වීවාහයෙන් පසු මහගෙදරට ආ මනාලිය සියල්ලන් සමග සුහදව කතා කර නිදන ඇඳුම පිටින්ම පැරණි පෙම්වතා සමග ගිය සිද්ධියක් ගම්පොල ගමකින් වාර්තා වේ.
මගුලට අඩු ගණනේ රුපියල් ලක්ෂ හතරක්වත් වියදම් වන්නට ඇත.
පොලිසිය මනාලිය හා ඇගේ පෙම්වතා පොලිසියට රැගෙන ආ නමුත් ඇය භාර නොගන්නා බව මනාලයා කියා ඇත.
වියදම් වූ මුදල් හා අපකීර්තියට වන්දි ඉල්ලන බව ද ඔහු කියා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කලින් එක්කෙනාට ඇත්තටම ආදරය කළා නම් පැනලා යන්න තිබුනේ බදින්න කලින් හරි කැන්දන් යන්න කලින් හරි. මෙතන වෙලා ඇත්තේ මනමාලයට මුහුණ දෙන්න බැරි වුන එක වෙන්න ඇති. (නි)
මනාලයාගේ පින,මනාලියගේ පව. (නි)
ඔය වගේ වැඩ කරන ගැහැනු අයට නිදන ඇදුමත් නැති වුනා කිව්වත් ඒකත් පුදුම වෙන්න දෙයක් නෙමෙයි. (නි)
රුපවතී,නිකන් බොරුවට ඉස්මයිල්ට කෑගහන්නේ ඇයි? (නි)
බලෙන් කසාද බැන්දුවම මේ වගේ දේවල් වෙනවා .(නදී)
අනේ මන රන්ජනී , වමට සිග්නල් දාලා දකුණට හරවන වාහන වලට මොන පව් පින්ද ?(නදී)
ඔබ එක මුල්ලක හිටියා එයා තව මුල්ලක හිටියා
මනමාලි ගෙනත් ගෙනාපු වැඩේ කරගත්තනම් මේක එතරම් ලොකු දෙයක් වෙන්නේ නැහැනේ. ලක්ෂ ගණන් දීල බෙරගපු හින්දනේ ඔය අපකීර්තිය. ඕකනේ අපි හඳපානේ හෙමිහිට එක්කගෙන ආවේ.(නදී)
මලයෝ, උඹ ලක් කාරයා. තව ඩින්ගෙන් උඹට වෙන්න ගිය ඇබැද්දිය දන්නේ දෙයියෝ තමා.දැන් දාපන් ලක්ෂ 5ක විතර පාටියක් අපායෙන් ගැලවුන ප්‍රීතිය කියලා. (නි)
ගැනු ගැන කියලා වැඩක් නොමැත (අ)
ඔය වගේ ගැනු නිසා අනිත් ගැනුත් ඒ ජාතියට වැටෙනවා. ඔය ගෑනි මනමලයගෙන් විතරක් නෙවේ මට්ටු වෙන්නේ පරණ පෙම්වතගෙනුත් මට්ටු වෙනවා පස්සේ යේ හොයන එන්න වෙන්නේ තමන් කසාද බැදපු මිනිහම තමා. පිරිමින්ටත් එක්ක තමා කියන්න ඕනි ගැනු විතරක් නෙවේ පිරිමිත් එහෙම තමා. (අ)
ඉස්මයිල් ...? මමයි රජා වගේ කතා කරන්නේ ....ඔයාල කරන්නේ මේකේ අනික් පැත්තනි නේද .....? අපිට බැහැ කාගෙවත් පවට පින් දෙන්න ...? (අ)
කොහම අපේ ගමේ වැඩ. සන්තොසි. (අ)
කියල තියන ඔක්කොම ඇත්ත. ඔබ බේරුනා.(නදී)
ලක්ෂ හතර වගේම මල්ලි අනාගතය.මල්ලිගේ ජීවිතයම බේරුණා කියලා හිතා ගන්න.බදින්න කලින් හොයලා බලපු නැති එකේ වරද? (අ)
ගෑනු ඔහොම්මයි, පව් අසරණ පිරිමි.(නදී)
