රුපියල් ලක්ෂ දහ අටක් පමණ වටිනා රන් බිස්කට් තුනහමාරක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ මදුරෙයි බලා යාමට උත්සහ කළ ඉන්දියන් ජාතික රෙදිපිලි ව්‍යාපාරිකයින් දෙදෙනෙකු කටුනායකදී රේගු නිලදාරීන් විිසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් රන් බිස්කටි වල බර ග‍්‍රෑම් 350 කි.
සැකරුවන් දෙදෙනා රෙදිපිලි ව්‍යාපාරිකයින් ලෙසින් ඊයේ මෙරටට පැමණ ඇති අතර අද සවස ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් එස්.ජී 3310 ගුවන්යානයෙන් යලි ඉන්දියාව බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජෙවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරී ටී වැලිකල මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන ජී.ඩබිලවි.එමි ප‍්‍රසාදී, එන්.ඞී හෙට්ටිආරච්චි , රුවන් අල්විස්, පී.ජී ගුණවර්ධන, සී.පී බෝපගේ, අසංක ප‍්‍රියදර්ශන යන නිලධාරීහු සිදු කරති.
මේ පිළිබඳ රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එම්. පාස්කරන් මහතා විිසින් සිදුකිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුද මාර්ගයේ හිරවෙන්නේ නැතිව රේගුවේ හිර වුණේ කොහොමද....? (නි)
දියුණු රට වල මොන තරම් දේ රේගුවෙන් ඇල්ලුවත් එහි වටිනාකමින් සියට ගණනක් පමනයි ගන්නේ. (නි)
දැන් ගුද මාර්ගය හතරැස් වෙලා ඇති. (නි)
ඔය අල්ල ගන්න රත්තරන් වලට මොකද වෙන්නේ? (නි)
මේ මාර්ගයේ ට්‍රැෆික් නැත. (නි)
අර ඊයේ පෙරේදා රේගුවේ කොතල හිඹුටු හිර උනා කිව්වා නේද? දැන් ඒවා බුරුල් වෙලා ගිහින් ද?(නදී)
පිස්සෙක්නේ,බිස්කට් කටේ දාගන්නේ නැතිව ඇයි ගුද මාර්ගයේ දාගත්තේ? (නි)
බී ළූණු වගේ මේවත් පුච්චයිද? (නි)