රුපියල් ලක්ෂ දහ අටක් පමණ වටිනා රන් බිස්කට් තුනහමාරක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ මදුරෙයි බලා යාමට උත්සහ කළ ඉන්දියන් ජාතික රෙදිපිලි ව්‍යාපාරිකයින් දෙදෙනෙකු කටුනායකදී රේගු නිලදාරීන් විිසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් රන් බිස්කටි වල බර ග‍්‍රෑම් 350 කි.
සැකරුවන් දෙදෙනා රෙදිපිලි ව්‍යාපාරිකයින් ලෙසින් ඊයේ මෙරටට පැමණ ඇති අතර අද සවස ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් එස්.ජී 3310 ගුවන්යානයෙන් යලි ඉන්දියාව බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජෙවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරී ටී වැලිකල මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන ජී.ඩබිලවි.එමි ප‍්‍රසාදී, එන්.ඞී හෙට්ටිආරච්චි , රුවන් අල්විස්, පී.ජී ගුණවර්ධන, සී.පී බෝපගේ, අසංක ප‍්‍රියදර්ශන යන නිලධාරීහු සිදු කරති.
මේ පිළිබඳ රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එම්. පාස්කරන් මහතා විිසින් සිදුකිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්ෂ දහ අටක රන් බිස්කට් රේගුවේ හිරවේ
බන්දුල Saturday, 13 April 2013 06:45 PM
ගුද මාර්ගයේ හිරවෙන්නේ නැතිව රේගුවේ හිර වුණේ කොහොමද....? (නි)
ගාමිණී Saturday, 13 April 2013 07:16 PM
දියුණු රට වල මොන තරම් දේ රේගුවෙන් ඇල්ලුවත් එහි වටිනාකමින් සියට ගණනක් පමනයි ගන්නේ. (නි)
කුමාර Sunday, 14 April 2013 05:09 PM
දැන් ගුද මාර්ගය හතරැස් වෙලා ඇති. (නි)
තිලක් Saturday, 13 April 2013 10:21 PM
ඔය අල්ල ගන්න රත්තරන් වලට මොකද වෙන්නේ? (නි)
කුරුවිට Saturday, 13 April 2013 11:15 PM
මේ මාර්ගයේ ට්‍රැෆික් නැත. (නි)
අජිත් Sunday, 14 April 2013 06:36 AM
අර ඊයේ පෙරේදා රේගුවේ කොතල හිඹුටු හිර උනා කිව්වා නේද? දැන් ඒවා බුරුල් වෙලා ගිහින් ද?(නදී)
නාමලී Saturday, 13 April 2013 04:52 PM
පිස්සෙක්නේ,බිස්කට් කටේ දාගන්නේ නැතිව ඇයි ගුද මාර්ගයේ දාගත්තේ? (නි)
රියාල් Saturday, 13 April 2013 04:53 PM
බී ළූණු වගේ මේවත් පුච්චයිද? (නි)