පව් ඒ කෙල්ල, ඉස්සැල්ලා ආපු කනට වඩා පස්සේ ආපු අග ලොකු වෙලා. හොද කෙල්ල. මොනවා වුනත් බලෙන් බන්දලා දීපු එකක් නම් මෙහෙම කරපු එකම තමයි හොද. ප්‍රතිචාර දාපු සහෝදරයිනේ ඇත්ත නැත
ඉස්සර ගම්පොලින් මේ වගේ දේවල් ඇහුනේ නැහැ. දැන් පත්තරවල නිතරම ගම්පොල මේ වගේ දේවල් තියනවා. අනේ අපේ ගමට වෙච්ච දේ.(අ)
කෙල්ලෙක් හරි, කොල්ලෙක් හරි බදින්න ඕනේ තමන් කැමති කෙනාව. කේන්දර බලලා ඕවා කරන්න ගියහම ඔහොම දේවල් වෙනවා.(නදී)
පෙම්වතාගේ අනුදැනුම මත ඇයි මෙච්චර කලක් තවත් පවුල් ගොඩක් අමාරුවේ දාගෙන මෙහෙම දෙයක් කලේ . කලින්ම යන්න තිබුනා නේද? ඔය විදිහට කියන කියන නිර්ලජ්ජිත දේවල් දිගටම කලොත් නවතින්නේ හොඳ මඩම් වල නොවේ. මෙතන පෙම්වතාත් වැරදි නේද ? (නි)
සැකේ වාසිය පිතිකරුවාට.(නදී)
කොන්ද පන තියෙන මනමාල මහතයෙක් (නි)
මනමාල මහත්තයෝ, නුඹ බේරුනා. (නි)
හැමෝම මේක දිහා උපහාසෙන් බැලුවට මේකෙන් අපිට කියන්නේ දෙමව්පියන් දරුවන්ගේ කැමැත්තට මීට වැඩිය ඉඩ දිය යුතුයි කියලා. නම ගමවත් නොදැන කසාද බැදපු දෙමව්පියෝ දරුවෝ කසාද බැඳලා දෙනකොට හතර කේන්දරේ බලනවා හත්මුතු පරමපාවේම. දැන්වත් මේ විහිලුව නවත්වමු. මේ වගේ දේවල් නොවෙන්න වග බලාගමු. කේන්දර පස්සේ නොදුවා සැබෑවට ජීවිතය දකින පෙම්වතුන්ට එකතු වන්නට ඉඩ හරිමු. දරුවෝ ඉන්නේ දෙමව්පියන්ගේ සිහින ඉටු කරන්න පමණක් නොවෙයි. ඔවුනුත් මනුෂ්‍යයෝ. (දී)
ඔයා මුලින්ම ඔහොම බේරුන එක හොඳයි, ගන්න නම් එපා ආයෙත් ගෙට (නි)
සොඳුරු ගැහැණුන් රසය දනිතී.. රසය වැඩි තැන් සොයා ඇදෙතී.. (නි)
අනේ ඉතින් අපි දෙන්නට මේ තුන් සරණේ සරනයි. (නි)
රසය ගුණය ඇති තැන බලා ආපසු එයා ගියා. නුඹ නාඩන් අලුත් මනමාලයා. ඔබ බේරුනා කියල හිතා ගන්න.(නදී)
මේවාට එක හේතුවක් තමා වර්තමානයේ විකාශනය වන ටෙලි නාට්‍ය. ඕවා බලලා තමා ඔය හපන්කම් එහෙම ඉගන ගන්න ඇත්තේ. යන්න යන එකාට යන්න දීලා නිදහස් වෙන එක හොඳයි. ගැටගහලා තියාගත්තත් වැඩක් නැහැ.(නදී)
දැන්ම මේක වුන එක හොඳයි. ඔයා බේරුනා මහත්තයෝ. වෙන එකක් බලමු. සල්ලි ටික තමයි වැඩේ. (නි)
"මම හිතුවේ මේ ගෑණි බැන්දට පස්සෙවත් මම නිදහස් කියලා. දැන් ඉතින් කරගහපන්කෝ" පරණ පෙම්වතා මෙහෙම හිතනවා ඇති දැන් (නි)