම්වන මුහුකුරා ගිය බුද්ධියක් රජු වෙත ඇත්දැයි පිරික්සනු වස් අසා වදාළ අඹ සහ නෑයින් පිළිබඳ ප්‍රශ්න ලක් ඉතිහාසයේ පළමු බුද්ධි පරීක්ෂණය ලෙස හඳුන්වා දිය හැකිය. අනතුරුව දෙවන පෑතිස් මහරජතුමන් ප්‍රමුඛ සතළිස් දහසක් පිරිවරට චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කරමින් ලක්දිව සම්බුදු සසුන අදවන් පොසොන් පුන් පොහෝ දිනයක පිහිටුවන ලදි.
සුමන සාමණේරයන් ලවා දසදහසක් සක්වල දෙව් බඹුන් සවන් වැකෙන මානයට කාලඝෝෂා කරවා මේ ලක්බිමට කැඳවා සමචිත්ත පරියාය සූත්‍රය ඇසුරුකොට ධර්ම දේශනා කළ පසු බොහෝ දෙව් බඹුන් නිර්වාණාවබෝධයෙන්ද තවත් පිරිසක් මාර්ගඵලාවබෝධයෙන් ද සැනසීම ලැබුවේ අසිරිමත් පොසොන් පොහෝ දිනයකය. සම්බුද්ධ නියමය අනුව උපාධ්‍යායන් වහන්සේලා පස් නමක අභිමුව භණ්ඩුක උපාසක පැවිදි කොට උපසම්පදාවෙහි පිහිටුවමින් ලක්දිව භික්ෂු ශාසනය පිහිටුවීමද පොසොන් පුන් පොහෝ දින දී සිදුවිය.
ජාතික සංස්කෘතික අනන්‍යතාවයේ මූලාශ්‍ර
පොසොන් පෝය නිසාම ලංකාව ධර්මද්වීපයක් ලෙස ප්‍රකටවිය,මහින්ද හිමියන් සමග වැඩම කල සංඝමිත් මෙහෙණිය රැගෙන ආ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ත්‍රිපිටකය සිංහළ භාෂාවට නැගීම විහාරස්ථාන ඉදිකිරීම යන සියල්ල මෙම පොසොන් සිද්ධියෙන් ආරම්භ වූ දායාදයන්ය, අද අපේ චිත්‍ර මූර්ති , සාහිත්‍ය උත්සව සහ පූජා චාරිත්‍ර බොහොමයකට මූලික වී ඇත්තේ මෙම බෞද්ධ පදනමයි.
මිහින්තලේ ජාතික වන්දනා පුදබිම..
පොසොන් සමයේ මිලියන ගණනක බැතිමතුන් අනුරාධපුර මිහින්තලේ රාජ මහා විහාරයට රැස්වෙති,පොසොන් වන්දනාව යනු ලොව විශාලතම ආගමික වන්දනා ගමන් වලින් එකකි. සුදු වස්ත්‍රයෙන් සැරසී සිල් රැගෙන දානමය පුණ්‍ය කර්ම වල යෙදෙන ජනතාව තුල දක්නය ලැබෙන ඉවසීම සහ සමගිය ලාංකීක සමාජයේ අද්විතීය ලක්ෂණයකි.
අදටත් අදාළ පණිවිඩය..
මහින්ද හිමියන් මෙරටට ගෙන ආවේ ආයුධ නොව මෙත්තා කරුණා, ප්‍රඥාව සහ සාමය පිළිබඳ පණිවුඩයයි, වර්ග බේද වලින් තොරව මිනිසා මිනිසාට කරන ගෞරවය එහි හරයයි,ආර්ථික හා සමාජ අභියෝග මැද සිටින අද ,පොසොන් පෝය අපය සිහිපත් කරනුයේ ඉවසීම ,පරිත්‍යාගය සහ එකමුතු කමේ වටිනා කමයි.,
කෙටියෙන් කිවතොත් පොසොන් පෝය යනු අතීතයට කරන ගෞරවයක් පමණක් නොවේ,එය අප කවුද ,අපේ සංස්කෘතියේ මුල් කොහේද යන්න පිළිබඳ ජාතියක් ලෙස නැවත තහවුරු වීමකි,එම නිසා සෑම පොසොන් පෝය දිනකම සමරන්නේ ශ්‍රී ලාංකීක බෞද්ධ අනව්‍යතාවය සුරකින ජීවමාන උරුමයක් ලෙසිනි
අන්තර් ජලය ඇසුරිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd