හිටපු ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා ඔහුගේ පුත් පසඳ යාපා අබේවර්ධන නව රජයට එක් කර නොගන්නැයි කියමින් එජාප හා ශ්‍රීලනිපයේ පාක්ෂිකයෝ පිරිසක් තිහගොඩ නගරයේ අද (18) උද්ඝෝෂණයක් ඇරැඹුහ.
එජාප පාක්ෂිකයෙක් වහලකටද නැඟ ඊට සහාය දෙයි.
අපේ ජනාධිපතිවරයෙක් දැන් සිටින බවට හිටපු ඇමැති කළ ප්‍රකාශයත් සමඟ ඔහු රජයට සහාය දක්වන බව පෙනේ යැයි උද්ඝෝෂකයෝ කියති.
ඌරු බොක්ක හා මාකඳුරේ ද ඊට පෙර මෙවැනි උද්ඝෝෂණ සංවිධාන කැර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි සිරිසේන මහත්තයට ඡන්දෙ දුන්නේ අවස්ථාවාදී දේශපාලනයට තිත තියන්නයි. මේ වගේ ගුණ මකු දේශපාලකයන් මුලිනුපුටා දමනු පිනිසයි. මෙයාගේ ගුණමකු කම ඔප්පු වෙන තව කාරණයක් තමා සිය පුතා විසින් පාවිච්චි කල මෝටර් රථය පවා අන්තිමට වික්කේ මල් ශාලාවකට,මිනී ගෙනියන්න. මේ තමා ඔවුන්ගේ කෘත ගුණ සැලකීම (නදී)
කරපු දේවල් වලට ගස් බඳින්නයි තියෙන්නේ (නදී)
මහජනතාවට අවශ්‍ය පාලකයෝ පත්කර ගන්න මහජනතාවටම ඉඩ සලසලා දුන්නනම් මේ ප්‍රශ්න නෑ. පක්ෂ මාරු කරන හැමදාම බලයේ ඉන්න හදන අයට මහජනතාව පාඩමක් උගන්නාවි (දිල්)
ඔව්, එපා. අපෙත් විරෝදය. (නදී)
පද්මසිරි ඔබතුමාගේ කියමන මා අගේ කරමි (නදී)
අපගේ දකුනේ මිතුරනි, ඊළගට එන මැතිවරණයේදී මේ දෙපලම දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි. මොකද මේ අැමති තමයි සුන්දර නමක් දාලා ක්‍රමෝපායන පනත් නමින් ජේම්ස් පෙකර්ට කැසිනෝ අරගෙන එන්න අවස්ථාව හදල දුන්නේ. (නදී)